SKIP TO MAIN CONTENT

පර්ත් සහ පීල් කලාපවල lockdown එක ඉවත් කෙරේ, අලුතින් පැනවූ "අතුරු සීමාවන්" මෙන්න (SBS සිංහල/ වාර්තා)

වයිරසය තවමත් තිබිය හැකි බැවින් මෙලෙස ඇතැම් "අතුරු සීමාවන්" පැනවීමට සිදුවූ බවත් පසුගිය සතියේ සිටි ස්වභාවයට ප්‍රාන්තයට දැනට යා නොහැක්කේ එනිසා බවත් ප්‍රාන්ත අගමැතිවරයා පැහැදිලි කළේය.

WA Premier Mark McGowan has confirmed the state's lockdown will lift from midnight.
WA Premier Mark McGowan has confirmed the state's lockdown will lift from midnight. Source: AAP

3 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඇතැම් "අතුරු සීමාවන්" සමඟ දින තුනකට පැනවූ බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ පර්ත් මෙට්‍රොපොලිටන් කලාපයේ සහ පීල් කලාපයේ lockdown කාලය අද (26/04) මධ්‍යම රාත්‍රියේ සිට ලිහිල් කෙරෙන බව බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත අගමැති Mark McGowan පැවසීය.

ගතවූ පැය 24 තුළ බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයෙන් කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවුණු බවද බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත අගමැති Mark McGowan පැවසීය.


Highlights

  • අද (26/04) මධ්‍යම රාත්‍රියේ සිට සෙනසුරාදා (01/05) අලුයම 12.01 තෙක් පර්ත් සහ පීල් කලාපවල වැසියන්ට රාජකාරී සඳහා, පාසල් යාම සඳහා ඇතුළු ඕනෑම හේතුවකට තම නිවෙස් වලින් පිටවීමට අවසර ලැබේ.
  • නිවසින් බැහැරව යන ඕනෑම අවස්ථාවකදී සහ පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී මුව ආවරණ පැළඳීම අනිවාර්ය වේ.
  • නිවෙස් තුළ සහ නිවෙස් වලින් පිටත රැස්විය හැකි උපරිම පුද්ගල ප්‍රමාණය 20 කට සීමා කර තිබේ.

"මෙය ඉතා විශිෂ්ඨ ප්‍රතිඵලයක්, ක්ෂණික lockdown කිරීමෙන් අපට අවශ්‍ය ප්‍රතිඵලය ලැබී ඇති බව ඉන් පෙනී යනවා." යනුවෙන් ඔහු අද (26/04) පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

" මෙම ක්ෂණික lockdown කිරීමෙන් අපට අවශ්‍ය වූයේ වයිරසය ප්‍රජාව අතර සම්ප්‍රේෂණය වීම පාලනය කර ප්‍රාන්තයේ ප්‍රජාවගේ සෞඛ්‍යාරක්ෂාව සුරක්ෂිත කිරීමයි." යනුවෙන්ද බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත අගමැති Mark McGowan සඳහන් කළේය.

Members of the public are seen wearing masks in Yagan Square, Perth.
Members of the public are seen wearing masks in Yagan Square, Perth. Source: AAP

පර්ත් සහ පීල් කලාපවලට පැනවෙන අතුරු සීමාවන්

අද (26/04) මධ්‍යම රාත්‍රියේ සිට සෙනසුරාදා (01/05) අලුයම 12.01 තෙක් පර්ත් සහ පීල් කලාපවල වැසියන්ට රාජකාරී සඳහා, පාසල් යාම සඳහා ඇතුළු ඕනෑම හේතුවකට තම නිවෙස් වලින් පිටවීමට අවසර ලැබේ.

නිවසින් බැහැරව යන ඕනෑම අවස්ථාවකදී සහ පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී මුව ආවරණ පැළඳීම අනිවාර්ය වේ.

නිවෙස් තුළ සහ නිවෙස් වලින් පිටත රැස්විය හැකි උපරිම පුද්ගල ප්‍රමාණය 20 කට සීමා කර තිබේ.

රාත්‍රී සමාජ ශාලා සහ ගෘහස්ථ කායවර්ධන මධ්‍යස්ථාන තවදුරටත් වසා දැමේ.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


 

lockdown නීති ඉවත් කර ඇති බැවින් ප්‍රවේශම් සහගතව සිටින ලෙස බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත අගමැති Mark McGowan සිය ප්‍රාන්ත වැසියන්ගෙන් ඉල්ලා සිටියේය.

වයිරසය තවමත් තිබිය හැකි බැවින් මෙලෙස ඇතැම් "අතුරු සීමාවන්" පැනවීමට සිදුවූ බවත් පසුගිය සතියේ සිටි ස්වභාවයට ප්‍රාන්තයට දැනට යා නොහැක්කේ එනිසා බවත් ඔහු පැහැදිලි කළේය.

"කෙසේනමුත්, මෙම අතුරු සීමාවන් හරහා අපගේ ප්‍රාන්තය ක්‍රමිකව යථා තත්ත්වයට පත් කිරීමට ඉඩ සලසනු ඇති." යනුවෙන්ද ප්‍රාන්ත අගමැතිවරයා සඳහන් කළේය.

අනාගත තීන්දු

කොරෝනා වයිරසය බරපතල ලෙස පැතිරී ඇති ඇතැම් රටවලින් බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයට පැමිණීම තහනම් කිරීම පිළිබඳව සලකා බැලිය හැකි බව බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත අගමැති Mark McGowan අද (26/04) පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

"බ්‍රසීලය වැනි මේ වන විට ඉහළ කොරෝනා පැතිරීමක් ඇති රටවල් පිළිබඳ අප සලකා බැලිය යුතුයි." යනුවෙන් ද ඔහු පැවසීය.

"විදෙස් රටවල සිට පැමිණෙන කොරෝනා ආසාදිත පුද්ගලයින්ගෙන් අඩක් හෝ මේ වන විට අඩකටත් වඩා ඉන්දියාව හරහා හෝ ඉන්දියාවේ සිට පැමිණෙනවා, මෙය විශාල ගැටලුවක්. එනිසා ඒ ඒ රටවල කොරෝනා පැතිරී ඇති තත්ත්වය අනුව අප විසින් ඒ රටවල් බෙදා වෙන් කළ යුතුයි." යනුවෙන් ද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

මේ අතර lockdown නීති ඉවත් කළා යයි ප්‍රීති වීමට මෙහිදී ඉඩක් නැති බව බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ සෞඛ්‍ය ඇමති Roger Cook අනතුරු අඟවා තිබේ.

"COVID-19 වයිරසයේ තර්ජනය තවමත් රැදී පවතිනවා, බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය සුරක්ෂිතව තබා ගැනීමට අප සැවොම අපට පැවරී ඇති වගකීම ඉටු කළ යුතුයි." යනුවෙන් සෞඛ්‍ය ඇමති Roger Cook වැඩිදුර පැහැදිලි කළේය.

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now