වසංගතය අතරේ සුරතල් සතුන්ගේ තරබාරුබව ඉහළ ගොස් තිබේ, සතුන් ඇතිකරන අය දැනගත යුතු දේ මෙන්න

සුරතල් සතුන්ගේ තරබාරුබව ඔස්ට්‍රේලියාවේ සෑම විටම ප්‍රශ්නයක් වී ඇත.

Vincent.jpg

Vincent Candrawinata and his dog Chilli. Credit: Vincent Candrawinata

Pet obesity හෙවත් සුරතල් සතුන්ගේ තරබාරුබව අප බොහෝ දෙනෙකුට මගහැරී ගිය නමුත් වඩා සැලකිල්ලක් දැක්විය යුතු කරුණකි.

මිනිසුන් මෙන්, සිරුරෙහි අමතර බර සුරතල් සතුන් තුළද බරපතල සෞඛ්‍ය ගැටලු ඇති කළ හැකිය.

එය අපට මෙන්ම, නිසි වෛද්‍ය උපදෙස් නොමැතිව ඔබේ සුරතලා සඳහා ආහාර සැලැස්මක් කිරීම හරහා යහපතට වඩා හානියක් කළ හැකිය.

කොවිඩ් වසංගතය සුරතල් සතුන්ගේ තරබාරුබව වැඩි කළා

සුරතල් සතුන්ගේ තරබාරුබව ඔස්ට්‍රේලියාවේ සෑම විටම ප්‍රශ්නයක් වී ඇති අතර ඔස්ට්‍රේලියානු පශු වෛද්‍ය සංගමය සුරතල් සුනඛයන්ගෙන් 41% ක් සහ සුරතල් බළලුන්ගෙන් 32% ක් තරබාරු බව වාර්තා කරනවා යයි ජ්‍යෙෂ්ඨ පශු වෛද්‍ය Kitty Cheung පැවසුවාය.

නමුත් කොවිඩ් වසංගතය එය වඩාත් අයහපත් අතට හරවා ඇති බව වෛද්‍ය Cheung SBS වෙත පැවසුවාය.

"කොවිඩ් වසංගත සමයේදී සැලකිය යුතු සුරතල් සතුන් සංඛ්‍යාවකගේ බර වැඩි වන අයුරු අපි දුටුවා. ඇතැමුන්ට ආරම්භයේදීම අධික බරින් යුක්ත වුණා." යනුවෙන් ඇය විස්තර කළාය.

සුරතල් සතුන්ගේ හිමිකරුවන්ගෙන් අඩක් පමණ වසංගතය අතරතුර තම සුරතල් සතුන් සමඟ පෙරට වඩා ගුණාත්මක බැවින් වැඩි කාලයක් ගත කළ බව මෑත අධ්‍යයනයකින් හෙළි විය.

කෙසේ වෙතත්, එය බොහෝ විට ඔවුන්ගේ ආදරණීය සතුන්ට පමණටත් වඩා වැඩි සංග්‍රහයන් ලැබීමට හේතුවිය.

"සුරතල් සතුන් දක්ෂයි, ඔවුන් ආහාර ඉල්ලා සිටීමට එම අවස්ථාව භාවිතා කරනවා, ඇතැම් සුරතල් සතුන්ට ආහාර ලබාදුන් විට ඔවුන් නිශ්ශබ්දව හා කරදර නොකර සිටින බව ඔවුන්ගේ හිමිකරුවන් පවසනවා. එනිසා සුරතල් සතුන්ගේ හිමිකරුවන්ට සාමකාමීව තමන්ගේ රාජකාරී කිරීමට හැකිවුණා." යනුවෙන් වෛද්‍ය Cheung විස්තර කළාය.

නමුත් එම ක්‍රියාවේ අනිසි බලපෑම් බොහෝ ඇති බවද ඇය අවධාරණය කළාය.

Kitty vet photo.jpg
Senior veterinarian Kitty Cheung, says COVID has intensified pet obesity issue Credit: Kitty Cheung

අධික බර සහිත සුරතල් සතුන්:

  • ක්‍රියාකාරී බවින් අඩුය
  • කෙටි ආයු කාලයක් සහිතය
  • දියවැඩියාව වර්ධනය වීමට ඇති ඉඩකඩ වැඩිය
  • ආතරයිටිස් වැනි සන්ධි සහ සංචරණ ගැටළු වලට ගොදුරු වේ
  • සමේ හා මුත්‍රා ආසාදන වැනි වෙනත් ගැටළු වලට තුඩු දෙන ප්‍රතිශක්තිය අඩුවීමට ඇති ඉඩකඩ වැඩිය

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

බර අඩු කරගැනීම

සුරතල් සතුන්ගේ බර අඩු කර ගැනීම සඳහා විවිධ ක්‍රම තිබේ.

එය ව්‍යායාම වැඩි කිරීම හෝ පළතුරු සහ එළවළු සඳහා ආහාර මාරු කිරීම තරම් සරල විය හැකි බව වෛද්‍ය Cheung පැවසුවාය.

"ඔබට පශු වෛද්‍ය නිර්දේශ සහිත ආහාර වේලක් භාවිතා කළ හැකියි, නැතහොත් ආහාරවල කොටසක් නොදී ඒ වෙනුවට ජලය ලබාදීමෙන් සුරතලාට කැලරි අතිරික්තයක් ඇති නොවීමට වග බලාගත හැකියි." ඇය විස්තර කළාය.

ඕනෑම ආකාරයක සීමාවන්ට යටත් වූ ආහාර වේලක් දීමට පෙර එක් එක් සුරතල් සතාගේ ආහාර අවශ්‍යතා සහ වෛද්‍ය ගැටලු සලකා බැලිය යුතු බව වෛද්‍ය Cheung ප්‍රකාශ කළාය.

"ඕනෑම සුරතල් සතුන් හිමිකරුවකු තම සුරතල් සතුන් කඩින් කඩ නිරාහාරව සිටීම ගැන සොයා බැලීමට උනන්දුවක් දක්වන්නේ නම්, ඔවුන්ගේ සුරතල් සතුන්ට ගැලපෙන ආහාර සැලැස්මක් සකස් කිරීම සඳහා ඔවුන්ගේ පශු වෛද්‍යවරුන් සමඟ සාකච්ඡා කිරීමට මම තරයේ නිර්දේශ කරනවා" යනුවෙන් ඇය උපදෙස් දුන්නාය.

"මිදි, චොක්ලට් සහ xylitol අඩංගු වඩ වඩාත් ජනප්‍රිය සීනි රහිත නිෂ්පාදන ඉතා විෂ සහිත වෙනවා. සොසේජස්, බේකන් වැනි මේද ආහාර සහ මස් වලින් ලබාගන්නා මේද කොටස් ආහාරයට ගැනීම සුරතල් සතුන්ට බරපතල උදරාබාධ ඇති කළ හැකියි," වෛද්‍ය Cheung වැඩිදුරටත් පැවසුවාය.


Share

3 min read

Published

By Yumi Oba, Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now