“..ඔස්ට්‍රේලියානු මහා මැතිවරණය 2016..” - පසුගිය වසර 5 තුල ඕස්ට්‍රේලියානු දේශපාලන පද්ධතියේ සිදුවූ වෙනස්කම් දෙස ආපසු හැරී බලමු

ඔබත් ඔස්ට්‍රේලියාවට මෑතකදී පැමිණුන අයෙක් නම් පසුගිය වසර 5 තුල ඕස්ට්‍රේලියානු දේශපාලනයේ ඔබට මග හැරුණු සුවිශේෂ කරුණු කිහිපයක් ..

leaders

Source: AAP

Rudd ගේ ආගමනය හා පසු බැස්ම

Kevin Rudd ඕස්ට්‍රේලියාවේ ජනප්‍රියතම අග්රාමාත්යවරයෙකු වුවත් ඔහු සිය පක්ෂය තුල එතරම් ජනප්රිය වුයේ නැහැ. ඔහු සමග වැඩ කිරීමට අපහසු හරි තීරණයක් නොමත්තෙකු නිසා කම්කරු පක්ෂය ඔහු බලයට පත් වී වසර 3න් ඔහු ඇත හැරියා.

ඉන් පසුව එවකට නියෝජ්‍ය අග්රාමත්යවරයාව සිටි Julia Gillard ඕස්ට්‍රේලියාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය බවට පත් වුනා. ඇය ජනතාව අතර එතරම් ජනප්‍රිය නොවූ නිසා මැතිවරණයට ආසන්නයේ කම්කරු පක්ෂය නැවතත් Rudd වෙත යොමු වුනා. Kevin Rudd ඉතිහාසයට එක වන්නේ පාර්ලිමේන්තුවේදී ආදිවාසී ජනතාව ළමා කාලයේ සිය පවුල් වලින් 1970 පමණ වන තුරු ඉවත් කිරීම පිලිබඳ එම ජනයාගෙන් සමාව ඉල්ලු නිසා .

Tony Abbot ස්ත්‍රී විරොදී යයි චෝදනා

Gilaard ට බොහෝ පනත් සම්මත කර ගැනීමට හැකි වුනා. Julia Gillard කාගේත් මතකයේ රැඳෙන්නේ එවකට විපක්ෂ නායකයාව සිටි Tony Abbot ස්ත්‍රී විරෝධියෙකු ලෙස නම් කිරීමෙන්. ඇය එසේ පැවසුවේ එවකට ලිබරල් පක්ෂයේ මන්ත්‍රීවරයෙකුගේ සහය පතා  සිටි කම්කරු රජය එම මන්ත්‍රීවරයා සිය සේවිකාවකට යැවූ අසභ්‍ය කෙටි පණිවිඩයක් පිළිබඳව රජය කිසිදු සැලකිල්ලක් නොදක්වන බවට විපක්ෂ නායකවරයා චෝදනා කල නිසා 

දෙවැනි වරට Rudd සමග තරග වැදී ප්‍රතිවාදියා වූ Tony Abbot ට ජය ගත හැකි වුනා. ඔහු විපක්ෂ නායකයා ලෙස පක්ෂය ජයග්‍රහණය කරා ගෙන එම නිසා  ඕස්ට්‍රේලියාවේ කාර්යක්ෂම විපක්ෂ නායකයෙකු බවට ඔහුට පත් වීමට හැකි වුනා. ඔහු කමකරු රජයේ බෝට්ටු වලින් සරණාගතයන් එම වැළක්වීමේ නොහැකියාවත්, Gillard හඳුන්වා නොදෙන බවට කී කාබන් බද්ද හඳුන්වා දීමත් විවේචනය කළා.

සුළු පක්ෂ වලටත් අවස්තාවක්

වසර 2013  මැතිවරණය කුඩා පක්ෂ වලටත් වැඩී  චන්ද ගණනක් ලැබුණු මැතිවරණයක් නිසා මීට පෙර කිසිදා ආසන ලබා නොගනී කියා සිතු පුද්ගලයන්ටද සෙනට් ආසන හිමි වුනා . එය ප්‍රධාන පක්ෂ කෙරේ කලකිරීම නිසා සිදුවූ දෙයක් ලෙසට සැලකේ . මෙම සෙනට් සභිකයන් වසර 2014 අය වැය හි ආන්දෝලනාත්මක බදු ආදී පනත් වලට බාධා කිරීමට හැකි වුනා 

ධන කුවෙරයකුටත් අවස්තාව හිමි වුනා

එසේම 2013 දී ඩොලර් බිලියන ගනනක වත්කමක් ඇති ව්‍යාපාරික Clive Palmer ද පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර ඔහුගේ Palmer United පක්ෂයේ සෙනට් සභිකයන් 3 දෙනෙකු සිටියත් දැන් ඉන් දෙදෙනෙකු ස්වාධීන වී ඇති නිසා එක අයෙක් පමණක් ඉතුරු වී සිටිනවා. Palmer මෙවර මැතිවරණයට අපේක්ෂකයෙකු නොවේ . ඔහු විවිද ජනප්‍රියභාවය ලබා ගන්න ක්‍රියාකාරකම් හා අසීරු ප්‍රශ්න රැගත් සාකච්චා වලින් ඉවත්ව යාමටද ජනප්‍රියයි.

Tony Abbot ගේ ජනප්‍රියතාවය අහිමි වීම

Tony Abbot සිය රජයේ ප්‍රථම අයවැයෙන් කප්පාදු රැසක් ගෙන එම නිසා ඔහු Gillard ටත් වඩා ජනප්‍රිය භාවය අඩු තත්වයකට ඇද වැටුනා. නමුත් ඔහු බෝට්ටු නැවත්වීම, කාබන් බද්ද ඉවත් කිරීම හා Mining බදු ඉවත් කිරීම සිදු කළා. එසේම ඔහුගේ සමයේ කොරියාව, චීනය හා ජපානය සමග නිදහස් වෙළඳ ගිවිසුම් 3ක් අත්සන් කළා.

එසේම එසමයේ ක්රිශිකර්ම අමාත්‍ය Barnaby Joyce විසින් හොලිවුඩ් නළු Johnny Depp ගේ බිරිඳ අනවසරයෙන් සිය සුරතල් බල්ලන් ඔස්ට්‍රේලියාවට ගෙන්වීම පිලිබඳ කල ප්‍රකාශය නිසා ඉතා ප්‍රසිද්ද වුනා.

මෙහිදී ඒ පිලිබඳ Johnny Depp හා බිරිඳ නිකුත් කල සමාව ඉල්ලන වීඩියෝව මෙයයි 

Bronwyn Bishop ගේ හෙලිකොප්ටර සවාරි

Abbot ගේ සමයේ කතා නායිකාව වී සිටි Bronwyn Bishop මහජන මුදලින් ඩොලර් 5000ක් වටිනා හෙලිකොප්ටර් ගමනක් හෙතුවෙන් කාගේත් කතා බහට ලක් වුනා. නමුත් ඇය ඊට සමාව ඉල්ලීමට සැරසුනත් Abbot එය අවශ්‍ය නැති බවත් ඇයට සහය දෙන බවත් කියා සිටි බව අගේ අවසන් කතාවේදී පැවසුවා. Abbot ගේ තනතුර ඉවත් කිරීමට ඇය පසුව සහාය පල කල නිසා ඇයට එරෙහිව මෙවර අගේ ආසනයට ඉදිරිපත් වන තැනැත්තාට Abbot සහය පල කර තිබෙනවා .

Rudd හා Gillard පරදා ජය ගත් Abbot ට ඔවුන් තරම් වත් කල් පාලනය තබා ගැනීමට හැකි වුයේ නැහැ. ඕස්ට්‍රේලියාවේ ඉතා අඩු කලක් සිය තනතුරේ සිටි එක නායකයෙකු බවට Abbot පත් වෙනවා. ඔහුගේ විවිද කතා ලෝක මාධ්යෙත් අවධානයට යොමු වුනා.

Malcolm Turnbull ගේ ආගමනය

එවකට විපක්ෂ නායකයාව සිට Tony අබ්බෝට් විසින් එම තනතුර ඔහුගෙන් ලබා ගත්තත් Malcolm Turnbull නැවතත් Abbot ට එරෙහිව පසුගිය සැප්තැම්බරයේ අග්‍රාමාත්‍යවරයා බවට පත් වුනා. ඔහු හිටපු මාධ්‍යවේදියෙක්, නීතීඥයවරයෙක් , වෙළඳ බැංකු කරුවෙක් හා ව්‍යාපාරිකයෙක් ද වෙනවා. පාර්ලිමේන්තුවට ඒමට පෙර අහෝ මිලියන ගණනක වත්කමක් ඇති සාර්ථක ව්‍යාපාරිකයෙකු වුවා. ඔහු මෙවර ව්‍යාපාරික බදු කපා දමා වර්ධනයක් ඇති වන බවට සාම්ප්‍රදායික ලිබරල් ප්‍රචාරක ව්‍යාපාරයක් කරගෙන යනවා.

අගමැති පුටුවට තරග කරන Bill Shorten

වත්මන් විපක්ෂ නායක Bill Shorten සෞඛ්‍ය හා අධ්‍යාපනය පිලිබඳ සවිස්තර ප්‍රතිපත්ති මාලාවක් මෙවර මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කොට තිබේ. කම්කරු පක්ෂය පවසන්නේ එමගින් සාධාරණ බවක් ඇති වන බව හා රජයේ පාඩු අඩු කිරීම විශාල ව්‍යාපාර වලට අනවශ්‍ය සහනයක් බවත්. නමුත් රජය පවසන්නේ විපක්ෂය ව්‍යාපාර වලට විරුද්ද තිරසාර නොවන වියදම් සහිත පක්ෂයක් බවයි

තව සති 2ට අඩු කාලයක් තුල ජුලි 2 වැනිදා මන්ත්‍රණ සභා දෙකටම සාමාජිකයන් තොරා පත් කර ගත හැකි double dissolution මැතිවරණය පැවැත්වෙනවා. ඔබ මීට පෙර මැතිවරණයකට ගොස් නැතිනම් එදිනට ප්‍රජාව කණ්ඩායම් sausage හා lamington වලින් සංග්‍රහ කරන බව දක්නා ලැබේවි.

මේ මුල් වරට චන්දය ප්‍රකාශ කරන සම්හරෙක්ගේ අදහස්

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

 

  • සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )
  • සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

 93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

  • සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)
  •  කතාකරන්න -  + 61 (03) 99492169
  • Fax කරන්න – +61 (03) 99492385
  • කෙටි පණිවිඩ සඳහා – +61 42 999 6263 (වැඩසටහන ප්‍රචාරය වන වෙලාවේදී පමණි)

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය

 


5 min read

Published

Updated

By Charitha Adikari

Source: Insight



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now