වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් නව කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු හමුවෙයි (SBS සිංහල/ වාර්තා)

The Melbourne skyline.

Melbourne has reported three new cases of COVID-19 in the community. Source: AAP

වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු හමුවී තිබේ.

ඒ අනුව දින 60 කට වඩා කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවූ බවට තබමින් තිබූ වික්ටෝරියානු ප්‍රාන්තයේ වාර්තාව අද (30/12) බිඳ වැටුණි.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් කොරෝනා ආසාදිතයින් 3 ක්

මෙල්බර්න් නුවර පුද්ගලයින් තිදෙනෙකු හට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති  බවට අද (30/12) තහවුරු වූ බව The Age පුවත්පත වාර්තා කරයි.

ඒඅනුව මාස දෙකකට වැඩි කාලයක් කිසිදු කොරෝනා ආසාදිතයෙකු ප්‍රජාව තුළින් හමු නොවී තිබූ වික්ටෝරියානු ප්‍රාන්තයේ වාර්තාව මේ හේතුවෙන් බිඳ වැටිණි.

සිඩ්නි කොරෝනා පොකුර හා මොවුන් තිදෙනා සම්බන්ධ බවට විශ්වාස කරන බව පැවසේ.

අදාළ පුද්ගලයින් තිදෙනා හට යළිත් කොරෝනා පරීක්ෂණ සිදුකරන බව වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ නියෝජිතයෙකු ABC පුවත් සේවයට පැවසීය.

කෙසේවෙතත්, අදාළ පුද්ගලයින් තිදෙනා හා ඔවුන්ගේ දැනට හඳුනාගෙන ඇති ආශ්‍රිතයින් ස්වයං නිරෝධායනය කර ඇති බවද වාර්තා වේ.

එම ආසාදිතයින් ආ ගිය ස්ථාන පිළිබඳ පූර්ණ විස්තරයක් වික්ටෝරියානු බලධාරීහු හැකි ඉක්මණින් නිකුත් කිරීමට ද පියවර ගන්නා බව සඳහන්.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට වික්ටෝරියානු ප්‍රාන්තයෙන් තවත් තහංචි

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Wollongong සහ Blue Mountains කලාප වලින් වික්ටෝරියානු ප්‍රාන්තයට පැමිණෙන පිරිස් හට අමතර තහංචි පැනවීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය අද (30/12) පියවර ගත්තේය.

දෙසැම්බර් 27 සිට ඉහත කලාප දෙකින් ඕනෑම කලාපයක සංචාරය කළ පුද්ගලයෙකු සිටීනම් දෙසැම්බර් 31 වන තෙක් වික්ටෝරියා ප්‍රාන්තයට ඇතුළු වීමට අවසර ලැබේ.

Wollongong සහ Blue Mountains කලාප වලින් පිටත්ව වික්ටෝරියානු ප්‍රාන්තයට පැමිණෙන සංචාරකයින් නව අවසර පත්‍රයක් සඳහා අයදුම් කළ යුතු අතර වික්ටෝරියානු ප්‍රාන්තයට ආපසු පැමිණ පැය 24 ක් ඇතුළත කොරෝනා පරීක්ෂාව සිදුකරගත යුතුය.ඉන් අනතුරුව ඔවුන් දින 14 ක් ස්වයං නිරෝධායනය විය යුතුය.

ජනවාරි 01 වන දින සිට ඉහත කලාප වල සිට පැමිණෙන සංචාරකයින් හට වික්ටෝරියානු ප්‍රාන්තයට ඇතුළුවීම තහනම් කර තිබේ.

සිඩ්නි උතුරු වෙරළ තීරය, Greater Sydney සහ Central Coast යන කලාප වල වික්ටෝරියානු ප්‍රාන්තය තම ප්‍රාන්ත සීමා වසා දමා තිබේ.


 

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


වික්ටෝරියානු ප්‍රාන්තයේ 2021 නව අවුරුදු උදාව සැමරිය හැකි අයුරු

සෑම වසරකම පැවැත්වූ මෙල්බර්න් නව අවුරුදු උදාව සමරන ගිනිකෙළි සංදර්ශනය මෙවර නොපැවැත්වෙන බව මෙල්බර්න් නගර සභාව නිවේදනය කළේය.

එමෙන්ම මෙල්බර්න් නගරය හා තදාසන්න ප්‍රදේශ වල විශාල වශයෙන් පුද්ගලයින් රැස්වීමට ද දෙසැම්බර් 31 දින අවසර නොදේ.

වික්ටෝරියානු ප්‍රාන්තයේ නිවෙස් වල උපරිම පුද්ගලයින් 30 කට රැස්විය හැකි අතර එළිමහනේ පුද්ගලයින් 100 කට උපරිමව රැස්විය හැකිය.

සීමා සහිත අමුත්තන් පිරිසක් සඳහා තැබෑරුම්, අවන්හල් වැනි ස්ථාන විවෘතව පවතී.


Share

3 min read

Published

Updated

By Madhura Seneviratne

Source: AAP, SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now