වයස 40 ට අඩු පිරිසට කොරෝනා එන්නත් දෙන්නැයි නිව් සවුත් වේල්ස් අගමැතිනියට ඉල්ලීම් රැසක්

NSW Premier Gladys Berejiklian

NSW Premier Gladys Berejiklian Source: AAP

Highlights

  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ Sunshine Coast හි සිටි වික්ටෝරියානු කාන්තාවක් කොරෝනා වෛරසයට ධනාත්මක වීම පිළිබඳව එම ප්‍රාන්ත පොලිසිය පරීක්ෂණ ආරම්භ කිරීම
  • වික්ටෝරියා ප්‍රාන්තයේ පවතින lockdown තත්වයෙන් පසුව වන කොරෝනා නීතීන්
  • ඕස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත්කරණය සම්බන්ධයෙන් වන නවතම තත්වය

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ Sunshine Coast හි සිටි වික්ටෝරියානු කාන්තාවක් කොරෝනා වෛරසයට ධනාත්මක වීම පිළිබඳව එම ප්‍රාන්ත පොලිසිය පරීක්ෂණ ආරම්භ කිරීම

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ Sunshine Coast හි සිටි වික්ටෝරියානු කාන්තාවක් කොරෝනා වෛරසයට ධනාත්මක වී ඇති අතර ඒ සම්බන්ධයෙන් එම ප්‍රාන්ත පොලිසිය පරීක්ෂණ අරඹා තිබේ. මෙම කාන්තාව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය හරහා ක්වීන්ස්ලන්තයේ Sunshine Coast හි Caloundra යන ප්‍රදේශයට සංචාරය කොට සිටියදී මෙලෙස පරීක්ෂණ ඔස්සේ වෛරසයට ධනාත්මක වී තිබේ.

මෙම 44 හැවිරිදි කාන්තාව සමග ඇයගේ සැමියා පසුගිය ජුනි මස 1 වැනිදා වික්ටෝරියා ප්‍රාන්තයෙන් පිටත්ව ජුනි 5 වැනිදා ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට පැමිණ තිබේ. එමෙන්ම මෙමෙ කාන්තාව සිදු කල කොරෝනා පරීක්ෂණයේ ප්‍රතිපල පැමිණෙන විට ඇය ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ විවිධ ස්ථාන වෙත සංචාරය කොට ඇතැයි බලධාරීන් පවසයි.

මෙම කාන්තාව ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට පැමිණියේ කෙසේද සහ කුමන හේතුවක් මතද යන්න පිළිබඳව පරීක්ෂණ සිදු කෙරෙන බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත නියෝජ්‍ය පොලිස් කොමසාරිස් Steve Gollschewski පවසයි.

එමෙන්ම ඔහු සඳහන් කොට සිටින්නේ තම ප්‍රාන්තයෙන් පිටත් වීමේදී සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට ඇතුළු වීමේදී පවතින සීමාවන් සම්බන්ධයෙන් සෑම අයකුම දැන සිටීම වැදගත් වන බවයි.

වික්ටෝරියා ප්‍රාන්තයේ පවතින lockdown තත්වයෙන් පසුව වන කොරෝනා නීතීන්

ග්‍රේටර් මෙල්බර්න් හි වැසියන් හට අද (10/06) මධ්‍යම රාත්‍රියේ සිට පවතින lockdown තත්වය ඉවත් වන අතර ඔවුනට කිලෝ මීටර 25ක දුරක් පමණක් සංචාරය කිරීමේ හැකියාව පවතී. එළඹෙන දීර්ග නිවාඩු සති අන්තය තුල මෙල්බර්න් වැසියන් වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාදේශීය ප්‍රදේශයන්ට සංචාරය කිරීම වැළක්වීමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබේ.

වික්ටෝරියානු ප්‍රාන්ත වැඩබලන අග්‍රාමාත්‍ය James Merlino සඳහන් කොට සිටින්නේ දැනට පවතින කිලෝමීටර 10යේ සීමාව කිලෝමීටර 25 දක්වා වැඩි කෙරෙන අතර රැකියා කටයුතු , අධ්‍යාපන කටයුතු සහ රැකබලා ගැනීමේ කටයුතු සඳහා පමණක් එම අදාළ කිලෝමීටර 25 සීමාව ඉක්මවා යාමට හැකියාව පවතින බායි. කෙසේ නමුත් තවමත් ප්‍රාන්තයේ ප්‍රාදේශීය ප්‍රදේශයන්ට සචාරය කිරීම තහනම් වන බව James Merlino පවසයි.

සිකුරාදා (11/06) දින සිට

  • ප්‍රාන්ත වැසියන් එළිමහනේ මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය නොවන අතර නිවසේ හැර අවරණය වූ ස්ථාන වලදී මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය වේ.
  • මෙල්බර්න් වැසියන් හට තම නිවසට අමුත්තන් ගෙන්වා ගැනීමට අවසර හිමි නොවන අතර එළිමහන් රැස්වීම් සඳහා පුද්ගලයින් 10 දෙනෙකුට පමණක් සහභාගී විය හැක.
  • අවන්හල් , ආපනශාලා සහ වෙළඳසල් සීමාවන්ට යටත්ව නැවත විවුරත කල හැකි අතර කායවර්ධන මධ්‍යස්ථාන තවත් සතියක පමණ කාලයක් වසා තැබේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාදේශීය ප්‍රදේශයන්හි සීමාද ලිහිල් වේ.

වික්ටෝරියානු ප්‍රාන්ත රජය සඳහන් කොට තවත් සතියකට පසු මෙම සීමාද ලිහිල් වීමට ඉඩ පවතින බවයි.

වික්ටෝරියානු වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ ප්‍රධාන විධායක Paul Guerra සඳහන් කොට සිටින්නේ ප්‍රාන්තය හුල පවතින කොරෝනා සීමා සියල්ලම පාහේ ඉක්මනින් ඉවත් වනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.


 SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


ඔහු පවසන්නේ ප්‍රාන්තය තුල ව්‍යාපාර නැවත යතා තත්වයට පැමිණෙමින් තිබියදී හදිසියේම මෙලෙස lockdown තත්වයක් ප්‍රකාශ කිරීමට සිදු වූ අතර මෙමගින් බොහෝ ව්‍යාපාර හිමියන් හට මානසික පීඩනයක්ද එල්ලව ඇති බවයි. කෙසේ නමුත් ව්‍යාපාර නැවත යථාතත්වයට හැකි ඉක්මනින් පත් කිරීම අරමුණ වබ්න් බවද Paul Guerra පෙන්වා දෙයි.

Lockdown තත්වයත් සමග පාසල් සිසුන් හට නැවතත් දුරස්ථ අධ්‍යාපනය වෙත යාමට සිදු වූ අතර සිකුරාදා සිට මෙල්බර්න් හි පාසල් යලි විවුර්ත කෙරේ.

ප්‍රතිශක්තිකරණ පර්යේෂණ පිළිබඳ ජාතික මධ්‍යස්ථානයේ සාමාජික සහකාර මහාචාර්ය Margie Danchin සඳහන් කොට සිටින්නේ මෙවැනි කොරෝනා අවදානමක් සහිත තත්වයකදී පාසල් විවුර්ත කොට තැබීමට හැකිවන පරිදි නව පියවර හඳුන්වා දිය යුතු බවයි.

උදාහරණ ලෙස පන්ති කාමර තුල මුහුණු ආවරණ පැළඳීම , පන්තිකාමර තුල වාතාශ්‍ර පද්ධතිය වැඩිදියුණු කිරීම සහ ගෘහස්ත ක්‍රීඩා නවත්වේම වැනි පියවරයන් හඳුන්වා දිය හැකි බව ඇය පවසයි.

එමෙන්ම නිවසේ සිට පාසල් කටයුතු සිදු කිරීමේදී බොහෝ සිසුන් මමසික ගැටළු වලට මුහුණ දෙන බවට වාර්තා වන අතර සිසුනට ඇතිවන මෙවැනි මානසික ගැටළු වලට විසදුම් සෙවීම වෙනුවට මෙවැනි දා ඇතිවීම වැළක්වීමේ ප්‍රවේශයක් අවශ්‍ය වන බවද Margie Danchin පවසයි.

වික්ටෝරියා හි ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි මහාචාර්ය Brett Sutton පෙන්වා දෙන්නේ ප්‍රාන්තය තුල ප්‍රජා සම්ප්‍රේෂණය සම්පුර්ණයෙන්ම නවතා දැමීම ඔස්සේ කොරෝනා වෛරසය තුරන් කිරීම අරමුණ වන බවයි.

එමෙන්ම නිසි කොරෝනා එන්නත් ආරක්ෂාවක් ලැබෙන තුරු නිරන්තරයෙන් කොරෝනා රෝගීන් වාර්තා වීමේ තත්වයක් තමන්ට දැකීමට අනවශ්‍ය බවද ඔහු සඳහන් කොට සිටී.

ඕස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත්කරණය සම්බන්ධයෙන් වන නවතම තත්වය

ඔස්ට්‍රේලියාව තුල මේ වනවිට ක්‍රියාත්මක වන එන්නත්කරන වැඩසටහන ප්‍රාන්ත සහ ටෙරිටරි වශයෙන් වෙනස් වේ.

නොදර්න් ටෙරිටරියේ වයස අවුරුදු 16 සහ ඊට වැඩි පිරිස සඳහා එන්නත් ලබාගත හැකි අතර බටහිර ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 30ට වඩා වැඩි පුද්ගලයින් හට එන්නත් ලබාගත හැක.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනිය සඳහන් කොට සිටින්නේ තම ප්‍රාන්තය තුල වයස 40ට වඩා අඩු පිරිසට එන්නත් ලබාදෙන ලෙස වන ඉල්ලීම් ඉතා ඉහල බවයි.

 

 ** පහත ලින්ක් එක හරහා SBS සිංහල සේවයේ අද - ජුනි මස 8 වන අඟහරුවාදා වැඩසටහනේ කාලීන විශේෂාංගයට   සවන් දිය හැකියි


4 min read

Published

By Nipuna Dodangoda



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now