ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව අඛණ්ඩව 3 වන වරටත් පොලී අනුපාතිකය ඉහළ නොදමයි, නමුත් යළි වැඩි කරයිද?

මෙලෙස ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාතිකය ඉහළ නොදමුණේ අඛණ්ඩව තුන්වන මාසය සඳහාය.

Pedestrians walking past the Reserve Bank of Australia building in Sydney.

The Reserve Bank has decided to keep interest rates on hold at 4.1 per cent for the third consecutive month. Source: AAP / Bianca De Marchi

ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාතිකය ඉහළ නොදමා වත්මන් මට්ටමේම රඳවා තබා ගැනීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව අද තීරණය කළේය.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාතිකය 4.1% මට්ටමේම සැප්තැම්බර් මාසය පුරාවට තිබෙනු ඇත.

ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාතිකය ඉහළ නොදැමේ

මෙලෙස ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාතිකය ඉහළ නොදමුණේ අඛණ්ඩව තුන්වන මාසය සඳහාය.

කෙසේ වෙතත්, තවමත් ඔස්ට්‍රේලියාවේ උද්ධමනය ඉතා ඉහළ මට්ටමක පවතින බැවින් ඉදිරි මාසවලදී පොළී අනුපාත තවත් ඉහළ යාමේ හැකියාව විවෘතව පවතින බව ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව සඳහන් කළේය.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.———————————————————————————

උද්ධමන දත්තවල සාපේක්ෂ මෘදු වීමක් සහ විරැකියාවේ සුළු වැඩිවීමක් හේතුවෙන් තවත් මාසයක් පොලී අනුපාත ඉහළ යාමට විරාමයක් ලබා දෙනු ඇති බවට ආර්ථික විශේෂඥයින් පුලුල් ලෙස පුරෝකථනය කර තිබුණි.

උද්ධමනය 2% ත් 3% ත් අතර මට්ටමකට ගෙන ඒමේ ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ ඉලක්කය පරිදි 2022 මැයි මාසයේ සිට පොලී අනුපාතිකය ඉහළ දැමීම ඇරඹිණි.

මේ අතර වර්තමාන ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකු අධිපති ආචාර්ය Philip Lowe, මධ්‍යම බැංකු අධිපතිවරයා ලෙස සහභාගී වූ අවසන් මාණ්ඩලික රැස්වීම ද අද රැස්වීම විය.

Philip Lowe විශ්‍රාම යාමෙන් පසුව වත්මන් නියෝජ්‍ය අධිපතිනි Michele Bullock සැප්තැම්බර් 18 සිට ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකු අධිපති ලෙස වැඩ බාරගැනීමට නියමිතය.

මධ්‍යම බැංකුවේ පුරෝකථනයන්ට අනුකූලව ඔස්ට්‍රේලියාවේ උද්ධමනය මධ්‍යස්ථ වූ බවත්, සැප්තැම්බර් මාසයේ ඔස්ට්‍රේලියානු ආර්ථිකය නොකඩවා අධීක්ෂණය කිරීමට බැංකු මණ්ඩලයට ඉතා හොඳ අවකාශයක් මේ නිසා ලැබෙන බවත් Judo Bank හි ආර්ථික විද්‍යාඥ Warren Hogan පැවසීය.

නමුත් මෙම සහනය සැමරීමට තවමත් කල් වැඩි බව ඔහු AAP පුවත් වෙත පැවසුවේය.

A graph depicting how Australia's official interest rate has changed
Source: SBS

කොපමණ කාලයක් පොලී අනුපාත වැඩි නොකර රඳවා තබා ගනීවිද?

වසර 2025 අග වන තුරු ඔස්ට්‍රේලියාවේ උද්ධමනය 2-3% හි ඉලක්කගත අනුපාතයට ළඟා නොවනු ඇතැයි ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව පෙන්වා දී ඇති අතර, එය නැවත පොලී අනුපාත වැඩි කිරීම ගැන සලකා බැලිය හැකි පරිසරයකට හේතු වනු ඇත.

"මම පෞද්ගලිකව සිතන්නේ ලබන වසරේ ආර්ථික වශයෙන් සුවපහසු පරිසරයක් ඇති කිරීමේ මට්ටම උදෙසා අපි පොලී අනුපාත වැඩිවීමේ එක් වාරයක් අඩුවෙන් සිටිනවා" ලෙස ආර්ථික විද්‍යාඥ Warren Hogan පැවසීය.

Westpac ආර්ථික විද්‍යාඥ Bill Evans ද සැප්තැම්බර් රැස්වීමේදී මධ්‍යම බැංකුව පොලී අනුපාතික ඉහළ දැමීමට තව දුරටත් විරාමයක් ලබා දෙනු ඇතැයි විශ්වාස කළේය.

දැනට පවතින දුර්වල ආර්ථිකය සහ මන්දගාමී උද්ධමනය මේ වසර අවසානය දක්වා දක්වා පොලී අනුපාතික ඉහළ දැමීමේ විරාමය දීර්ඝ කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකු මණ්ඩලය දිරිමත් කරනු ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.


Share

2 min read

Published

By Madeleine Wedesweiler, Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now