ලිස්ටීරියා නැමති බැක්ටීරියාව ආසාදනය වී ඇති බවට සැක පළ කෙරෙන හෙයින් ඔස්ට්‍රේලියාව තුළදී මිලට ගත් "රොක්මෙලන්" නමැති පළතුරු වර්ගය ආහාරයට නොගන්නා ලෙස සෞඛ්‍ය බලධාරීන් දන්වා සිටියි.
මෙම ලිස්ටීරියා නැමති බැක්ටීරියාව ආසාදනය වීමෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ දෙදෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්ව තිබේ.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Riverina කලාපයේ රොක්මෙලන් වගාව මේ තත්ත්වය හේතුවෙන් නතර කර ඈති බවද වාර්තා වේ.
ඊයේ (28/02) දිනට පෙර ඔස්ට්‍රේලියාව තුළදී මිලට ගත් සියලුම රොක්මෙලන් අදාළ වෙළෙඳ සැල්වලට නැවත ලබා දෙන ලෙස හෝ ඒවා ඉවත දමන ලෙස හෝ The Australian Melon සංගමය සියලු ඔස්ට්‍රේලියානු වාසීන්ගෙන් ඉල්ලයි.
*************************************************************************************
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
Share

