කොරෝනා වෛරසයට එරෙහිව තමන් සොයාගත් ලොව පළමු එන්නත පිළිබඳව බටහිර රටවල් විවේචනය කරන්නේ ඊර්ෂ්‍යාවට බව රුසියාව චෝදනා කරයි (SBS සිංහල / වාර්තා)

Ampoules contain a vaccine for COVID-19 developed by Gamaleya Research Institute of Epidemiology and Microbiology under the Russian Healthcare Ministry.

Ampoules contain a vaccine for COVID-19 developed by Gamaleya Research Institute of Epidemiology and Microbiology under the Russian Healthcare Ministry. Source: Sipa USA RDIF and Gamaleya Research Cente

කොරෝනා වෛරසයට සොයාගත් මෙම නව එන්නත තවත් සති දෙකක කාලයකින් නිපදවීමට නියමිත නමුත් ඇතැම් විශේෂඥයින් විසින් සෞක්‍ය ආරක්ෂක හේතුන් හුවාදක්වමින් මෙය අමානුෂික ලෙස ප්‍රතික්ෂේප කොට ඇති බව රුසියානු රජය පවසයි.

Sputnik V ලෙස හැඳින්වෙන මෙම එන්නත තවමත් පර්යේෂණ මට්ටමේ පවතින අතර රුසියාව සිය අභිමානය ප්‍රදර්ශනය කිරීම උදෙසා මෙම එන්නත නිෂ්පාදනයට උත්හසාහ දරන බව විද්‍යාඥයින් පෙන්වා දී තිබේ.

පුද්ගලයි 2000ක් සහභාගී කරගනිමින් මෙම එන්නතෙහි අවසන් පර්යේෂණ සිදු කිරීමට නියමිත නමුත් අවසන් පරීක්ෂණ ප්‍රතිඵල ලැබීමට පෙර මෙලෙස එන්නත නිෂ්පාදනය කිරීමට රුසියාව උත්සහ දැරීම පුදුම සහගත බව බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු පර්යේෂකයින් පවසා තිබේ.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීව සහ පසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


මේ සඳහා නියාමන අනුමැතිය ලැබී ඇති බවට රුසියානු ජනාධිපති Vladimir Putin ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව රුසියානු සෞක්‍ය අමාත්‍ය Mikhail Murashko සඳහන් කොට ඇත්තේ මෙම ඖෂධය නිෂ්පාදනයෙන් පසුව ලොව තුල ඇතිවන තරඟකාරීත්වය හේතුවෙන් තම විදේශීය සගයන් මේ සඳහා විවේචන එල්ල කරන බවයි.

මෙම එන්නත භාවිත කිරීම පිළිබඳව ඇතැම් රුසියානුවන් තුල බියක් පැවතියද බොහෝ රුසියානුවන් සඳහන් කොට ඇත්තේ තම රටේ මෙම සොයාගැනීමට වෙනත් රටවලින් දෝෂාරෝපණ එල්ලවන්නේ ඊර්ෂ්‍යාව හේතුවෙන් බවයි.
20200521001469583512-original.jpg
මොස්කව් හි Gamaleya ආයතනයේ නිෂ්පාදිත මෙම නව එන්නතෙහි අවසන් පර්යේෂණ සිදුකිරීමේදී ස්වේච්ඡා පදනමින් වෛද්‍යවරුන්ට සහ පුද්ගලයින් යොදාගැනීමට නියමිතයි.

ඉහල පෙලේ රුසියානු ඖෂධ නිෂ්පාදන සමාගම් නියෝජනය කරන ආයතනයක් වන Association of Clinical Trials Organisation මෙම එන්නතෙහි පර්යේෂණ අවසන් වනතෙක් එන්නත සහතික කිරීම කල් දමන ලෙසට සෞක්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලා තිබේ.එහි විධායක අධ්‍යක්ෂ Svetlana Zavidova, රොයිටර් පුවත් සේවය වෙත සඳහන් කොට ඇත්තේ රුසියාව, තමන්ට තරඟ කිරීමට අපහසු ක්ෂේස්ත්‍රයක ඉහල ස්ථානයකට යාමට උත්සහ දැරීමක් සිදු කරන බවයි. මෙම එන්නත ලබාදීම පිළිබඳව තවමත් කිසිදු වැටහීමක් නොමැතිවීම හේතුවෙන් ජනතාවට අනතුරු ඇඟවීම තම ආයතනයේ වගකීම බවද Svetlana Zavidova පවසා තිබේ.

පුද්ගලයින් දහස් ගණනක් යොදාගනිමින් සිදුකිරීමට නියමිත මෙම අවසන් අත්හදා බැලීම සඳහා ආරක්ෂාව පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වියයුතු අතර සාමාන්‍යයෙන් සායනික අත්හදා බැලීම් වලින් 10% ක් පමණක් සාර්ථක ප්‍රතිපල අත්කරගැනීම සිදු වේ.

COVID-19 එන්නත නිපදවීම පිළිබඳව ගිවිසුමකට බ්‍රසීලයේ Parana ප්‍රාන්තය පැමිණ ඇති අතර පිලිපීනය සහ කසකස්තානයද එන්නත නිපදවීම සඳහා සිය කැමැත්ත පලකොට තිබේ.

එන්නත් පිළිබඳව ගෝලීය නිරීක්ෂණ වැඩසටහනක් වන Vaccine Confidence Project හි නායකත්වය උසුලන Heidi Larson පෙන්වා දී ඇත්තේ රුසියාවේ මෙම හදිසි ගමන හේතුවෙන් ඔවුන් කෙරෙහි පවතින ජනතා විශ්වාසය තවදුරටත් අඩු වනු ඇති බවයි. රුසියානු එන්නත පිළිබඳව අවම විශ්වාසයක් පවතින බවට තම ව්‍යාපෘතිය මගින් රටවල් 19 යොදාගනිමින් සිදුකල සමීක්ෂණයකින් හෙළිව ඇතැයිද ඇය වැඩිදුරටත් පවසයි.

කෙසේ වුවද, තම එක් දියනියකටද මෙම නව එන්නත ලබාදී ඇති අතර එය ආරක්‍ෂිත බව රුසියානු ජනාධිපතිවරයා සඳහන් කොට තිබේ.
People walk in the Binnofarm factory, which is selected as the second manufacturer of Russia's new coronavirus vaccine.
کارخانه بینوفارم به عنوان تولیدکننده دوم تولید واکسین «اسپوتنیک وی» روسیه انتخاب شده است. Source: EPA

නව එන්නත සංවර්ධනය සඳහා ස්ථාපිත ක්‍රියාවලීන් අවශ්‍ය බව ලෝක සෞක්‍ය සංවිධානය පවසයි

රුසියාව සොයාගත් මෙම නව කොරෝනා එන්නත පිළිබඳව වන සායනික අත්හදා බැලීම සමාලෝචනය කිරීමට බලාපොරොත්තු වන බව ලෝක සෞක්‍ය සංවිධානය පවසයි. එම සංවිධානය අවධාරණය කර සිටින්නේ මේ වන විට ලොව පුරා එන්නත් 150කට අධික සන්ක්‍යාවකින් 28ක් මිනිසුන් යොදාගනිමින් අත්හදා බලා ඇති අතර එමගින් එන්නත් 6ක් පමණක් 3 වන අධියර කර ලඟා වී ඇති බවයි.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


රුසියාවේ Gamaleya පර්යේෂණ ආයතනය මගින් සොයාගන්නා ලද එන්නතද මෙලෙස අත්හදා බැලුණු එන්නත් 28ට අන්තර්ගත වූ අතර එම එන්නත 1 වන අධියරේ පමණක් පැවති බව ලෝක සෞක්‍ය සංවිධානය පෙන්වා දේ.

කෙසේ වුවද එන්නතෙහි සිදුකරන වැඩි දියුණු කිරීම් පිළිබඳව තමන් රුසියානු බලධාරීන් සමග සම්බන්ධව සිටින බවද එම සංවිධානය පවසා තිබේ.

COVID-19 වෛරසයට ලොව පුරා සිදුකෙරුණු එන්නත් අත්හදා බැලීම් සඳහා පසුගිය ජනවාරි මාසයේ සිට ලෝක සෞක්‍ය සංවිධානය සිය මගපෙන්වීම සිදුකල අතර නිෂ්පාදනය වන සෑම එන්නතක්ම ආරක්‍ෂිත සහ ඵලදායී වියයුතු බව ඔවුන් පවසයි. එමෙන්ම ආරක්‍ෂිත සහ ඵලදායී එන්නත් ගෝලීය වශයෙන් මහජනතාවට යහපත් වන අතර ලොව පුරා වන එවැනි ඕනෑම එන්නතකට සාධාරණ ප්‍රවේශයක් ලබාදෙන ලෙසද ලෝක සෞක්‍ය සංවිධානය ඉල්ලා සිටී.

 

Share

Published

By Nipuna Dodangoda
Source: AAP, AFP, SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
කොරෝනා වෛරසයට එරෙහිව තමන් සොයාගත් ලොව පළමු එන්නත පිළිබඳව බටහිර රටවල් විවේචනය කරන්නේ ඊර්ෂ්‍යාවට බව රුසියාව චෝදනා කරයි (SBS සිංහල / වාර්තා) | SBS Sinhala