SBS ගුවන් විදුලි සේවා වැඩසටහන් නැවත සමාලෝචනය පිණිස මහජන මත විමසීම දැන් ක්‍රියාත්මකයි.

SBS සිංහල" වැඩසටහන පිළිබඳවද ඔබගේ අදහස් මෙයට එක් කළ හැකියි. ඒ සඳහා www.sbs.com.au/consultation යන වෙබ් ලිපිනය වෙත ගොස් " CLICK HERE TO SUBMIT YOUR FEEDBACK” යන කොටස මත click කර ඔබගේ අදහස් ඉදිරිපත් කිරීමට ඔබට හැකියාව ඇත.

SBS Radio opens public consultations for review.

Source: SBS

SBS ගුවන් විදුලි සේවා වැඩසටහන් නැවත සමාලෝචනය වෙනුවෙන් මහජන මත විමසීම නොවැම්බර් 14 වැනිදා සිට ආරම්භ විය. මෙහිදී SBS ගුවන් විදුලිය විසින් එහි ශ්‍රාවකයින් සහ ප්‍රජාව වෙතින් වැඩසටහන් පිලිබඳ අදහස් විමසීමක් සිදු කරනු ලබයි. මෙම කාර්යය ලබන දෙසැම්බර් 11 වන දින දක්වා ක්‍රියාත්මක වේ.

සෑම පස් වසරකට වරක්ම, SBS ගුවන් විදුලි සේවා වැඩසටහන් නැවත සමාලෝචනය කර යාවත්කාලීන කිරීමට SBS මාධ්‍ය ජාලය කැපවී සිටියි.

ඔස්ට්‍රේලියාව පුරාම පැතිරුණු විවිධ ප්‍රජාවන්ගේ සස්කෘතිමය හා භාෂාමය අවශ්‍යතා, SBS ගුවන් විදුලිය මගින් නිරූපණය කිරීම තහවුරු කිරීම SBS ගුවන් විදුලි වැඩසටහන් මගින් දිස් විය යුතු බව SBS ගුවන් විදුලි සේවා වැඩසටහන් අන්තර්ගතය පිළිබඳ කළමණාකරු Mark Cummins පැවසීය.

SBS ගුවන් විදුලියේ ඒ ඒ වැඩසටහන් සඳහා මහජන අදහස් ලබා ගැනීම මෙම විමර්ශනයේ මූලික අරමුණ බව Cummins වැඩි දුරටත් පැවසීය. ලබන වසරේ නිකුත් කිරීමට අපේක්ෂා කරන 2016 සංගණන දත්ත සමග මෙම ලබාගන්නා අදහස් ක්‍රියාත්මක කිරීමටද අපේක්ෂා කරන බව ඔහු පැවසුවේය. මෙසේ මහජන අදහස් විමසීමේදී Facebook හරහාද ඒ සඳහා ලැබෙන ප්‍රතිචාර සැලකිල්ලට ගන්නා බවද ඔහු අනාවරණය කළේය. මේ සියල්ල එකට සළකා බලා ප්‍රජාවන් හට SBS ගුවන් විදුලියෙන් අවශ්‍ය මොනාවද යන්න පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට හැකි වන බව ද ඔහු වැඩි දුර පැවසීය.

මීට අමතරව ඕස්ට්‍රේලියාවේ වෙසෙන සියලු ප්‍රජාවන්ගෙන් බොහෝ පුළුල් ප්‍රතිචාර මේ සඳහා ලැබෙනු ඇතැයිද Cummins විශ්වාස කරයි. 2012 වසරට පසුව මේ කටයුත්තෙහි වැදගත් බව සියලු ප්‍රජාවන් අවබෝධ කරගෙන සිටින බව ද ඔහු පැවසීය.

SBS ගුවන් විදුලියේ මෙවැනි විමර්ශන කටයුත්තක් අවසාන වරට පැවැත්වුයේ 2012 -13 කාලයේ වූ අතර වසර 18ක් තුළ පැවැත්වූ ප්‍රධානතම විමර්ශනය ද එය බවට හැඳින්වේ.

එම විමර්ශනයේ ප්‍රතිපල SBS ගුවන් විදුලිය භාෂා 74ක් දක්වා ගෙන ගිය අතර ආසියානු හා අප්‍රිකානු කලාපවලට අයත් නව භාෂා 6 ක්ද ඊට ඇතුළත් විය.

ඒ අනුව Malayalam, Hmong සහ Pashto නැමති භාෂා ත්‍රිත්වයද Dinka, Swahili සහ Tigrinya යන අප්‍රිකානු භාෂා ත්‍රිත්වයද SBS ගුවන් විදුලියට අලුතින් එක් විය.

භාෂා කණ්ඩායම් වල ප්‍රමාණාත්මක වැඩි වීම විශේෂිත වූ ප්‍රතිලාභ අත් කර දෙන බවද Mark Cummins  පවසයි. ඔහුට අනුව ඇතැම් භාෂා වලට මව් රටක් නොමැත. ඒවාට අදාළ ජාතික සන්නිවේදකයකු නොමැත. නමුත් ඒ ඒ භාෂාවෙන් ඔස්ට්‍රේලියාවේ සිදු වන දේවල් සහ මෙරට ජීවන රටාව පිළිබඳ දැනුවත් කිරීමෙන්, ඒ ඒ ප්‍රජා කණ්ඩායම් වලට මේ තමන්ගේම රට යයි හැඟෙන බවද ඔහු පැවසීය.

SBS ගුවන් විදුලියේ භාෂා කණ්ඩායම් අතරට අප්‍රිකානු භාෂාවන් ඇතුළත් කිරීම කැපී පෙනෙන කටයුත්තක් බව ඔස්ට්‍රේලියාවේ අප්‍රිකානු ප්‍රජා කවුන්සිල් එකමුතුවේ උප සභාපති Edward D. Solo පවසයි.

සමාජයත් සමග ඒකාබද්ධ වීමට හා එකට ගමන් කිරීමට එය උපකාරී වන බව ද ඔහු පවසයි. ප්‍රජා කණ්ඩායම් සඳහා බලය පැවරීමට භාෂාවන් මගින් ඉඩ සලසා දෙන බවද ඔහු පැවසීය.

2012-13 SBS ප්‍රතිසංස්කරණය වැදගත් පියවරක් බව බහු සංස්කෘතික තරුණ මධ්‍යස්ථානයේ ප්‍රධාන් විධායක Carmel Guerra පවසයි. ඔස්ට්‍රේලියානු සමාජයත් සමග සම්බන්ධ වීමට නව ප්‍රජාවන් හට ඉඩ සලසන ප්‍රධාන දොරටුව බවට SBS ගුවන් විදුලිය පත්වී තිබෙන බව ඇය පවසයි. මීට අමතරව සංකලනය පිළිබඳවද SBS ගුවන් විදුලියට ඇත්තේ ඉහළ පිළිගැනීමක් බවද ඇය පවසයි.

SBS සිංහල වැඩසටහන

SBS සිංහල" වැඩසටහන පිළිබඳවද  ඔබගේ අදහස් මෙයට එක් කළ හැකියි.  ඒ සඳහා www.sbs.com.au/consultation යන වෙබ් ලිපිනය වෙත ගොස් " CLICK HERE TO SUBMIT YOUR FEEDBACK” යන කොටස මත click කර ඔබගේ අදහස් ඉදිරිපත් කිරීමට ඔබට හැකියාව ඇත.
SBS community consultation
SBS community consultation - feedback Source: SBS


 

මේ පිළිබඳ ඔබට වැඩි දුර කරුණු දැනගැනීමට අවශ්‍ය මාධ්‍ය නිවේදනයක් ද සිංහල භාෂාවෙන් එහි ඇතුළත් කර ඇත.
SBS Radio opens public consultations for review.
If you wish further information in Sinhalese, you can view the Sinhalese Press Release which included in the same page. Source: SBS

අවසන් තේරීම් කටයුතු

මෙහි තේරීම් කටයුතු අවසන් කිරීම 2017 වසරේ මාර්තු මාසයේදී සිදු කිරීමට නියමිත අතර ඒ අනුව සැකසෙන නව වැඩසටහන් පෙළ ගැස්ම 2017 වසරේ අවසානයට පෙර ක්‍රියාවට නැංවීමට නියමිතය. 

---------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා  සජීවීව සහ පසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


Share

Published

Updated

By Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
SBS ගුවන් විදුලි සේවා වැඩසටහන් නැවත සමාලෝචනය පිණිස මහජන මත විමසීම දැන් ක්‍රියාත්මකයි. | SBS Sinhala