ඔස්ට්‍රේලියාවේ සිංහල ප්‍රජාවේ කැපී පෙනෙන වර්ධනය සමග SBS සිංහල වැඩසටහන නව මාවතකට.

SBS Radio

Source: SBS Sinhala

පසුගිය වසර 5 තුළ ඔස්ට්‍රේලියාවේ වාසය කරන සිංහල භාෂාව කතා කරන ප්‍රජාවේ කැපී පෙනෙන වර්ධනයක් සිදුව තිබෙන බව ඔබ දන්නවාද?

පසුගිය වසරේ ඔස්ට්‍රේලියාව තුළ සිදු කළ නවතම ජන හා නිවාස සංගණනයට අනුව නිවසේදී සිංහල භාෂාව කතා කරන සංඛ්‍යාව 64,612 ක් ලෙස වාර්තා වේ.

2011 වසරේ සිදු කළ සංගණනයේදී එම අගය වාර්තා වුයේ 48,195 ලෙසිනි.

ඒ අනුව 2016 වන විට ඔස්ට්‍රේලියාවේ වාසය කරන සිංහල භාෂාව කතා කරන ප්‍රජාව 34% කින් පමණ කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බව නවතම සංගණන දත්ත අනාවරණය කරයි.

මෙම ප්‍රතිපලත් සමග, SBS ගුවන් විදුලිය ඔස්ට්‍රේලියාව තුළ වෙසෙන සිංහල භාෂාව කතා කරන ප්‍රජාව සඳහා වැඩිදුර ආයෝජන සිදු කිරීමට අපේක්ෂා කරයි.

ඒ අනුව ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 - 12 දක්වා සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල දැනට විකාශනය වන SBS සිංහල වැඩසටහනට අමතරව සමාජ ජාලා සහ වෙබ් අඩවි වැඩි ඩිජිටල් මාධ්‍ය තුලින්ද, දැනට පවත්වාගෙන යන ආකාරයට වඩා වෙනස් අයුරින් ශ්‍රාවක පිරිස් වෙත වඩාත් සමීප වීම සඳහා ඉදිරියේදී ක්‍රියා කරනු ඇත.

ඒ අනුව ලොව ගුවන් විදුලි මාධ්‍යයේ නවමු ප්‍රවණතාවන්ට අනුගත වෙමින් SBS සිංහල වැඩසටහන, වෙබ් පිටුවෙන් මෙන්ම SBS සිංහල Facebook හරහා ද ඉදිරියේදී තව තවත්  සිංහල ප්‍රජාව වෙත සමීප වීමට අපේක්ෂා කරයි.

SBS සිංහල වැඩසටහනේ වෙබ් අඩවියට පිවිසෙන්න www.sbs.com.au/sinhalese Facebook පිටුව www.facebook.com/sbssinhalese

ඔස්ට්‍රේලියාවේ වාසය කරන සිංහල ප්‍රජාවේ වැඩි වර්ධනයක් පෙනුම් කරනුයේ වයස අවුරුදු 20 ත් 54 ත් අතර වයස් ඛාණ්ඩයේ පිරිස් අතර බව ද හෙළිවී ඇත.

ඔවුන් නිරතුරුවම ප්‍රවෘත්ති සහ කාලීන තොරතුරු දැනගැනීමට ප්‍රිය කරන බවද අනාවරණය වී ඇත.

එනිසාම ඔස්ට්‍රේලියාවේ, ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේ නවතම තොරතුරු දැනගැනීමට SBS සිංහල වෙබ් පිටුව සහ SBS සිංහල Facebook  පිටුව හරහා ඔබට හැකියාව පවතී.

මෙම සියලු වෙනස්කම් එළඹෙන නොවැම්බර් මස සිට ආරම්භ වන බවද SBS ගුවන් විදුලිය සතුටින් දැනුම් දෙයි.

වැඩි විස්තර සඳහා www.sbs.com.au/radio වෙබ් අඩවියට පිවිසෙන්න.

---------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

---------------------------------------------------------------------------------------------


2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS Radio




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now