SKIP TO MAIN CONTENT

BREAKING NEWS - ඕස්ට්‍රේලියානු ස්ථිර පදිංචි පදිංචිකරුවන් නොවන සහ ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය නොමැති පුද්ගලයිනට හෙට සිට ඔස්ට්‍රේලියාවට ඇතුළුවීම තහනම්

Scott Morrison - Prime Minister of Australia
Scott Morrison - Prime Minister of Australia Source: AAP

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

සියලුම ඕස්ට්‍රේලියානු ස්ථිර පදිංචි පදිංචිකරුවන් නොවන සහ ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය නොමැති පුද්ගලයිනට රට තුළට ඇතුළුවීම තහනම් කරන බව අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් නිවේදනය කොට සිටී. එය හෙට - මාර්තු 20 වෙනි සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් රාත්‍රී 9 සිට ක්‍රියාත්මක වේ.

ඒ අනුව ඕස්ට්‍රේලියානු ස්ථිර පදිංචිය හෝ පුරවැසි භාවය ලත් අය සහ ඔවුනගේ ලඟම පවුලේ සාමාජිකයින් හැරෙන්නට වෙනත් අයවලුන්ට හෙට සිට ඔස්ට්‍රේලියාවට ඇතුළුවීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා තිබේ.

මෙය කොරෝනා වයිරසය පැතිරීම පාලනය කිරීමේ උත්සාහයක් බවද අගමැතිවරයා කියා සිටි.

එසේම කොරෝනා වෛරසය හේතුවෙන් රටේ ආර්ථිකයට ඇතිව තිබෙන බලපෑම අවම කිරීම සඳහා ඕස්ට්‍රේලියානු මහ බැංකුවේ ණය පොලී අනුපාතය 0.25%දක්වා අඩු කිරීමට ද අගමැති ස්කොට් මොරිසන් විසින් පියවර ගෙන තිබේ.

 


 

SBS සිංහල ගුවන් විදුලිය දැන් සතියේ දින 4 ක් ඔබට සිංහල භාෂාවෙන් වැඩසටහන් ගෙන එයි.

සවන්දෙන්න - සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11 සිට..

  • සජීවීව සහ පසුව online අහන්න www.sbs.com.au/sinhalese
  • සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි)
  • සජීවීව ගුවන් විදුලියෙන් - 97.7 fm –NSW / 93.1 fm - VIC
  • සජීවීව හෝ පසුව අහන්න Mobile APP මඟින් - SBS Radio APP (free download)  

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now