ඕස්ට්‍රේලියාව සම්බන්ධයෙන් චීනය පෙන්වන ඡායා රූප "නින්දිතයි", ඕස්ට්‍රේලියා අගමැතිගෙන් චීන රජයට පහරක් (SBS සිංහල/වාර්තා)

Australian Prime Minister Scott Morrison speaks to the media during a virtual press conference at Parliament House in Canberra.

Australian Prime Minister Scott Morrison speaks to the media during a virtual press conference at Parliament House in Canberra. Source: AAP

ඕස්ට්‍රේලියානු යුධ අපරාධ පාදක කරගනිමින් චීන රජය මගින් "ම්ලේච්ඡත්වය" පෙන්නුම් කරන ව්‍යාජ ඡායා රූපයක් සමාජ මාධ්‍යයට මුදාහැර තිබේ. Photoshop භාවිත කොට ඇති මෙම ව්‍යාජ ඡායා රූපය ඕස්ට්‍රේලියානු හමුදා නිලධාරියකු පිහියකින් දරුවකුගේ ගෙල සිඳින ආකාරයට නිර්මාණය කොට තිබේ.

මෙම ඡායා රූපය චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු වන Zhao Lijian විසින් චීන රාජ්‍ය Twitter වෙබ් අඩවියට මුදාහැර තිබේ. ඔහු සඳහන් කරන්නේ ඕස්ට්‍රේලියානු හමුදා සෙබලුන් ඇෆ්ගනිස්ථාන සිවිල් වැසියන් සහ සිරකරුවන් නීති විරෝධී ලෙස ඝාතනය කිරීම හේතුවෙන් තමන් කම්පනයට පත් වූ අතර ඒ හේතුවෙන් මෙය සිදු කල බවයි.


 SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා


සජීවීව සහ පසුව online අහන්න -www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


මෙය තරයේ හෙලා දකින ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison අවධාරණය කොට සිටින්නේ මෙම ක්‍රියාව අතිශය “නින්දිත” සහ “දරුණු" ක්‍රියාවක් වන බවයි. එමෙන්ම මෙම ක්‍රියාව සම්බන්ධයෙන් චීන රජය ඕස්ට්‍රේලියානු රජයෙන් සමාව අයැදිය යුතු බවද ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා චීනයට අවධාරණය කොට සිටී.

ඕස්ට්‍රේලියානු හමුදා සෙබලුන් ඇෆ්ගනිස්ථානයේ සිදු කල බවට වන චෝදනා සම්බන්ධයෙන් වන වාර්තාවක් මෙම මස මුලදී නිකුත් වූ අතර චීනයේ මෙම ක්‍රියාව ඊට සම්බන්ධ බව විශ්වාස කෙරේ. මෙම ව්‍යාජ ඡායා රූපය අතිශයෝක්තියෙන් යුතු අපවාදාත්මක ඡායා රූපයක් වන අතර මෙය ඉවත් කරන ලෙස ඕස්ට්‍රේලියානු රජය Twitter සමාගමටද දන්වා තිබේ.
යුධ අපරාධ ගැටලුව සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාව අවංකව සහ විනිවිදභාවයකින් යුතුව මේ වන විට ක්‍රියා කරමින් සිටී. කෙසේ නමුත් මෙම වාර්තාව එළිදැක්වීමත් සමග චීනය සහ රුසියාව යන රටවල් දෙකම ඕස්ට්‍රේලියාව ඉලක්ක කරමින් විවිධ ක්‍රියාවන්හි නිරත වීම ආරම්භ කළේය.

ඇෆ්ගනිස්ථානයේදී සිදු කළා යැයි කියන යුධ අපරාධ චෝදනාත් සමගම ජාත්‍යන්තරය තුල ඔස්ට්‍රේලියාවට පැවති ස්ථාවරය අහිමි වූ බව රුසියාව මෑතකදී සඳහන් කළේය. මොස්කව් හි විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Maria Zakharova සඳහන් කොට සිටියේ නීති පදනම් කරගනිමින්,ලෝක සාමය ආරක්ෂා කිරීමට ඕස්ට්‍රේලියාව ගන්නා උත්සාහය සහ කැපවීම පිළිබඳව තමන් ප්‍රශ්න කරන බවයි.
Australia is calling on China to apologise for the fake photo.
Australia is calling on China to apologise for the fake photo. Source: Supplied
මෙම මස මුලදී ආරක්ෂක බලකායේ ප්‍රධානී Angus Campbell නිකුත් කල වාර්තාවෙන් හෙළි වුයේ පසුගිය යුධ සමයේදී ඕස්ට්‍රේලියානු හමුදා සෙබලුන් විසින් ඇෆ්ගනිස්ථානය තුල නීති විරෝධී ලෙස සිවිල් වැසියන් 39 දෙනෙකු පමණ ඝාතනය කොට ඇති අතර සිරකරුවන් දෙදෙනකුට අමානුෂික වධ හිංසා පමුණුවා ඇති බවයි.

එමෙන්ම චීනය සහ ඕස්ට්‍රේලියාව අතර පවතින සම්බන්ධතා ගැටලු මෑත කාලයේදී උග්‍ර වී ඇති අතර චීනය මගින් ඕස්ට්‍රේලියානු කෘෂිකාර්මික නිෂ්පාදන වන බාර්ලි සහ වයින් සඳහා වැඩි තීරු බදු අයකරමින් සිටී. කොරෝනා වෛරසයේ මුලාරම්භය සහ එය පැතිරීම සම්බන්ධයෙන් විධිමත් ස්වාධීන පරීක්ෂණයක් අවශ්‍ය බවට ඕස්ට්‍රේලියාව චීනයෙන් ඉල්ලීම මෙම ගැටලු ඇතිවීමට හේතු වී තිබේ.

මෙය පිළිකුලෙන් යුතුව හෙලා දකිමින්, ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය Marise Payne සඳහන් කරන්නේ මෙය චීන රජයේ කෝපාවිෂ්ඨ තවත් ක්‍රියාවක් වන බවයි. එමෙන්ම මෙම Twitter පණිවුඩය සම්බන්ධයෙන් චීනය ඕස්ට්‍රේලියාවෙන් සමාව ගත යුතු බවට චීන තානාපතිවරයා හට මේ වන විටත් දැනුම් දී ඇතැයිද ඇය පවසයි.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA

නැතිනම් රූපවාහිනියේ channel 38


කෙසේ නමුත් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන්නේ මෙවැනි ගැටලු පැවතියද චීනය සහ ඕස්ට්‍රේලියාව අතර සම්බන්ධතා යලි පිහිටුවීමට තමන් අපේක්ෂා කරන බවයි.


චීන රජය නිකුත් කොට ඇති මෙම ව්‍යාජ ඡායා රූපය සහිත Twitter පණිවුඩය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු කම්කරු පක්ෂයද සිය විරෝධය පල කොට තිබේ. කම්කරු පක්ෂ විදේශ කටයුතු පිළිබඳ ප්‍රකාශිකා සෙනෙට් සභික Penny Wong සඳහන් කොට ඇත්තේ මෙය අනවශ්‍ය සහ ගැටුම් ඇතිකරන, පරිණත නොවූ ක්‍රියාවක් වන අතර මෙමගින් ඕස්ට්‍රේලියානු ප්‍රජාව පිළිබඳව ජාත්‍යන්තරයට සාවද්‍ය පණිවුඩයක් ගෙන යන බවයි.

With AAP 


Share

Published

Updated

By Jarni Blakkarly, Nipuna Dodangoda

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service