ඔස්ට්‍රේලියාවේ බස් රථවල ආසන පටි පැළඳීම අනිවාර්යද? NSW මාරාන්තික බස් අනතුරෙන් පසුව දැඩි කතාබහක්

NSW මාරාන්තික බස් අනතුරෙන් පසුව ඔස්ට්‍රේලියාවේ බස් රථ ආසන පටි පිළිබඳ නීතිවලට දැඩි අවධානයක් යොමු කර තිබේ.

A man pulls a seatbelt across his lap and plugs it in.

Seatbelt laws are in the spotlight following a deadly bus crash in NSW's Hunter Valley. Source: AAP / Haydn West/PA/Alamy

ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Hunter Valley වයින් නිෂ්පාදන කලාපයේ පසුගියදා 10 දෙනෙකුට මරු කැඳවූ බස් රථ අනතුරෙන් පසු බස් රථවල ආසන පටි නීති පිළිබඳ දැඩි අවධානයක් යොමුවී තිබේ.

බස් රථයේ ආසන පටි සවි කර තිබූ බව පොලිසිය තහවුරු කරගෙන ඇති නමුත් අනතුර සම්බන්ධයෙන් තවමත් පරීක්ෂණ පැවැත්වෙන බැවින් මගීන් ඒවා පැළඳ සිටියේ දැයි ප්‍රකාශ කර නොමැත.
බස් රථවල ආරක්ෂාව වැඩි කිරීම සඳහා පොලිසිය යම් යම් වෙනස්කම් නිර්දේශ කරන්නේ නම් තම ප්‍රාන්ත රජය ඒ සම්බන්ධයෙන් ඇත්ත වශයෙන්ම පියවර ගන්නා බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැති Chris Minns පැවසීය.

නිව් සවුත් වේල්ස් හි බස් රථවල සහ කෝච් රථවල ආසන පටි තිබේ නම්, ඒවා පැළඳීමට ඔබ නීත්‍යානුකූලව වගකිව යුතු බවට වන පණිවිඩය නිකුත් කිරීම ඇත්තෙන්ම වැදගත් වන බවද ඔහු ABC පුවත් වෙත පැවසීය.

මෙම මාරාන්තික අනතුර හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයන්හි බස් රථවල ආසන පටි පැළඳීම ආශ්‍රිත නීති පිළිබඳ දැන් අපි සලකා බලමු.
NSW Premier Chris Minns speaking to the media.
NSW Premier Chris Minns addresses media near the scene of a fatal bus crash in Greta. Source: AAP / Darren Pateman

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිවරයා ප්‍රකාශ කරන පරිදි බස් රථයක ආසන පටි සවි කර ඇත්නම් ඔබ එහි ගමන් ගන්නා විට නීත්‍යානුකූලව ආසන පටි පැළඳිය යුතුය.

නමුත් සාමාන්‍ය නගරවල ක්‍රියාත්මක පොදු ප්‍රවාහන සේවා බස් රථ සාමාන්‍යයෙන් ආසන පටි වලින් සමන්විත නොවේ.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.———————————————————————————

එවැනි බස්රථයක් පුද්ගලිකව කුලියට ගන්නා විට පවා ඒවාට ආසන පටි නොමැති නමුත් බස් රථයක් කෝච් රථයක් ලෙස පෙනේ නම් සාමාන්‍යයෙන් ආසන පටි ඇති බව සිඩ්නි විශ්ව විද්‍යාලයේ ප්‍රවාහන හා සැපයුම් කළමනාකරණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය Geoffrey Clifton, SBS ප්‍රවෘත්ති සේවයට පැවසීය.

"ආසන පටි පැළඳීමට මගීන්ට පැවසීමට රියදුරුට නීතිමය වගකීමක් ඇත, ඇතැම් විට ඔවුන් වීඩියෝ පටයක් පෙන්වයි, නමුත් ඔවුන් එය පැළඳීමට මගීන්ට බල කළ යුතු නැත," යනුවෙන්ද ඔහු පැවසීය.

"බස් සමාගමටත් වගකීමක් තියෙනවා මගීන් ආරක්‍ෂිතද, ආසන පටි නිසි පරිදි ක්‍රියාත්මක වෙනවද කියලා පරීක්ෂා කරන්න. ඒ අය රියදුරන්ට කියන්න ඕනේ මගීන්ට ආසන පටි දාන්න කියන්න කියලා." ලෙසද ආචාර්ය Geoffrey Clifton වැඩි දුරටත් ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත්, අදාළ නීති බලාත්මක කිරීම NSW පොලිසියට භාර කටයුත්තකි.

ප්‍රවාහනයේදී බලාත්මක කළ හැකි ප්‍රමිතීන් සැකසීමේ නියාමනයට ඡන්දය දෙන ලෙසත් මෙම ප්‍රතිසංස්කරණය පැකිලීමකින් තොරව සම්මත කරන ලෙසත් ෆෙඩරල් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටින බව ප්‍රකාශයක් නිකුත් කරමින්, NSW ප්‍රවාහන සේවක සංගමයේ ප්‍රාන්ත ලේකම් Richard Olsen පැවසුවේය.

වික්ටෝරියා ප්‍රාන්තය

මැයි මාසයේදී Eynesbury අසළ Exford ප්‍රාථමික පාසලේ ළමුන් 46 දෙනෙකු රැගත් බස් රථයේ ට්‍රක් රථයක් ගැටීමෙන් පසු බස් රථවල ආසන පටි අනිවාර්ය කිරීම පිළිබඳව වික්ටෝරියා ප්‍රාන්ත රජය සලකා බැලූ බව වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.

වික්ටෝරියානු ප්‍රාන්තයේ නීතියට අනුව, ඉදිරිපස වින්ඩ්ස්ක්‍රීන් එකකට කෙළින්ම මුහුණලා ඇති මගී ආසනයක් නොමැති නම් බස් රථ හෝ කෝච් රථවල ආසන පටි තිබීම අවශ්‍ය නොවේ.

නමුත් පාසල් බස් රථවල ආසන පටි ඇත්නම් ඒවා පැළඳිය යුතුය.
2013 වසරේ සිට වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාදේශීය සහ ග්‍රාමීය ප්‍රදේශවල සියලුම රජයේ පාසල් බස් රථ සඳහා ආසන පටි සවි කර ඇත.

විශේෂයෙන් වෙන්කළ පාසල් බස් රථ 1,100කට වඩා ආසන පටි සවි කර ඇති අතර, 2024 අවසන් වන විට සියලුම පාසල් බස් රථවල ආසන පටි සවි කිරීමට අපේක්ෂා කෙරේ.

බස් මගීන්ට තම ආසන පටි පැළඳීමේ වගකීම පැවරී ඇති අතර රියදුරන්ගේ වගකීම වෙනස් කිරීම ප්‍රායෝගික ගැටළු වලට තුඩු දිය හැකි බවද වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.

අනෙකුත් ප්‍රාන්තවල බස් රථව සඳහා ආසන පටි පිළිබඳ නීති මොනවාද?

ක්වීන්ස්ලන්තයේ, බස් රථයක ආසන පටි සවි කර ඇත්නම්, මගීන් ඒවා පැළඳිය යුතු නමුත් මගීන් ආසන පටි පැළඳ නොසිටින අවස්ථාවක බස් රියදුරෙකු ක්වීන්ස්ලන්ත මාර්ග නීති කඩ කළා යයි නොසැලකේ.

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ සියලුම පාසල් බස්රථවල ආසන පටි තිබිය යුතු අතර ඒවා අනිවාර්යෙන් පැළඳිය යුතුය.
දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය ඊට සමාන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් ඉදිරිපත් කළ නමුත් දැනට වයස අවුරුදු 16 ට අඩු මගීන් පාලනය කරගත හැකියි යනුවෙන් සහතික කිරීම නිසා බස් රියදුරන්ට එම වගකීමෙන් නිදහස් වේ.

Northern Territory සහ Australian Capital Territory හි බස් රථයක ආසන පටියක් තිබේ නම් එය පැළඳීම ද අනිවාර්ය වේ.

ටස්මේනියා ප්‍රාන්තයේ TasBus දශක දෙකක කාලයක් පාසල් බස් රථවල ආසන පටි අනිවාර්ය කිරීම සඳහා බලපෑම් කරමින් සිටින අතර, දැනට එම නීති ක්‍රියාත්මක නොවේ.

Share

Published

By Madeleine Wedesweiler, Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service