ඔස්ට්‍රේලියාවේ පවුල් ප්‍රවාහනය සඳහා දිනකට සාමාන්‍යයෙන් ඩොලර් 59ක් වැය කරන බව හෙළිවෙයි.
ඔස්ට්‍රේලියාවේ ප්‍රවාහන වියදම් උද්ධමනයට වඩා වේගයෙන් ඉහළ ගොස් ඇති අතර, මෝටර් රථ ණය, රක්‍ෂණ සහ වාහන නඩත්තු කිරීමේ මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු ඔටෝමොබයිල් සංගමයේ (AAA) නවතම transport affordability index හෙවත් දැරිය හැකි ප්‍රවාහන මිල දර්ශකය පෙන්නුම් කරයි.
පෙට්‍රල් වල මධ්‍යම ප්‍රමාණයෙන් මිල පහත වැටීම් සහ ඇතැම් ප්‍රාන්තවල සහ ටෙරිටරිවල toll ගාස්තු සහ වාහන ලියාපදිංචි කිරීමේ වියදම් මත ලබාදෙන සහන ඇතුළුව, ඇතැම් ප්‍රදේශවල මෝටර් රථ හිමියන්ට සුළු සහනයක් ලැබුණු බවද අනවරණය විය.
අනෙකුත් වියදම්වලට වාහන සර්විස් කිරීම, ටයර් දැමීම, පොදු ප්‍රවාහනය සහ roadside assistance ඇතුළත් විය.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
සාමාන්‍ය ඔස්ට්‍රේලියානුවාසී පවුලක ප්‍රවාහන වියදම් මාර්තු කාර්තුවේදී 7.4% කින් පමණ වැඩි වී ඇති බව ඔස්ට්‍රේලියානු ඔටෝමොබයිල් සංගමය පවසයි.
එය එම කාලය තුළ පාරිභෝගික මිල දර්ශකයේ 1.4% ක වැඩිවීමට වඩා බෙහෙවින් වැඩි ය.
පවුලකට මෝටර් රථ දෙකක් ඇති සහ දෙමාපිය දෙදෙනාම රැකියාවක නිරත වන දරුවන් දෙදෙනෙකු සිටින උපකල්පිත පවුලකගේ පිරිවැය මත මෙම විශ්ලේෂණය පදනම් විය.
ඔබේ නගරයේ ප්‍රවාහනය සඳහා කොපමණ මුදලක් වැය වේද?
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර සඳහා සාමාන්‍ය ප්‍රවාහන පිරිවැය දිනකට ඩොලර් 63.77 ක් වූ අතර ප්‍රාදේශීය කලාපවල උදවිය දිනකට සාමාන්‍යයෙන් ඩොලර් 53.60 ක් ඒ සඳහා වියදම් කරයි.
වර්තමාන මිල ගණන් අනුව, මෙය ප්‍රධාන නගරවල වසරකට ඩොලර් 23,213 ක් සහ ප්‍රාදේශීය කලාපවල වසරකට ඩොලර් 19,510 ක් වනු ඇත.

ඔස්ට්‍රේලියාවේ ප්‍රවාහනය සඳහා වඩාත්ම මිල අධික නගරය ලෙස සිඩ්නි නගරය වාර්තා වන අතර එහි ප්‍රවාහනය සඳහා දිනකට ඩොලර් 72.97 ක් වැයවේ.
ප්‍රවාහන වියදම අතින් දෙවැනි තැනට මෙල්බර්න් නුවර පසුවන අතර එහි දිනකට ඩොලර් 71.82 ක් ප්‍රවාහනය සඳහා වියදම් වන බව හෙළිවී තිබේ.
බ්‍රිස්බේන් නුවර තුන්වන තැනට පත්වී ඇත්තේ දිනකට ඩොලර් 71.50 ක ප්‍රවාහන වියදමක් සහිතවය.
ප්‍රවාහන වියදම් අතින් බ්‍රිස්බේන් නුවර විශාලතම වැඩිවීම දැකගත හැකිවූ අතර ප්‍රවාහන පිරිවැය සාමාන්‍යයෙන් දිනකට ඩොලර් 4.90 කින් ඉහළ ගොස් තිබේ.

ප්‍රවාහනය සඳහා ලාභම ප්‍රධාන නගරය Hobart වන අතර එහි දිනකට පිරිවැය ඩොලර් 55.80 ක් වේ.
Alice Springs හි දිනක ප්‍රවාහන වියදම ඩොලර් 57.42 කි.
කෙසේ වෙතත්, Hobart පදිංචිකරුවන් ප්‍රවාහනය සඳහා ඔවුන්ගේ ආදායමෙන් වැඩිම ප්‍රතිශතයක් ගෙවමින් සිටින අතර එය සාමාන්‍යයෙන් 18.4% කි.
ආදායමෙන් ප්‍රවාහන වියදම් පිළිබඳ ජාතික සාමාන්‍යය අගය 15.8% ක් වන අතර තම ආදායමෙන් කුඩාම අනුපාතය ප්‍රවාහනය සඳහා වැය කරනුයේ කැන්බරා වැසියන්ය, එය 14.4% කි.

