ඕස්ට්‍රේලියානු මුල් පුරවැසියන් ලොව පැරණිතම ශිෂ්ටාචාරයට හිමි කම් කියන බව ඔබ දන්නවාද? SBS සිංහල / වාර්තා

Australia’s First Peoples are the world’s oldest living civilization dating back some 50,000 years according to a recent genetic study by an international team of academics. Yet, many Australians know little about the history of our First Peoples.

uncle

Source: SBS

ඕස්ට්‍රේලියානු මුල් පදිංචි කරිවන්ගේ ඉතිහාසය වසර 50000ක් පමන දිව යන බව ජානමය පර්යේෂණයකින් ඔප්පු වී තිබේ. නමුත් වසර 2014 දී කල සමීක්ෂණයකට අනුව මුල් පදිංචි කරුවන්ගේ ඉතිහාසය පිළිබද දන්නා ඕස්ට්‍රේලියානුවන් සිටින්නේ 30%ක් පමණයි . වසර 2011 සංගණනයට අනුව අබෝරිජිනල් හා torres dupath සම්භවයක් ඇති ජනයා 3%ක් වෙසෙනවා
වසර 1788 ඕස්ට්‍රේලියානු යුරෝපිය ආගමනයත් සමග ආදී වාසී සිවිල් අයිතීන්ට යම් අසාධරණයක් සිදු වූ බව නොරහසක් . ඒ කාලය තුල goreng goreng වැඩිහිටියකු වන Richard ජෝහ්න්සෝන් පවසන්නේ ඔහුගේ සීය ඔහුව එකල වනයේ සගවා තැබූ නිසා ඔහුට පවුල සමග හැදී වැටීමට අවස්තාව ලබුනු බවයි . මන්ද වසර 1867-1911 කාලය දක්වා නොකැළැල්
ආදී වාසී සම්භවයක් ඇති දරුවන් ඔවුන්ගේ පවුල් වලින් ඉවත් කොට අනාත නිවාස අඩියට යොමු කොට යුරෝපීයන් සමග මිශ්‍ර කිරීමේ වැඩ පිළිවෙලක් කිර්යාත්මක වී තිබේ. එය stolen generation යනුවෙන් හඳුන්වයි.

එසේම වසර 1970 පමණ වන තුරු ආදිවාසී භාෂාවන් කතා කිරීමද තහනම් කෙරුනා. එසේ ඉපැරණි භාෂාවන් 250ක් පමණ පැවතුනද දැනට ඉතිරිව ඇත්තේ භාෂා 120ක් බවත් ඉන්  ක්‍රියාකාරී වන්නේ භාෂා 13-18ක් පමණක් බවත් හෙළි වේ

!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!! සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
indegionus
Source: SBS
භාෂාව යනු ඕනෑම සංස්කෘතියක ප්‍රධාන අංගයක් වන බැවින් එය ඉවත් කිරීම තුලින් එම අනන්‍යතාවට හානි වන බවයි තවත් ආදිවාසියකු වන Desmond Purcell පවසන්නේ .
වසර 1962 වන තුරු ආදී වාසීන්ට චන්දය පාවිච්චි කිරීමේ අයිතිය ලැබුනේ නැහැ . නමුත් එය අනිවාර්ය වුයේ 1984 දී. එකල ආදිවාසී කටයුතු භාර දෙපාර්තමේන්තුව වුයේ වනය භාර දෙපාර්තමේන්තුවටටයි . එසේම ඔවුන් ජන සංගණනයෙන් ඉවත් වීම තුලින් ඔවුන් ශාක හෝ සතුන් ගණයට වැටෙන බවයි පෙනීගියේ .
වසර 1967 ජන මත විචාරණය තුලින් ඕස්ට්‍රේලියානුවන් 90% ක ගේ කැමැත්තෙන් මුල් ජාතිකයන් ඕස්ට්‍රේලියානු ජනගහනයට එක වුනා

des
Source: SBS


uncle Richard Johnson පවසන්නේ ඒ සමගම සතුන් ගණයට වැටී සිටි ආදිවාසීන්ට මිනිසුන් බවට ඔඅත් වීමට හැකි වුවත් ඔහු ගී භුමියේ කොටසක් ලෙස ගස් හෝ සතුන් වී සිටීම ඔහුට ගැටළුවක් නොවන බවත් ඔහු පවසනවා. නිල වශයෙන් ආදී වාසී ජනයාට කල වෙනස්කම් වසර 1967 ජන මත විචාරණයෙන් පසුව නැති වුවා. ඊට වසර 2ට පසුව සියලු ප්‍රාන්ත ආදී වාසී දරුවන් වෙන් කිරීමේ නීති ද ඉවත් කළා. මෙම stolen generation පරපුරට වසර 2008 දී හිටපු අගමැති කෙවින් රඩ් සිය සමාව ඉල්ලා සිටිය. එසේම Richard පවසන්නේ සිඩ්නි හි redfern හි හිටපු අග්‍රාමාත්‍ය Paul Keating සාම්ප්‍රදායක භුමිය
හසු කර ගැනීම, ලෙඩ රෝග හා මත්පැන් ගෙන එම හා දරුවන් ඉවත් කිරීම පිළිගත් බවයි .
එසේ නිල වසහයෙන් එය පිළිගත් ප්‍රථම අවස්තාව එයයි
එසේම සංහිඳියාව සදහා වසර 2000දී සිඩ්නි හාබර් පාලම මත දී ජනයා පෙළපාලියක් ද ගොස් තිබේ . වසර 2001 දී reconciliation Australia නම් ආයතනය පිහිටුවා ඇති අතර එමගින් ආදී වාසී නොවන හා ආදී වාසී ජනයා අතර සංහිඳියාව ඇති කරීමේ කටයුතු කරනු ලැබේ. එසදහා පසුගිය දශකය තුල තවත් ආයතන 800ක් පමණ ආරම්භ වී තිබේ.
නමුත් තවමත් සාමාජීය වශයෙන් ආදිවාසේ නොවන හා ආදිවාසී ජනයා අතර එක වීම ඉතා අඩුයි , එය 30%ක් පමණක් වෙනවා
නමුත් තවමත් 80% ක් දෙනා ඔවුන්ගේ පාසල් සමයේදී උගෙන නොගත් ආදිවාසීන් පිළිබද දැනුවත් වීමට කැමතියි.
වැඩි විස්තර සදහා පහත වෙබ් අඩවියට පිවිසෙන්න
The State of Reconciliation in Australia.

!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

 

 සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

*********************************************************************


Share

Published

Updated

By Charitha Adikari

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service