ඔබ ඔස්ට්‍රේලියාවට පැමිණි විගස ඔබ සිදු කළ යුතු ප්‍රධානතම කාර්යයක් නම් බැංකු ගිණුමක් විවෘත කිරීමය.
නවාතැන් පහසුකම් සඳහා මෙන්ම රැකියාවක් කර වේතන ලැබීම වැනි එදිනෙදා දිවියේ නිත්‍ය අංග සඳහා බැංකු ගිණුමක් තිබීම ඔබේ දිවිය පහසු කරවයි.
ඔස්ට්‍රේලියාවේ බොහෝ සමාගම් මුදලින් වැටුප් ගෙවන්නේ නැති බවත් ඔවුන් වැටුප් චක්‍රයකට අනුව අදාළ වැටුප් නියමිත දිනයකට පමණක් ගෙවන බවත් හිටපු බැංකු කරුවෙකු වන James Wakim පවසයි.
එමෙන්ම ඔබට බැංකුවට නොයා නිවසේ සිටම තමන්ගේ ගණුදෙණු කළ හැකි බවත් 80% ත් 90% ත් අතර ගණුදෙනු අත්පිට මුදල් හුවමාරුවකින් තොරව සිදුවන නිසා බැංකු ගිණුමක් තිබීම අත්‍යවශ්‍ය අංගයක් බවත් James Wakim පවසයි.
ඔස්ට්‍රේලියාවේ බැංකු
ANZ, Westpac, Commonwealth සහ NAB යන විශාල බැංකු හතර ඔස්ට්‍රේලියාවේ බැංකු ක්ෂේත්‍රය පාලනය කරන නමුත් තවත් කුඩා බැංකු කිහිපයක්ම ඔස්ට්‍රේලියානු වාසීන් හට මුල්‍ය පහසුකම් ලබා දේ.
බැංකු පද්ධතිය පාලනය වන්නේ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසිනි.
තැන්පතු ගිණුම් වලට අමතරව ඔබට ස්ථිර තැන්පතු වැනි අනෙක් වර්ග වල ගිණුම් ද ඔස්ට්‍රේලියාවේ ආරම්භ කළ හැකිය.
බැංකු වලට ගිණුම් හිමියන් වැඩි වැඩියෙන් අවශ්‍ය කරන අතර එනිසාම ඔවුන් සාමාන්‍යයෙන් ගිණුමක් ආරම්භ කිරීම ඉතා පහසු කර ඇත.
මුල්‍ය කටයුතු පිළිබඳ ඔබේ ඉංග්‍රීසි දැනුම අවම මට්ටමක පවතීනම් ඔවුන් ඒ සඳහා ඔබට සහය සපයනු ඇත.
"ඔබට ඉංග්‍රීසි භාෂාව සන්නිවේදනය කිරීමට අපහසු නම් ඔස්ට්‍රේලියාවේ බැංකු ඔබට වරලත් NAATI පරිවර්තකයෙකු ගේ හෝ අදාළ භාෂාව සන්නිවේදනය කිරීමට හැකි එම බැංකුවේම සේවය කරන කෙනෙකුගේ සේවය ලබා දෙන බව ව්‍යාපාරික උපදේශක Mariangela Stagnitti පැවසුවාය.
ඔස්ට්‍රේලියාවට පැමිණෙන නව සංක්‍රමණිකයින් ගේ බැංකු කටයුතු සම්බන්ධව වසර 30 ක පමණ අත්දැකීම් Mariangela Stagnitti හට තිබේ.

Source: SBS
බැංකු ගිණුමක් ආරම්භ කිරීමේ පියවර
ඔබට ඔස්ට්‍රේලියාවේ බැංකු ගිණුමක් අන්තර් ජාලය හරහා හෝ බැංකුවකට පිවිස විවෘත කළ හැකිය.
ඊට අදාළ ලකුණු 100 මට්ටම හෝ ඊට වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීම සඳහා ඔබගේ අනන්‍යතාව ඔප්පු කෙරෙන අනන්‍යතා සහතික දෙකක් මේ සඳහා අවම වශයෙන් අවශ්‍ය වේ.
අදාළ ලකුණු ලබා දෙන පිළිවෙල පහත පරිදි වේ.
- උප්පැන්න සහතිකය, ගුවන් ගමන් බලපත්‍රය, පුරවැසිභාවය පිළිබඳ සහතිකය - ලකුණු 100
- රියදුරු බලපත්‍රය (පූර්ණ, පරිවාස, පුහුණු) - ලකුණු 40
- ඔබේ නම ඇතුළත් ඕනෑම ඔස්ට්‍රේලියානු කාඩ් පතක් (Medicare කාඩ් පත, පුස්තකාල කාඩ් පත) - ලකුණු 25
- ඔබේ නම හා ලිපිනය ඇතුළත් ලිපි ලේඛන (වාහන ලියාපදිංචිය, බලශක්ති බිල්පත්, නිවාස කුලී රිසිට්පත්) - ලකුණු 25
උදාහරණ වශයෙන් ඔබට ඔබේ ගුවන් ගමන් බලපත්‍රය සමග ඔබේ රියදුරු බලපත්‍රය ඉදිරිපත් කිරීමට හැකි අතර ඔබේ ගුවන් ගමන් බලපත්‍රය සමග ඔබේ Medicare කාඩ් පත සහ ඔබේ අන්තර්ජාල බිලප්තක් ඉදිරිපත් කළ හැකිය.
working-holiday visa, ශිෂ්‍ය වීසා හෝ වෙනත් තාවකාලික වීසා වර්ගයක් හිමි අයෙකුට වුවද ඔස්ට්‍රේලියාවේ බැංකු ගිණුමක් ආරම්භ කිරීමට හැකිය.
ඔබට ඒ සඳහා ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය තිබීම හෝ පුරවැසිභාවය තිබීම අනිවාර්ය නොවන බවද කිව යුතුය.

Source: SBS
ඔබට ලැබෙන ප්‍රතිලාභ
අංක හතරක PIN අංකයක් සමග බැංකු කාඩ් පතක් ඔබට හිමිවේ.
ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර මගින් ඔබට ඕනෑම වේලාවක මුදල් තැන්පත් කිරීමට මෙන්ම මුදල් ආපසු ගැනීමටද මෙම කාඩ්පත භාවිත කළ හැකිය.
ඊට අමතරව භාණ්ඩ මිලට ගැනීමේදී පවා මෙම කාඩ්පත ඔබට භාවිතා කළ හැකිය.
කිසිවිටෙක ඔබේ PIN අංකය කා හටවත් නොපවසන්න.
Image
ඔබට සුදුසු බැංකුව කුමක්ද?
ඔබ බැංකුවක් තෝරා ගැනීමට පෙර ඔබට සුදුසු හා ඔබේ අවශ්‍යතාවන්ට සරිලන බැංකුව කුමක්ද කියා කාල වෙලාව රැගෙන තීරණය කරන්න.
බැංකු පද්ධතිය හා සේවාවන් භාවිතාව පහසු ක්‍රමයක පැවතීම, ඉතා හොඳ සේවාවන් සැපයීම, තරගකාරී වැඩි ප්‍රතිලාභ ගෙන දෙන තැන්පතු සැලසුම් තිබීම වැනි කරුණු ඒ අතර ප්‍රධාන වේ.
ඔබේ මිතුරන්, නෑදැයින් සහ ප්‍රජාවේ පිරිස් සමග කතා කර තොරතුරු ලබා ගන්න.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------
Share

