Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

Settlement Guide : ඔස්ට්‍රේලියාවේ Medicare සඳහා සුදුසු කවුරුන්ද?

ඔස්ට්‍රේලියාවේ Medicare සඳහා කවුරුන් සුදුසුද, එය කෙසේ භාවිත කළ යුතුද හා එයින් ප්‍රතිලාභ අත් කරගන්නේ කෙසේද යන්න අද Settlement Guide තුළින් විමසා බැලෙයි.

who is eligible for Medicare

Source: SBS

ඔස්ට්‍රේලියාව තුළ Medicare සෞඛ්‍ය රැකවරණය තිබීම බොහෝ ප්‍රතිලාභ අත්කර දෙයි.

ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක බොහෝ සෞඛ්‍ය සේවාවන් නොමිලයේ හෝ අඩු මුදලකට ලබා ගැනීමට එමගින් ඔබට හැකි මෙන්ම බෙභෙත් වට්ටෝරු අඩු මුදලකට ලබා ගැනීම සහ රජයේ රෝහල්වල රෝහල්ගත වූ විට නොමිලයේ සාත්තු සේවා ද  ලබා ගත හැකිය.

සුදුසුකම් ඇත්තේ කා හටද?

  • Medicare කාඩ් පතක් ලබා ගැනීමට ඔබ ඔස්ට්‍රේලියාව තුළ වාසය කළ යුතුය.
  • ඔස්ට්‍රේලියානු හෝ නවසීලන්ත පුරවැසියෙකු විය යුතුය.
  • Returning residents ඇතුළුව ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි භාවය තිබිය යුතුය.
  • ඔස්ට්‍රේලියාවේ රැකියා කිරීමට හැකි ස්ථිර වීසාවක් සඳහා අයදුම් කළ අයදුම්කරුවන්ට.
  • ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හෝ ස්ථිර පදිංචිය හෝ නවසීලන්ත පුරවැසිභාවය ඇති සහකරුවෙකු, දෙමාපියන් හෝ දරුවෙකු සිටිය යුතුය.
  • අමාත්‍යංශයක නිර්දේශ ආවරණයක් මත.
  • ඔස්ට්‍රේලියාව මත යැපෙන යම් විශේෂ දූපතක පදිංචි කරුවෙකු වීම.

ඔබ මීට සුදුසුද යන්න පිළිබඳ වැඩි විස්තර මෙතනින් ලබා ගත හැකිය.

ඊට අමතරව Reciprocal Care Agreement country හෙවත් අන්‍යෝන්‍ය සුරැකුම් උදෙසා ගිවිසුම් ගත රටකින් පැමිණි විට ද ඔබට Medicare  සඳහා සුදුසුකම් ලැබිය හැකිය.

එක්සත්  රාජධානිය, බෙල්ජියම,ඉතාලිය වැනි රටවල් 11 ක් මේ සඳහා අයත් වේ.

එම රටවල සම්පූර්ණ ලැයිස්තුව මෙතනින්.

Medicare
Source: Supplied

ලියාපදිංචි වන්නේ කෙසේද?

ඔස්ට්‍රේලියාවේ මානව සේවා දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් බාගත කළ හැකි Medicare සඳහා ඉල්ලුම් කෙරෙන  අයදුම්පතක් ඔබ පිරවිය යුතුය.

එසේත් නැතිනම්, ඔබට ආසන්නවම පිහිටා ඇති Medicare මධ්‍යස්ථානයට ගොස් ද එය සිදු කර ගත හැකිය.

ඔබ අදාළ අයදුම් පත පිරවීමෙන් අනතුරුව අවශ්‍ය ලිපි ලේඛන සමග එය Medicare මධ්‍යස්ථානයකට බාර දිය යුතුය.

ඔබ ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි කරුවෙක්ද  නැත්නම් ඔස්ට්‍රේලියානු පුරවැසියෙකු ද යන්න මත අවශ්‍ය ලිපි ලේඛන වෙනස් වේ.

ඔබේ හිමිකම් (claim) ලබා ගන්නේ කෙසේද?

ඔබ ඔබේ Medicare පත සඳහා අයදුම්කරන විට ඊට ඔබේ බැංකු ගිණුමද සම්බන්ධ කළ හැකිය.

බොහෝ ගනුදෙනු වල සැකසීම ඔබගේ වෛද්‍යවරයාගේ කාර්යාලයේදීම ආරම්භ වන අතර දින කිහිපයකට පසුව ඔබේ ගිණුමට අදාළ නියමිත මුදල බැර වේ.

ඔබට එය එවෙලිහිම කළ නොහැකි නම් ඔබට විද්‍යුත් තැපෑලෙන් හෝ අන්තර්ජාලය ඔස්සේ හෝ Express Plus Medicare ජංගම දුරකථන app එක මගින් සිදු කළ හැකිය.

ඔබේ smart ජංගම දුරකතනයට Medicare app එක තිබේ නම් ඔබට ඔබේ හිමිකම් (claim) සඳහා සෘජුවම එම app එක හරහා අයදුම් කළ හැකි බව මානව සේවා දෙපාර්තමේන්තුවේ නියෝජිත  Hank Jongen පැහැදිලි කරයි.

ඔබට ඔබේ  බිල්පතේ ඡායාරූපයක් ඔබේ ජංගම දුරකතනයෙන්ම ගෙන එය එවෙලෙහිම ජංගම දුරකතනය හරහා Medicare  වෙත එවිය හැකි බව ද ඔහු පවසයි.

An overview of the Medicare app
An overview of the Medicare app Source: SBS

ඉංග්‍රීසි භාෂාවෙන් හෝ වෙනත් භාෂා වලින් සහය ලබා ගැනීම

Medicare පිළිබඳ සාමාන්‍ය විමසීම් - 132 011 (පැය 24 පුරා ක්‍රියාත්මකයි)

ඔබේ භාෂාවෙන් විස්තර ලබාගැනීමට පරිවර්තක සේවා සඳහා - 131 450

නව සංක්‍රමණිකයින් ?

working-holiday හෝ ශිෂ්‍ය වීසා වල සිටින පුද්ගලයින් ට Medicare පහසුකම ලබා ගත නොහැකිය.

එවන් පුද්ගලයින් පුද්ගලික සෞඛ්‍ය ආවරණයක් ලබා ගැනීම අතිශය වැදගත් බව Grattan  ආයතනයේ Stephen Duckett නිර්දේශ කරයි.

"Medicare  යනු ඔස්ට්‍රේලියානු පුරවැසියනට හා ස්ථිර  උදෙසා ඇති සෞඛ්‍ය පහසුකම් පිළිබඳ ගිවිසුමකි. ඔබ ඔස්ට්‍රේලියාවට පැමිණි නව සංක්‍රමනිකයෙක් නම් ඔබේ වීසා මත Medicare පහසුකම ඇතිද නැතිද යන්න තීරණය වෙයි. Medicare  නොමැතිනම් ඔබේ සෞඛ්‍ය වියදම් යම් තාක් දුරකට හෝ ආවරණය කරගැනීමට ඔබට පුද්ගලික සෞඛ්‍ය රැකවරණයක් තිබීම වැදගත්." බව Stephen Duckett  පෙන්වා දෙයි.

ඔබ  Medicare පහසුකම නොමැති ඔස්ට්‍රේලියාවට පැමිණි සරණාගතයෙකු නම් ඔබේ සෞඛ්‍ය වියදම් ආවරණය කරන ක්‍රම පිළිබඳ ඔබට මග පෙන්වන්න   Asylum Seeker Resource Centre වැනි සංවිධාන ද තිබේ.

Medicare පිළිබඳ වැඩි විස්තර දැනගන්න ඔස්ට්‍රේලියාවේ මානව සේවා දෙපාර්තමේන්තු වෙබ් අඩවියට පිවිසෙන්න.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


3 min read

Published

Updated

By Madhura Seneviratne, Audrey Bourget




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now