SKIP TO MAIN CONTENT

!!..ඕස්ට්‍රේලියානු මහ මැතිවරණය 2016..!! විපක්ෂ නායක ශෝර්ටන්ගේ ළමා සුරැකුම් ප්‍රතිපත්තිය

මෙමගින් දරුවෙකු සඳහා වාර්ෂිකව ලැබෙන $7,500 ළමා සුරැකුම් දීමනාව $10,000 දක්වා ඉහළ යනු ඇත.

Australian Election 2016
Leader of the Opposition Bill Shorten visits a childcare centre in Glen Waverley as part of the 2016 election campaign in Melbourne Source: AAP

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

තම පක්ෂය මැතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් ළමා සුරැකුම්/ Child care  දීමනාව 15%කින් ඉහළ දැමීමට කම්කරු පක්ෂය සූදානම් බව වාර්තා වේ. විපක්ෂ නායක බිල් ශෝර්ටන් එළඹෙන ඉරිදා මෙල්බන් නුවරදී මෙහි සැලැස්ම ඉදිරිපත් කිරීමට නියමිත අතර මෙමගින් දරුවෙකු සඳහා වාර්ෂිකව ලැබෙන $7,500 ළමා සුරැකුම් දීමනාව $10,000 දක්වා ඉහළ යනු ඇත.

විපක්ෂ නායකවරයා කියා සිටියේ මෙම නව සැලැස්ම ලබන වසරේ ජනවාරි 01 වන දින සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි. මේ වන විට බහුතරයක් පවුල්වල මාසික ආදායමෙන් වැඩි හරියක් වැය වන්නේ ළමා සුරැකුම්/child care සඳහා බව ඔහු වැඩි දුරටත් පවසයි. ආර්ථික වර්ධනයට ළමා සුරැකුම් ක්ෂේත්‍රයේ උන්නතිය අත්‍යාවශ්‍ය බවද ඔහු කියා සිටියේය.

මෙම නව පැකේජයට පහත සඳහන් දෑ අන්තර්ගතය.

  • විනිවිදභාවය සහ වගකිවයුතුභාවය පිලිබඳ නව ප්‍රමිතීන්.
  • දිවා සුරැකුම් ක්ෂේත්‍රයේ උන්නතිය සඳහා ඩොලර් මිලයන 50ක්.
  • ස්වදේශීය සහ දුෂ්කර පළාත් වල දරුවන් සඳහා වූ සේවාවන් 15%කින් වර්ධනය කිරීම.
  • පෙර පාසැල් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිරත වූවන්ගේ අභිවෘද්ධිය සඳහා ඩොලර් මිලියන 150ක්.

විපක්ෂ නායකවරයා, පෙර පාසැල් අධ්‍යාපන කටයුතු පිළිබඳ විපක්ෂයේ මන්ත්‍රී කේට් එලිස් සමඟ එක්වී මෙම ප්‍රතිපත්ති එළඹෙන ඉරිදා මෙල්බන් නුවරදී ඉදිරිපත් කිරීමට නියමිතය.

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

  • සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
  • සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

  • සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now