ඔස්ට්‍රේලියාවේ නිවසක් මිලදී ගැනීමේදී වැදගත්වන සහ ප්‍රධාන වියදමක් ලෙස මුද්දර ගාස්තු සැලකිය හැකිය.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පළමු නිවාස ගැනුම්කරුවන්ට මුද්දර ගාස්තු වෙනුවට වාර්ෂික ඉඩම් බද්දක් ගෙවිය යුතුද යන්න තෝරා ගැනීමට ඉක්මනින් හැකි වනු ඇත.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැති Dominic Perrottet විසින් ඉදිරිපත් කළ ප්‍රාන්තයේ නව බදු නීති නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත පාර්ලිමේන්තුව නිල වශයෙන් සම්මත කළේය.
මෙම ප්‍රතිසංස්කරණය මඟින් ගැනුම්කරුවන්ට වැඩි මුදලක් ඉතිරි කර ගැනීමටත් වේලාසනින් නිවාස හා දේපල වෙළඳපොළට ඇතුළු වීමට හැකි වනු ඇති බවත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැති Dominic Perrottet ප්‍රකාශ කළේය.
නමුත් එය අවිනිශ්චිතතාවයක් ඇති කරන අතර ඉඩම් බදු අනුපාත වැඩි කිරීමට හේතු විය හැකි බවට විචාරකයෝ පවසති.
මෙම නවතම ප්‍රතිසංස්කරණය කුමක්ද, මෙය අදාළ වන්නේ කාටද, සහ ඇත්ත වශයෙන්ම මෙය පළමු නිවාස ගැනුම්කරුවන්ට ප්‍රයෝජනවත් වේවිද? යන ගැටළු පිළිබඳ මේ ලිපියෙන් විමසා බලමු.

NSW Premier Dominic Perrottet says the reform will enable buyers to "shave years" off the time it takes to safe for a house deposit. Source: AAP / BIANCA DE MARCHI
මෙම ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක වන්නේ කෙසේද?
දැනට, නිවාස ගැනුම්කරුවන් දේපලක් මිලදී ගැනීමේදී මුද්දර ගාස්තු ලෙස බද්දක් ගෙවයි.
එක් වරක් පමණක් ගෙවනු ලබන මෙම තනි ගෙවීම දේපලක් මිලදී ගැනීමේ සමස්ත පිරිවැයට ඩොලර් දහස් ගණනක් එකතු කරයි.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
නව ප්‍රතිසංස්කරණය යටතේ, පළමු නිවාස ගැනුම්කරුවන්ට කුඩා ප්‍රමාණයේ වාර්ෂික ගෙවීම් කිරීමට හැකියාව ඇත.
මේ සඳහා සුදුසුකම් ලැබීමට නම්, මිලදී ගන්නා දේපළ අදාළ ගැනුම්කරුවන්ගේ පළමු නිවස විය යුතුය.
එමෙන්ම අදාළ නිවසේ මිල උපරිම ඩොලර් මිලියන 1.5 ක් විය යුතු අතර හිස් ඉඩමක් නම් ඩොලර් 800,000 ක් දක්වා විය යුතුය.
අනෙකුත් ප්‍රාන්තවල මේ සම්බන්ධ තත්ත්වය කෙලෙසද?
ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකම සහ ටෙරිටරියකම දේපළ සඳහා මුද්දර ගාස්තු අය කරගැනීමේ තමන්ගේම ආකෘතියක් ඇත.
ඒ අනුව ඔස්ට්‍රේලියාව පුරා දේපළ සඳහා අය කෙරෙන මුද්දර ගාස්තු සහ ඒවායේ ක්‍රම වේදයන් වෙනස් වේ.
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ අදාළ දේපලෙහි වටිනාකම අනුව මුද්දර ගාස්තු තීරණය කෙරේ.
ඩොලර් මිලියන 1 ට වැඩි දේපල සඳහා ඉහළම මුද්දර ගාස්තු ඩොලර් 38,025 සහ වටිනාකම වැඩිවන එක් එක් ඩොලර් 100 ක් සඳහා ඩොලර් 5.75 බැගින් අය කෙරේ.
වික්ටෝරියා ප්‍රාන්තය
වික්ටෝරියානු ප්‍රාන්තයේ දේපළ ගැනුම්කරුවන් සඳහා, මුද්දර ගාස්තුවල ආරම්භක අනුපාතය 1.4% ක් වන අතර සාමාන්‍ය දේපලක් සඳහා එය $25,000 ත් $110,000 අතර පවතී.
එමෙන්ම ඩොලර් මිලියන 2 ඉක්මවන දේපළ සඳහා මුද්දර ගාස්තුව එහි වටිනාකමින් 6.5% කි.
ඇතැම් ප්‍රදේශවල ගැනුම්කරුවන් සහ පළමු-නිවාස ගැනුම්කරුවන් මුද්දර ගාස්තුවලින් නිදහස් කිරීමක් හෝ සහනයක් සඳහා සුදුසුකම් ලැබිය හැකිය.
ACT
ACT හි, මෙම බද්ද ඩොලර් 100 කට ඩොලර් 0.60 කින් ආරම්භ වේ.
මෙහි ඉහළම මුද්දර ගාස්තු අනුපාතය ලෙස ඩොලර් මිලියන 1.455ට වැඩි දේපල සඳහා මුළු ගනුදෙනු වටිනාකමට අනුව ඩොලර් 100කට ඩොලර් 4.54 බැගින් වූ flat rate එකක් අය කර ගනියි.
පිරිනැමීමේ අවස්ථා අනුව ඇතැම් සහන සහ නිදහස් කිරීම් ගැනුම්කරුවන්ට ලබාදීමටද ACT රජය පියව්රා ගෙන ඇත.
ටස්මේනියා ප්‍රාන්තය
දේපල පැවරීමේ මුද්දර ගාස්තු අනුපාත වෙනස් වේ,
$725,000 ට වැඩි දේපලක් සඳහා $27,810 ක් උපරිමය දක්වා සහ සෑම $100 සඳහාම $4.50 බැගින් ය කර ගැනෙයි.
සුදුසුකම් ලබන පළමු නිවාස ගැනුම්කරුවන් මෙහිදී 50% ක සහනයක් සඳහා සුදුසුකම් ලබයි.
දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය
දකුණු ඔස්ට්‍රේලියාවේ මුද්දර ගාස්තු ගාස්තු ලෙස දේපළෙහි වටිනාකමින් සෑම $100කටම $1.00ක බැගින් හෝ $12,000 ක උපරිමයකට යයි.
ඉහළම අනුපාතය ඩොලර් 400,000 ට වැඩි දේපල සඳහා බලාත්මක වන අතර එය $21,330 කි.
ඒ අනුව සෑම $100 ක් සඳහාම $5.50 ක් මුද්දර ගාස්තු ගාස්තු ලෙස අය කෙරේ.
බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය
$120,000ට අඩු දේපල සඳහා, ගැනුම්කරුවන් දේපළෙහි වටිනාකමෙන් $100කට $1.90ක් බැගින් මුද්දර ගාස්තු අය කෙරෙනු ඇත.
$725,000 ට වැඩි දේපල සඳහා ඉහළම මුද්දර ගාස්තුව $28,453 ක් සහ $725,000 ට වැඩි වටිනාකමක් ඇති දේපළවලට සෑම $100 කටම $5.15 බැගින් මුද්දර ගාස්තුව ක්‍රමයෙන් ඉහළ යයි.
Northern Territory
$525,000 දක්වා දේපල සඳහා සූත්‍රයකට යටත්ව දේපළෙහි වටිනාකම අනුව මුද්දර ගාස්තු ගණනය කෙරේ.
ඩොලර් 500,000 ට වැඩි දේපල සඳහා, ගැනුම්කරුවන් අදාළ දේපළෙහි වටිනාකමෙන් නියම කළ ප්‍රතිශතයක් ගෙවයි.
පළමු නිවාස හිමියන්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්, විශ්‍රාමිකයින් සහ රැක බලා ගන්නන් සඳහා වට්ටම් සහ සහන ලබාදෙයි.