ඔස්ට්‍රේලියාවේ දේපළ සමාගමකුත් හැක් කෙරේ, කුලී නිවැසියෙකු හෝ නිවෙස් හිමියෙකු වන ඔබගේ දත්ත ආරක්‍ෂිතදැයි බලන්න

ඔස්ට්‍රේලියාවේ දේපළ වෙළෙඳාම් සමාගමක් හැක් කිරීමකට ලක් වුවහොත් පාරිභෝගිකයින්ගේ පුද්ගලික හා රහසිගත දත්ත විශාල ප්‍රමාණයක් අනාවරණය වෙයි.

Houses on a street in Sydney

Digital rights advocates have warned of the dangers of real estate agencies being allowed to collect and store vast quantities of personal data. Source: AAP / BIANCA DE MARCHI

ඔස්ට්‍රේලියාවේ ආයතන සහ සමාගම්වලට දිගින් දිගටම සයිබර් ප්‍රහාර එල්ලවන බවට තොරතුරු වාර්තා වෙමින් පවතී.

ඔස්ට්‍රේලියාවේ විදුලි සංදේශ ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධතම සහ ප්‍රධානතම සමාගමක් වන Optus සමාගමට එල්ල වුණු සයිබර් ප්‍රහාර මෙන්ම ඔස්ට්‍රේලියාවේ විශාලතම පුද්ගලික සෞඛ්‍ය රක්‍ෂණ සමාගම වන Medibank වෙතද සයිබර් ප්‍රහාර එල්ල වී පාරිභෝගික දත්ත සොරාගෙන ඇති බවට පසුගිය දිනවල වාර්තා විය.

එමෙන්ම ඔස්ට්‍රේලියාවේ pathology ව්‍යාපාරයක් වන Medlab Pathology හි රෝගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ දත්ත හැකර්වරුන් විසින් සොරාගෙන ඇති බවට Australian Clinical Labs (ACL) නිවේදනයක් නිකුත් කරමින් පසුගියදා පැවසීය.


මෙම සිදුවීම් සමග ඔස්ට්‍රේලියානු දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ තවත් සුපිරි සමාගමකට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇති බවට තොරතුරු වාර්තා වේ.

ඔස්ට්‍රේලියානු දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ සමාගමක් වන Harcourts විසින් තමන්ට පසුගිය මාසයේ සයිබර් ප්‍රහාරයක් එල්ලවූ බව හෙළිදරව් කර ඇති අතර තමන් සතුව තිබූ කුලී නිවැසියන්ගේ, නිවාස හිමියන්ගේ සහ tradespeople හෙවත් වෘත්තීය සේවා සපයන්නන්ගේ පුද්ගලික තොරතුරු එහිදී කාන්දු වී ඇතැයි පවසයි.

නොදන්නා තෙවන පාර්ශවයක් තම කුලී දේපල දත්ත ගබඩාවට ප්‍රවේශ වී ඇති බවට ඔක්තෝබර් 24 වන දින තම සමාගම දැනුවත් වූ බව පවසමින් Harcourts හි Melbourne City ශාඛාවේ ගනුදෙනුකරුවන් වෙත අදාළ සමාගම විද්‍යුත් තැපෑලක් යවා තිබේ.

Harcourts සමාගමට පරිපාලනමය සහාය ලබා දෙන සේවා සපයන්නෙකු වන Stafflink පද්ධතියේ ඇති සේවකයෙකුගේ ගිණුමකට නාඳුනන තෙවන පාර්ශවයක් විසින් හැක් කර ප්‍රවේශ වූ බවට දැනගන්නට ලැබීමත් සමග මෙම ප්‍රහාරය පිළිබඳ තොරතුරු වාර්තා වූ බව Harcourts සමාගම පවසයි.

තවමත් මෙම සිද්ධිය පිළිබඳ විමර්ශනය කරමින් සිටින බවද Harcourts සමාගම අදාළ විද්‍යුත් තැපෑලේ සඳහන් කර ඇත.

මේ පිළිබඳ තොරතුරු දැනගැනීම පිණිස SBS ප්‍රවෘත්ති සේවය Stafflink සම්බන්ධ කරගැනීමට ඉත්සහ දරමින් සිටී.

කෙසේවෙතත්, මෙම සයිබර් ප්‍රහාරයෙන් කී දෙනෙකුට බලපෑම් එල්ල වී ඇත්දැයි තවමත් නිශ්චිතව නොදනී.

real estate
Advocates had warned of the dangers of a real estate data breach. It just happened Source: AAP / David Crosling

හෙළිදරව් විය හැකි තොරතුරු වර්ග මොනවාද?

ඔස්ට්‍රේලියාවේ දේපළ වෙළෙඳාම් සමාගමක් හැක් කිරීමකට ලක් වුවහොත් පාරිභෝගිකයින්ගේ පුද්ගලික හා රහසිගත දත්ත විශාල ප්‍රමාණයක් අනාවරණය වෙයි.

කුලී නිවැසියන්ගේ, නිවාස හිමියන්ගේ මෙන්ම අදාළ නිවාස සඳහා සේවා සපයන වෘත්තිකයින්ගේ පුද්ගලික හා රහසිගත තොරතුරු එලෙස අවදානමට ලක්විය හැකිය.

මෙම හැක් කිරීම ගැන දැනගත් පසු බලපෑමට ලක් වූ Stafflink ගිණුමට ක්ෂණිකව ප්‍රවේශය අවලංගු කළ” නමුත් ඇතැම් තොරතුරු කෙටි වේලාවක් සඳහා තෙවන පාර්ශවයට දැකගත හැකි වී ඇති බව Harcourts සමාගම පවසයි.

එලෙස අවදානමට ලක්වූ කුලී නිවැසියන්සගේ තොරතුරු වර්ග නම්:

  • සම්පූර්ණ නීත්‍යානුකූල නම
  • Email ලිපිනය
  • නිවසේ ලිපිනය
  • දුරකතන අංකය
  • අත්සනේ පිටපතක්
  • අනන්‍යතාව සහතික කිරීමට සපයා ඇති ඡායාරුපයක් සහිත අනන්‍යතාව සහතික

අවදානමට ලක්වූ නිවාස හිමියන්ගේ මෙන්ම අදාළ නිවාස සඳහා සේවා සපයන වෘත්තිකයින්ගේ තොරතුරු වර්ග නම්:

  • සම්පූර්ණ නීත්‍යානුකූල නම
  • email ලිපිනය
  • නිවසේ ලිපිනය
  • දුරකතන අංකය
  • අත්සනේ පිටපතක්
  • බැංකු ගිණුම් විස්තර

තමන්ගේ ගිණුම් සම්බන්ධයෙන් කිසියම් සැක කටයුතු දෙයක් සිදුවනවාදැයි විමසිල්ලෙන් සිටින ලෙස Harcourts සමාගම තම පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටී.

දේපළ වෙළෙඳාම් නියෝජිතයන් කුලී නිවැසියන්ගෙන් පමණට වඩා තොරතුරු ඉල්ලා සිටිනවාද?


මෙම හැක් කිරීම හරහා කුලී නිවැසියන්ගේ සහ නිවාස හිමියන්ගේ අනන්‍යතාව සොරකම් කිරීම සඳහා වැඩි අවස්ථාවක් සැපයෙන බවත් පුද්ගලික දත්ත විශාල ප්‍රමාණයක් එකතු කිරීමට සහ ගබඩා කිරීමට සමාගම්වලට ඉඩ දීමේ අනතුරුදායක තත්ත්වය පිළිබඳ සිහිපත් කිරීමක් ලබාදෙන බවත් Digital Rights Watch පදනම පවසයි.

"නිවසක් සඳහා අයදුම් කිරීමේදී විදේශ ගමන් බලපත්‍රයේ සිට රැකියා ඉතිහාසය දක්වා සෑම දෙයක්ම ලබා දෙන ලෙස කුලී නිවැසියන්ගෙන් ඉල්ලා සිටින අතර මෙම දත්ත සංචිතය පැහැදිලිවම හැකර්වරුන්ගේ විශාල ඉලක්කයක් වුණා," යනුවෙන් Digital Rights Watch පදනමේ විධායක අධ්‍යක්ෂ James Clark නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

දත්ත හැක් කිරීමක හානිය අවම කර ගත හැකි එකම ක්‍රමය වන්නේ අදාළ කුලී ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා එතරම් තොරතුරු රැස් නොකිරීම සහ ගබඩා නොකිරීම බවද ඔහු පැවසීය.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
 

මේ සම්බන්ධයෙන් වෙනස් කළ යුත්තේ කුමක්ද?

ඔස්ට්‍රේලියාවේ "comprehensive privacy reform" හෙවත් පාරිභෝගිකයින්ගේ පුද්ගලිකත්වය සම්බන්ධයෙන් පුළුල් ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය වන්නේ මන්දැයි මෙම දත්ත සොරා ගැනීමෙන් පෙන්නුම් කරන බව Digital Rights Watch පදනමේ විධායක අධ්‍යක්ෂ James Clark ප්‍රකාශ කළේය.

සමාගම් privacy law හෙවත් පුද්ගලිකත්ව නීතියට අනුකූල වන බව සහතික කිරීම සඳහා මනා සම්පත් ඇති සහ බල ගැන්වූ නියාමකයෙකු ද ඔස්ට්‍රේලියාවට අවශ්‍ය වන බව ඔහු පැවසීය.

ඔස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රාන්තවල සහ ටෙරිටරිවල, දේපල ඒජන්සිවලට තොරතුරු එකතු කිරීමට අවසර දී ඇති සීමාවන් තිබෙන බවද ඔහු පෙන්වා දුන්නේය.


උදාහරණයක් ලෙස වික්ටෝරියා ප්‍රාන්තයේ කුලී නිවැසියන්ගෙන් සම්පූර්ණ බැංකු ප්‍රකාශන ලබාගැනීමට අවසර නැති නමුත් බොහෝ නියෝජිතයින් තවමත් එම තොරතුරු ඉල්ලා සිටින බව ඔහු පැහැදිලි කළේය.

එය එය නීත්‍යානුකූල බව පිළිබඳ නොව බලය පිළිබඳ ප්‍රශ්නයක් ද වේ.

"දේපළ වෙළෙඳාම් නියෝජිතයින්ට ඔබට නිවාසයක් ලබා නොදීමට හැකියාව ඇති තාක් කල්, කුලී නිවැසියන් ඔවුන් ඉල්ලන දේ කරනු ඇති" යනුවෙන්ද Digital Rights Watch පදනමේ විධායක අධ්‍යක්ෂ James Clark ප්‍රකාශ කළේය.

මේ අතර පාරිභෝගිකයින්ගේ තොරතුරු නැවත නැවතත් සොරාගැනීමට ඉඩ සලසන සමාගම් සඳහා දැඩි දඬුවම් හඳුන්වා දීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මේ වන විට යෝජනා කර ඇත.



Share

Published

By Amy Hall, Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service