Greater Melbourne වැසියන්ට දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ දොරටු වැසේ

South Australian Police stopping vehicles near the SA border 5kms east of Pinnaroo, South Australia

South Australian Police stopping vehicles near the SA border 5kms east of Pinnaroo, South Australia Source: AAP

නවතම කොරෝනා පොකුර නිසා මෙල්බර්න් Holiday Inn හෝටලය වසා දැමේ

විදේශ වල සිට පැමිණෙන්නන් නිරෝධායනයට යොදාගන්නා මෙල්බර්න් ගුවන් තොටුපල ආසන්නයේ පිහිටා තිබෙන හොලිඩේ ඉන් හෝටලයෙන් තවත් කොරෝනා ආසාදිතයින් සොයාගැනීම හේතුවෙන් එය වසා දැමීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කරයි.

අදාළ හෝටලය ආශ්‍රිතව මේ වන විට සොයා ගෙන ඇති කොරෝනා ආසාදිතයින් ගණන 8කි.

එසේම හොලිඩේ ඉන් හෝටලයේ නිරෝධායනයට ලක්වෙමින් සිටිනා පුද්ගලයින් ඉන් ඉවත්කොට වෙනත් හෝටලයක් වෙත රැගෙනයාම ද ආරම්භ කොට තිබේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බ්‍රෙට් සටර්න් පවසන්නේ හෝටලයේ වාතාශ්‍රය සපයන පද්දතියෙහි ඇති දුර්වලතාවක් හේතුවෙන් කොරෝනා වයිරසය පැතිරීම සිදුව ඇති බවයි.

ඕස්ට්‍රේලියාවේ වෛද්‍ය සංගමයේ වික්ටෝරියානු ශාඛාව පවසන්නේ ප්‍රාන්තයේ හෝටල් නිරෝධායන පහසුකම් සපයා ඇති හෝටල් කිහිපයක වාතාශ්‍රය සපයන පද්ධතිය, COVID-19 ආසාදන පාලනය සඳහා වන ප්‍රමිතීන්ට අනුකූල නොවන බවයි.

මේ අතර මෙම තත්වය මත නැවත කොරෝනා පාලනය වෙනුවෙන් වන ප්‍රජා නීති පැනවිමෙහි කිසිඳු අදහසක් නොමැති බව වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Daniel Andrews පවසයි.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW 

නැතිනම්  රූපවාහිනියේ channel 38 


Greater Melbourne වැසියන්ට දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ දොරටු වැසේ

මෙල්බර්න් හි කොරෝනා ආසාදිතයින් 8 දෙනෙකු අළුතෙන් හඳුනාගැනීම හේතුවෙන් දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්ත රජය ග්‍රේටර් මෙල්බර්න් කලාපයේ හි සිට පැමිණෙන ජනතාවට තම ප්‍රාන්තයට ඇතුළුවීම තහනම් කර තිබේ.

මෙය අද (11/02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි.

කෙසේ වෙතත්, මෙල්බර්න් හි සිට නැවත පැමිණෙන තම ප්‍රාන්තයේ වාසය කරන ජනතාවට නැවත පැමිණිය හැකි බවද, එහෙත් දින 14 ක නිරෝධායන කාලසීමාවකට යටත් විය යුතු බවද දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්ත රජය වැඩිදුරටත් පවසා සිටී .

ග්‍රේටර් මෙල්බර්න් හි වැසියන්ට තහනම් වුවද වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාදේශීය ප්‍රදේශ වල සිට පැමිණෙන ජනයාට තම ප්‍රාන්තයට ඇතුළුවීමට ඉඩ ලබාදෙන බව දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්ත පොලිස් කොමසාරිස් ග්‍රාන්ට් ස්ටීවන්ස් පවසා සිටී.


SBS සිංහල Facebook පිටුවට පිවිස ඔස්ට්‍රේලියාව පිළිබඳ නවතම තොරතුරු දැනගන්න.


නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොරෝනා නීති තවත් ලිහිල් කෙරේ

මෙම සිකුරාදා (12/02) මධ්‍යම රාත්‍රී 12 සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොරෝනා හේතුවෙන් පනවා තිබු ප්‍රජා සීමා කිරීම් ලිහිල් කෙරේ.

ඒ අනුව මුහුණු ආවරණ අනිවාර්ය වන්නේ පොදු ප්‍රවාහනයේදී සහ කුලී රථ සේවාව ලබා ගන්නා පුද්ගලයින් සඳහා පමණි.

එසේම දැනට ක්‍රියාත්මක ඇතැම් ආගන්තුක සත්කාර ක්ෂේස්ත්‍ර සහ වෙළඳ සැල් වල සේවකයින් සඳහා මුහුණු ආවරණ පැළඳීමේ නීතිය එලෙසම පවතිනු ඇත.

නීති රීති ලිහිල් කෙරුවද ප්‍රජාවේ ආරක්ෂාව වෙනුවෙන් හැකිනම් මුහුණු ආවරණ පැළඳ සිටින ලෙස ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය බ්‍රැඩ් හැසාඩ් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වාසීන්ගෙන් ඉල්ලා සිටී.


Share

2 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now