Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

සත්ව සුභසාදනය වෙනුවෙන් ලෝක සම්මානයකින් පිදුම් ලබා ශ්‍රී ලංකේය නාමය බැබලවූ ලක් දියණියක් SBS සිංහල සේවයට පැවසූ දෑ (SBS සිංහල/වාර්තා)

Dr. Tharanga Thoradeniya

Source: themorning.lk

ලොව විවිධ පර්යේෂණ සඳහා සතුන් යොදා ගැනීම මේ වන විට සුලභ කරුණක්. මේ අතරම මෙම කාර්යය සඳහා සිය විරෝධය පල කරන සහ සත්ව සුභසාධනය පිළිබඳ අවධානයෙන් සිටින විවිධ කණ්ඩායම්ද නැතුවාම නොවේ.

ශ්‍රී ලංකා කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී ආචාර්‍ය තරංගා තෝරදෙණිය මෙම සත්ව සුභසාධන දැක්ම අනුගමනය කරන එක් ශ්‍රී ලාංකික පර්යේෂිකාවක්. තරංගා මෙම වසරේ Global Animal Welfare Awards සම්මානයෙන් පිදුම් ලැබුවේ දිගින දිගටම සිදු කෙරුණු ඇයගේ සත්ව සුභසාධන වැඩකටයුතු වල ප්‍රතිපලයක් වශයෙනුයි.


 SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීව සහ පසුව online අහන්න -www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


ඇයගේ පර්යේෂණ කටයුතු සඳහා යොමු වීම පිළිබඳව SBS සිංහල සේවයට අදහස් දක්වමින් ආචාර්‍ය තරංගා තෝරදෙණිය සඳහන් කලේ, පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ උපාධිදාරිනියක වන ඇය ඉන් පසුව කොළඹ විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබාගත් බවයි. මෙම කාලයේදී සිදු කරන ලද පර්යේෂණ කටයුතු අතරතුර, පර්යේෂණ සඳහා යොදාගනු ලබන සතුන් සම්බන්ධයෙන් වන සුභසාධන කටයුතු සඳහා යොමු වූ බව ඇය පවසයි.

World Veterinary Association (WVA) සහ Ceva Santé Animale ආයතනය එක්ව Global Animal Welfare Awards සම්මාන උළෙල පවත්වන අතර මෙමගින් ලොව පුරා සත්ව සුභසාධනය සඳහා කැපවන පුද්ගලයින් සහ ආයතන ඇගයීම සිදුවේ. මෙවර පැවති 4 වන Global Animal Welfare Awards සම්මානයෙන් පිදුම් ලැබීම සඳහා ආචාර්‍ය තරංගා තෝරදෙණිය යෝජනා වී ඇත්තේ ඇයගේ පර්යේෂණ පැසසුමට ලක්කරන ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංවිධානය මගින්.

Dr. Tharanga Thoradeniya
Source: Supplied

වර්තමානයේ පර්යේෂණ සඳහා සතුන් යොදාගැනීම සම්බන්ධයෙන් SBS සිංහල සේවයට අදහස් පළකරමින් ආචාර්‍ය තරංගා තෝරදෙණිය සඳහන් කොට සිටියේ පර්යේෂණ සඳහා යොදාගන්නා සතුන් හට දැඩි හිරිහැර සහ පීඩන සිදුවන අතර ඊට විරුද්ධව මේ වනවිටත් සංවිධාන විශාල සංක්‍යාවක් පවතින බවයි. මේ පිළිබඳව වැඩිදුර අදහස් දක්වමින් ඇය කියා සිටියේ විශේෂයෙන්ම මේ වනවිට රූපලාවන්‍ය සහ ඖෂධ වැනි ක්ෂේස්ත්‍ර වල පර්යේෂණ සඳහා සතුන් යොදාගැනීම විශාල වශයෙන් සිදු වන බවයි.

කෙසේ නමුත් මෙම පර්යේෂණ සඳහා සතුන් යොදාගැනීම වෙනුවට වෙනත් ක්‍රමෝපායන් පවතින බව පෙන්වා දෙන ඇය සඳහන් කරන්නේ උදාහරණයක් වශයෙන් රූපලාවන්‍ය පිලිබඳ පර්යේෂණ සඳහා මිනිස් සෛල උපයෝගී කරගනිමින් පර්යේෂණාගාරයක් තුල නිර්මාණය කරන ආකෘතියක් (Model) තුල එම පරීක්ෂණ සිදු කල හැකි බවයි.

"රූපලාවන්‍ය නිෂ්පාදන හමට හානිකරද කියලා බලන්න ඕනෙනම්, මිනිස් සෛල අරගෙන මිනිස් සම පර්යේෂණාගාරයේ වැඩෙන්න සලසලා, මේ නිෂ්පාදනය අපට මේ Model එකේ Test කරන්න පුලුවන්"

මේ වන විට පවතින දියුණු තාක්ෂණයත් සමග මිනිස් අවයව නිර්මාණය කිරීම පවා සිදු කල හැකි හෙයින් ඇතැම් අවස්ථාවන්හිදී පමණක් අපහසු වුවද පරීක්ෂණ සිදු කිරීම සඳහා සතුන් යොදාගැනීම අත්‍යවශ්‍ය නොවන බව ඇය පවසයි.

"අපි ඇත්තටම ඉන්නේ 21 වෙනි ශතවර්ෂේ, අපේ තාක්ෂනය ගොඩාක් දියුණු වෙලා තියෙනවා, මේ දියුණු තාක්ෂණයත් එක්ක ගොඩාක් Alternatives තියෙනවා, ඒ වගේම පර්යේෂකයෝ මේ වෙද්දීත් මේ ගැන පර්යේෂණ සිදු කරනවා"

විද්‍යාගාර පරීක්ෂණ සඳහා යොදාගන්න සතුන් සඳහා පරීක්ෂණයන්ගෙන් අනතුරුව යම් වැඩපිළිවෙලක් පවතීද යන්න පිලිබඳව SBS සිංහල සේවය නැගු පැනයට පිළිතුරු දෙමින් ආචාර්‍ය තරංගා තෝරදෙණිය සඳහන් කලේ, පරීක්ෂණ සඳහා යොදාගනු ලබන කුඩා සතුන් නැවතත් වෙනත් පරීක්ෂණ සඳහා යොදාගැනීමක් සිදු නොවන අතර සාවුන් සහ බල්ලන් වැනි විශාල සතුන් පුනරුත්ථාපනය කරන අවස්ථා පවතින බවයි.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA

නැතිනම් රූපවාහිනියේ channel 38


පර්යේෂණ සඳහා යොදාගන්නා සතුන්ගේ සුභසාධනය සඳහා තමන් 3R Principles in animal experimentation වැඩපිළිවෙල අනුමත කරන බව සඳහන් කරන ආචාර්‍යවරිය පෙන්වා දෙන්නේ මෙම මුලධර්මයන්ට මගින් සතුන් සඳහා වෙනත් ආදේශක යොදාගැනීම, සතුන් සඳහා අවම වේදනාවක් ඇති වන පරිදි පරීක්ෂණ සිදු කිරීම සහ සතුන් අවශ්‍ය සංක්‍යාව පමණක් පර්යේෂණ සඳහා යොදාගැනීම කෙරෙහි අවධානය යොමු වන බවයි.

Global Animal Welfare Awards සම්මානයෙන් පිදුම් ලැබූ ආචාර්‍ය තරංගා තෝරදෙණියගේ වැඩසටහන සම්බන්ධයෙන් Ceva Santé Animale ආයතනය සිදු කල කෙටි වාර්තාමය වීඩියෝව 

 

ආචාර්‍ය තරංගා තෝරදෙණිය සමඟින් SBS සිංහල සේවය සිදුකල සාකච්චාව පහතින්....


4 min read

Published

By Nipuna Dodangoda



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now