SKIP TO MAIN CONTENT

ශ්‍රී දේවිගේ මරණය සැකයට තුඩු දෙන ලකුණු.

Sridevi Kapoor drowned in hotel bathtub
Indian actress Sridevi Source: (AP Photo/Lionel Cironneau)

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

පසුගිය සෙනසුරාදා (24/02) සිදුවූ බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය සහ ප්‍රවීණ රංගන ශිල්පිණී ශ්‍රී දේවිගේ මරණය හෘදයාබධයකින් නොව හදිසියේ දියේ ගිලීමකින් සිදුවූවක් බව ඩුබායි හිදී සිදුකළ මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් බව වාර්තා වේ.

පවුලේ විවාහ මංගල්‍යයකට සහභාගි වීමට ඩුබායි වෙත ගොස් සිටින අතරතුර මෙලෙස ශ්‍රී දේවි මරණයට  පත්ව ඇති අතර ඇගේ දේහය ඇය නවාතැන් ගෙන සිටි හෝටල් කාමරයේ නාන කාමරය තුළ තිබී හමුවී ඇත.

මරණය පිළිබඳ වෝහාරික වාර්තාව ශ්‍රීදේවිගේ පවුලේ සාමාජිකයන් සහ ඉන්දීය කොන්සල් කාර්යාලය වෙත ලබා දී ඇති බවත් අදාල වාර්තාවේ ස්වභාවයට අනුව දේහය ඉන්දියාවට ගෙන යාම ප්‍රමාද විය හැකි බවත් වාර්තා වේ.

එසේම, මුලින් ප්‍රකාශවූ "හෘදයාබාධ වාර්තාව" සහ වෝහාරික වාර්තාවේ සඳහන් "හදිසි දියේ ගිලීම" අතර සම්බන්ධය ද පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් පැහැදිළි කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ශ්‍රී දේවිගේ සිරුර අපේක්ෂාවෙන් පවුලේ සාමාජිකයන් සහ ඇගේ රසිකයින් පසුගිය දින දෙක පුරාම බලා සිටිය බවද වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now