SKIP TO MAIN CONTENT

2022 ජූලි 1 සිට ඕස්ට්‍රේලියාවේ වැඩි සේවක පිරිසකට Superannuation ගෙවීම් (SBS සිංහල / වාර්තා)

2022 වසරේ ජූලි මස 1වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි, ඕස්ට්‍රේලියාවේ superannuation සඳහා සුදුසුකම් ලබන පිරිස තවදුරටත් ඉහල යන අතර මසකට $450ට වඩා අඩු අදායම් ලබන පිරිසට සේවාදායකයාගෙන් superannuation ලැබීම සිදු වේ.

Super to cover more employees
Super to cover more employees from 1 July 2022 Source: pixabay / Squirrel_photos

1 min read

Published

By Nipuna Dodangoda


Skip to article content

Highlights

  • Superannuation ගෙවීම් සඳහා සුදුසුකම් ලබන පිරිස ඉහලට
  • සේවාදායකයාගේ ගෙවීම් පරීක්ෂා කරන ලෙස ඕස්ට්‍රේලියානු බදු කාර්යාංශය පවසයි

Superannuation ගෙවීම් සඳහා සුදුසුකම් ලබන පිරිස ඉහලට

2022 වසරේ ජූලි මස 1වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි, මසකට $450ට වඩා අඩුවෙන් උපයන සුදුසුකම් ලබන සේවකයින් හට සේවාදායකයින් superannuation ගෙවීම සිදු කළයුතු වේ.

මෙම වෙනස්කම් ඔස්සේ සේවකයින් හට superannuation සම්බන්ධයෙන් වන සුදුසුකම් පුලුල් කිරීම සිදු වන අතර එමඟින් සේවකයින් හට ඔවුන් උපයන මුදල කුමක් වුවත් superannuation ලබාගැනීමට හැකියාව හිමි වේ.

Australians can now apply to access their superannuation.
Paano mag-set up ng sariling superfund kung cash ang binabayad sayo ng iyong employer? Source: AAP

සේවාදායකයාගේ ගෙවීම් පරීක්ෂා කරන ලෙස ඕස්ට්‍රේලියානු බදු කාර්යාංශය පවසයි

ඕස්ට්‍රේලියානු බදු කාර්යාංශය සේවකයින් හට සඳහන් කොට සිටින්නේ, සේවාදායකයා ඔබට superannuation ගෙවීම නිවැරදිව සිදු කරන්නේද යන්න පිළිබඳව ගණනය කිරීමට ඔබේ වැටුප් ලේඛනය සහ ගිණුම්කරණ පද්ධති යාවත්කාලීන කර ඇත්දැයි පරීක්ෂා කරන ලෙසයි.

 


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


remitters in Australia (SBS)
Remitters in Australia (SBS) Source: SBS

එමෙන්ම මෙම නව අවශ්‍යතා සඳහා වන මෘදුකාංග වෙනස්කම් ක්‍රියාත්මක කරන්නේ කෙසේද සහ කවදාද යන්න පිළිබඳ වැඩිදුර තොරතුරු ඔබේ superannuation සපයන්නා මගින් ලබාගත හැකි වනු ඇති බවත් ඕස්ට්‍රේලියානු බදු කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කොට සිටී.

මෙම වෙනස්කම් සම්බන්ධයෙන් යාවත්කාලීන වූ තොරතුරු සහ මාර්ගෝපදේශ 2022 වසරේ ජූලි 1 වන දින ඕස්ට්‍රේලියානු බදු කාර්යාංශය මගින් ලබාදීමට නියමිතයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now