නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් කොරෝනා ආසාදිතයෙකු හමුවූ බවට අද (05/05) නිවේදනය කෙරුණි.
සිඩ්නි වැසියෙකු වන ඔහු පසුගිය ජනවාරි 15 වන දිනෙන් පසුව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් වාර්තා වූ පළමු කොරෝනා ආසාදිතයා ලෙස හැඳින්වේ.
Highlights
- සිඩ්නි නුවර ආසාදිතයා පසුගිය දින කිහිපය තුළ සංචරණය කළ ස්ථාන පිළිබඳ මේ වන විට අනාවරණය කරගෙන තිබේ.
- එම ස්ථාන වෙත අදාළ දිනවලදී ගිය අයෙක් වෙතොත් වහාම කොරෝනා පරීක්ෂණ සිදුකර හුදකලා වන ලෙස සෞඛ්‍ය බලධාරීහු ඉල්ලති.
- අදාළ ආසාදිතයා සතුව ඉහළ වයිරස් ඝනත්වයක් ඇති බවත් ඒ හරහා සමාජයේ ඉහළ ප්‍රමාණයකට වයිරසය බෝ විය හැකි බවත් සඳහන්.
පසුගිය අප්‍රේල් 30 සිට මෙම පුද්ගලයා Bondi Junction, Silverwater, Rushcutters Bay, Annandale, Casula සහ Mascot යන ප්‍රදේශ වල සංචරණය කර ඇති බව වාර්තා වේ.
ඊයේ (04/05) දිනයේදී පුද්ගලික වෛද්‍ය සායනයකින් කොරෝනා පරීක්ෂණයක් සිදුකරගෙන ඇති එම පුද්ගලයා වයිරසයට ධනාත්මක බව අද පෙරවරුවේ ලැබුණු ප්‍රතිඵල වලින් තහවුරු වී තිබේ.

ආසාදිතයා ආ ගිය ස්ථාන ලැයිස්තුව
සිඩ්නි නුවර ආසාදිතයා හඳුනාගත් පසුව පසුගිය දින කිහිපය තුළ ඔහු සංචරණය කළ ස්ථාන පිළිබඳ නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය බලධාරීන් මේ වන විට අනාවරණය කරගෙන තිබේ.
එම ස්ථාන ලැයිස්තුව පහත පරිදි වන අතර ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කරන ආකාරයට මෙම ස්ථාන ලැයිස්තුව තවත් දීර්ග විය හැකිය.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
යම් පුද්ගලයෙකු පහත සඳහන් ස්ථාන වෙත අදාළ දිනවල අදාළ කාල සීමාවලදී ගොස් ඇත්නම් ඔවුන් වහාම කොරෝනා පරීක්ෂණ සිදුකර හුදකලා වන ලෙස සෞඛ්‍ය බලධාරීහු ඉල්ලති.
- Distric Brasserie, Sydney: 30/4/21 11am-11.45am
- HineSight Optometrist, Sofitel Sydney Wentworth: 30/4/21 12pm-1pm
- Barbetta, Paddington: 30/4/21 1.30pm-2.30pm
- Event Cinemas at Bondi Junction Westfield: 30/4/21 6pm-8pm
- Figo Restaurant, Rushcutters Bay: 30/4/21 8.45pm-11pm
- Joe's Barbeques & Heating, Silverwater: 1/5/21 1pm -1.45pm
- Tucker Barbecues, Silverwater: 1/5/21 1pm-1.45pm
- Barbeques Galore, Annandale: 1/5/21 2pm-3pm
- Barbeques Galore, Casula: 1/5/21 4pm-5pm
- BP 1077 Botany Road, Mascot: 1/5/21 4.30pm-5pm
- The Meat Store, Bondi Junction: 2/5/21 3pm-4pm
අදාළ පුද්ගලයාගේ කොරෝනා පරීක්ෂණයෙන් ඔහු සතුව ඉහළ වයිරස් ඝනත්වයක් ඇති බවත් ඒ හරහා සමාජයේ ඉහළ ප්‍රමාණයකට වයිරසය බෝ විය හැකි බවත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනී Kerry Chant පැවසුවාය.
මේ හේතුවෙන් ඉදිරියේදී තවත් ආසාදිතයින් ප්‍රජාව තුළින් වාර්තා වනු ඇතැයි ඔවුහු අපේක්ෂා කරති.

