ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් ශ්‍රී ලංකා පොලිසියට ලබා දුන් ඩ්‍රෝන යානා ප්‍රදානය පිළිබඳ ඔස්ට්‍රේලියාවේ සිටින දමිළ ප්‍රජාව හෙළා දැක තිබේ.
මෙම ඩ්‍රෝන යානා ප්‍රදානය මේ මස මුලදී සිදුකර ඇත.
Highlights
- පුළුල් පරාසයක ක්‍රියාකාරකම් සිදුකළ හැකි නවීන තාක්ෂණයේ ඩ්‍රෝන යානා 05 ක් ඔස්ට්‍රේලියාව විසින් ශ්‍රී ලංකා පොලීසියට ප්‍රදානය කර ඇත.
- මෙම ඩ්‍රෝන යානා ප්‍රදානයට ඔස්ට්‍රේලියාවේ දමිළ සරණාගත සභාව ඇතුළු ඔස්ට්‍රේලියාවේ වෙසෙන දමිළ ප්‍රජාවගේ දැඩි විරෝධය එල්ලවී තිබේ.
- සාගරය හරහා ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණෙන නීති විරෝධී සංක්‍රමනිකයින්ව නැවැත්වීමේ අරමුණින් ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවට ප්‍රදානය කළ පළමු ත්‍යාගය මෙය නොවේ.
ඔස්ට්‍රේලියාවෙන් ලංකාවට ලබාදුන් ඩ්‍රෝන යානා ප්‍රදානයට දමිළ ප්‍රජාවේ විරෝධය
පුළුල් පරාසයක ක්‍රියාකාරකම් සිදුකළ හැකි නවීන තාක්ෂණයේ ඩ්‍රෝන යානා 05 ක් ඔස්ට්‍රේලියාව විසින් ශ්‍රී ලංකා පොලීසියට ප්‍රදානය කළ බව 2021 අප්‍රේල් 09 වන දින ඔස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂණ බලකායේ නිල වෙබ් අඩවිය වාර්තා කළේය.
මෙම ඩ්‍රෝන යානා ප්‍රදානයට මේ වන විට ඔස්ට්‍රේලියාවේ දමිළ සරණාගත සභාව (Tamil Refugee Council) ඇතුළු ඔස්ට්‍රේලියාවේ වෙසෙන දමිළ ප්‍රජාවගේ දැඩි විරෝධය එල්ලවී ඇති අතර ඔවුන් එය හෙළා දැක තිබේ.
දමිළ වැසියන් වැනි ශ්‍රී ලංකාවේ සුළුතර ජන කොටස් වලට එරෙහිව එම ඩ්‍රෝන යානා යුතු ලෙස භාවිතා කළ හැකි බවට පවසමින් ඔස්ට්‍රේලියාවේ වෙසෙන දමිළ ප්‍රජාව මීට විරෝධය පා ඇත.
දමිළ ජනතාව ශ්‍රී ලංකාවෙන් පලා යාම වැළැක්වීමට සහ දමිළ දේශපාලන ක්‍රියාකාරීන් නිරීක්ෂණය කිරීමට මෙම ඩ්‍රෝන යානා භාවිතා කරනු ඇතැයි ඔවුහු බියවී සිටිති.
මේ හරහා ශ්‍රී ලංකාවේ වෙසෙන දමිළ වැසියන්ගේ ජීවිත අනතුරේ වැටෙන බව ඔස්ට්‍රේලියාවේ දමිළ සරණාගත සභාවේ නියෝජිතයෙකු වන Aran Mylvaganam පැවසුවේය.

ඔස්ට්‍රේලියාවෙන් ලංකාවට ලබාදුන් ඩ්‍රෝන යානා
ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට ලබාදුන් මෙම ඩ්‍රෝන යානා පුළුල් පරාසයක ක්‍රියාකාරකම් සිදුකළ හැකි නවීන තාක්ෂණයෙන් යුතු ඩ්‍රෝන යානා බව ඔස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂණ බලකාය ප්‍රකාශ කරයි.
ස්වාභාවික ආපදා දර්ශන ලබා ගැනීම සහ ඒවා තක්සේරු කිරීම, ශ්‍රී ලංකාවේ දේශ සීමාවන් හරහා ක්‍රියාත්මක වන අපරාධ විමර්ශනය කිරීම මෙන්ම සාගරය හරහා සිදුවන මිනිස් ජාවාරම් හසුකරගැනීමට උපකාර වීම වැනි ක්‍රියාකාරකම් රැසක් සඳහා මෙම ඩ්‍රෝන යානා පහසුකම් සපයයි.
සාගරය හරහා ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණෙන නීති විරෝධී සංක්‍රමනිකයින්ව නැවැත්වීමේ අරමුණින් ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවට ප්‍රදානය කළ පළමු ත්‍යාගය මෙය නොවේ.
වසර 2013 දී Tony Abbott ගේ රජයෙන් ශ්‍රී ලංකාවට නවීන පන්නයේ මුර සංචාරය සඳහා යොදාගන්නා බෝට්ටු දෙකක් ප්‍රදානය කළේය.
සාගරය හරහා ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණෙන නීති විරෝධී සංක්‍රමනිකයින්ව නැවැත්වීම එම පරිත්‍යාගයේ මූලික අරමුණ විය.
නමුත් මානව හිමිකම් පිළිබඳ ක්‍රියාකාරීන් සහ ඇතැම් මානව හිමිකම් සංවිධාන එවකට ද එම ප්‍රදානය පිළිබඳව දැඩි විවේචන එල්ල කළේය.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
"දමිළ ජනතාව වැඩි වශයෙන් ජීවත් වන ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශවල සෝදිසි කිරීම් වැඩි වී ඇති බව අපි දැක තිබෙනවා. එමෙන්ම බොහෝ දමිළ ක්‍රියාකාරීන් සහ වින්දිතයන්ගේ පවුල් විසින් ආරක්ෂක නියෝජිතයින්ගේ පැමිණීම්, තර්ජන සහ බිය ගැන්වීම් පිළිබඳ පැමිණිලි කිරීමට පටන් ගෙන තිබෙනවා." යනුවෙන් Human Rights Watch සංවිධානයේ දකුණු ආසියානු අධ්‍යක්ෂ Meenakshi Ganguly ප්‍රකාශ කර ඇත.
ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමඟ ඇති මිත්‍රත්වය යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ සුළුතර ජන කණ්ඩායම්වලට එල්ල වන හිංසනය යහපත් අතට හරවා ගැනීම සඳහා තල්ලුවක් දිය යුතු බව Deakin විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳ මහාචාර්ය Damien Kingsbury, SBS පුවත් සේවයට පැවසීය.
"ජනතාව මර්දනය කරන රජයන්ට නොකඩවා සහය දීමට වඩා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාව වැනි රටවලින් මිනිසුන් පලා යාමට අවශ්‍ය හේතු පිළිබඳ සොයා බැලිය යුතු අතර එම ගැටලුවල ආරම්භයට විසඳුම් ලබාදිය යුතුයි." යනුවෙන් ඔහු තවදුරටත් පැහැදිලි කළේය.

ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රකාශය
ඔස්ට්‍රේලියාව මිනිස් ජාවාරම ඇතුළු අන්තර්ජාතික අපරාධ මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවට ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
"සාගරය හරහා සිදුවන මිනිස් ජාවාරම් වැළැක්වීමට සහ ඒවාට ප්‍රතිචාර දැක්වීමට ශ්‍රී ලංකාව වටිනා හවුල්කරුවෙකි." යනුවෙන්ද එම නිවේදනයේ සඳහන්.
"ශ්‍රී ලංකාවේ යුද්ධය අවසන් වීමෙන් පසු ආරක්ෂක හමුදා, බුද්ධි අංශ හෝ පොලිස් බලකායන් විසින් සිදුකරන වධහිංසා අවදානම අඩු වී ඇති අතර එය තවදුරටත් රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු නොවේ" යනුවෙන් ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ රටවල් පිළිබඳ 2019 වාර්තාවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර්තා කර තිබේ.

