සමස්ත ලෝකයටම බලපා තිබෙන කොරෝනා වසංගත තත්වය හමුවේ දැඩි පීඩනයකට පත්වූ පිරිසක් වශයෙන් ඕස්ට්‍රේලියාවේ සිටින තාවකාලික පුහුණු වීසා ලාභීන් හැඳින්විය හැකියි. මෙම තත්වයේ අතුරු ප්‍රතිපලයක් වශයෙන් ඔවුන්ට මේ වනවිට තවත් දිගුකාලීන අභියෝග රැසකට මුහුණ දීමට සිදුව තිබෙනවා.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීව සහ පසුව online අහන්න -www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
මෙලෙස ඔවුන්ගේ අපේක්‍ෂිත ගමන් මග අහුරමින් තිබෙන ඉදිරි ගැටලු සහ බාධක සම්බන්ධයෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සහ වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින පුහුණු තාවකාලික වීසා ලාභීන් කිහිප දෙනෙක් SBS සිංහල සේවයට අදහස් දැක්වීමට එක්වූවා
දොන් ඩෙවෝන් - නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ තොරතුරු තාක්ෂණ ක්ෂේස්ත්‍රයේ රැකියාවේ නිරත දොන් ඩෙවෝන් සඳහන් කරන්නේ තමන් සැලසුම් කල පරිදි සියල්ල සිදු නොවූ බවයි.
තාවකාලික වීසා මත සිටින තම මිතුරන් හට සිය රැකියා අහිමි වූ අතරතුර තමන්ට රැකියාව අහිමි නොවුනද ඩෙවෝන් පවසන්නේ මේ වනවිට ඔහුගේ ඉදිරි ගමනට අභියෝග රැසක් මතුව ඇති බවයි.
ඕස්ට්‍රේලියානු රජය මගින් ප්‍රමුඛතා ලැයිස්තුවක් (Priority List) හඳුන්වාදීම හේතුවෙන් තමන් බලාපොරොත්තු වන කාලසීමාව තුල ප්‍රාන්ත අරාධනා පත්‍ර (State Invitation) නොලැබෙනු ඇති බව ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම මේ වනවිට ඔස්ට්‍රේලියාව තුල පවතින තත්වය තාවකාලික වීසා හිමියන්ට අවාසිදායක වන අතර, මෙය දිගටම පැවතුනහොත් තමාට නැවතත් වෙනත් වීසා ඛාණ්ඩයකට යාමට සිදු වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
නාලක සපුමල් - නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ තොරතුරු තාක්ෂණ ක්ෂේස්ත්‍රය පිළිබඳව සිය උසස් අධ්‍යාපනය අවසන් කල නාලක සපුමල් පවසන්නේ,අධ්‍යාපනය අවසන් කල වහාම තොරතුරු තාක්ෂණ ක්ෂේස්ත්‍රයේ රැකියා අවස්ථා රැසකට අයදුම් කලද මෙම වසංගත තත්වයේ අතුරු ප්‍රතිපලයක් වශයෙන් ඒ සියලුම අවස්ථා තමාට මගහැරුණු බවයි.
මෙය තමන්ගේ ඕස්ට්‍රේලියානු පුරවැසි භාවය කරා යන ගමනේ අත්‍යාවශ්‍ය කරුණක් වන Australian work experience සම්පුර්ණ කිරීම සඳහා දැඩි බාධාවක් වන බව ඔහු පවසයි.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
නාලක පෙන්වා දෙන්නේ, තමන්ට ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා අයදුම් කල හැකි අදාළ Skilled nominated visa ඛාණ්ඩය තවමත් යාවත්කාලීන කොට නොමැති අතර මෙලෙස කල්ගතවීමත් සමග තම වයසට ලබාගතහැකි ලකුණු ප්‍රමාණයද අඩුවන බවයි.
කෙසේ නමුත් පුහුණු තාවකාලික වීසා හිමියන් කෙරෙහි අවධානයක් යොමු නොකිරීම ඕස්ට්‍රේලියාවද ලබන පාඩුවක් බව පෙන්වා දෙමින් නාලක සඳහන් කරන්නේ පුහුණු තාවකාලික වීසා හිමියන් මගින් ඕස්ට්‍රේලියානු සමාජයට අඛණ්ඩ සහ විශාල දායකත්වයක් හිමිවන බවයි.
අසංක -වික්ටෝරියා ප්‍රාන්තය
වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය ක්ෂේස්ත්‍රයේ රැකියාවෙහි නිරත අසංක සඳහන් කරන්නේ එම ප්‍රාන්තයේ පැවති Lockdown තත්වය මත බොහෝ දෙනෙකුට රැකියා සඳහා යාමට නොහැකි වීම මත ඔවුනට රැකියා අහිමි වූ බවයි.
නමුත් වාසනාවකට,තමන් සෞඛ්‍ය ක්ෂේස්ත්‍රයේ රැකියාවක නිරතවීම මත තම රැකියාව අහිමි නොවූ බව ඔහු පවසනවා.
කෙසේ නමුත් තමන් අධ්‍යාපනය සිදු කල පුද්ගලික සත්කාරක (Personal care) ක්ෂේස්ත්‍රය තුල රැකියා සඳහා අයදුම් කල අතර පෙර පවතුනාට වඩා දැඩි රැකියා තරඟයක් මතු වී ඇති බව ඔහු පෙන්වා දෙයි. අසංක සඳහන් කරන්නේ ඔස්ට්‍රේලියාවට බලපෑ කොරෝනා වසන්ගතය හේතුවෙන් රැකියා අහිමි වූ බොහෝ පිරිසක් නැවතත් එක වර රැකියා සඳහා අයදුම් කිරීම ඊට හේතුව බවයි.

කෙසේ නමුත් ඔහු පෙන්වා දෙන්නේ කරන්නේ අලුතින් ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින්ට පෙර, මෙම වසංගත සමයේදී ඔස්ට්‍රේලියාව තුල සිටි තාවකාලික වීසා ලාභීන් පිළිබඳව ඕස්ට්‍රේලියානු රජයේ අවධානයක් යොමු වීම, තමන් අපේක්ෂා කරන බවයි.
භාග්‍යා පියුමිණි - නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය
නිව් සවුත් වේල්ස් හි තොරතුරු තාක්ෂණ ක්ෂේස්ත්‍රයේ සිය උසස් අධ්‍යාපනය අවසන් කල භාග්‍යා සඳහන් කරන්නේ, ඉගෙනීම අවසන් කිරීමෙන් පසු ඖෂධ නිෂ්පාදන සමාගමක සේවය කිරීම හේතුවෙන් කොරෝනා වසංගතය හමුවේ තමන්ගේ රැකියාව අහිමි නොවූ බවයි.
කෙසේ නමුත් තමන් දැනුවත්ව, Sponsorship Visa යටතේ සිටි මිතුරන් කිහිප දෙනෙකුගේම රැකියා අහිමි වූ අතර ඔවුන් දැඩි පීඩාවට පත් වූ බව ඇය පවසනවා.
ඒ සේවකයින් සහ හාම්පුතුන් අතර පවතින රැකියා ගිවිසුම මත ඔවුනට වෙනත් ස්ථානයක සේවය කිරීමට නොහැකි වීම හේතුවෙන්. භාග්‍යා සඳහන් කරන්නේ මෙම හේතුව මත ජාත්‍යන්තර සිසුන් සහ සෙසු තාවකාලික වීසා හිමියන්ට සාපේක්ෂව මොවුන් හට ඔස්ට්‍රේලියාව තුල ඇති වූ කොරෝනා වසංගතය දැඩි අභියෝගයක් එල්ල කල බවයි.

කෙසේ නමුත් ඕස්ට්‍රේලියානු රජය ඉක්මනින්ම සියලුම තාවකාලික වීසා හිමියන් සම්බන්ධයෙන් පුළුල් අවධානයක් යොමු කරනු ඇති බවට තමන් විශ්වාස කරන බව ඇය පවසනවා.
ෆරාසාත් ෆිර්සාන් - නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ තොරතුරු තාක්ෂණය පිළිබඳව සිය ඉගෙනීම් කටයුතු අවසන් කල ෆරාසාත් සඳහන් කරන්නේ, ඉගෙනුම් කටයුතු අවසන් වූ වහාම තමන්ට තොරතුරු තාක්ෂණය ක්ෂේස්ත්‍රයේ රැකියාවක් ලැබුනද කොරෝනා වසංගතයේ ප්‍රතිඵලයක් වශයෙන් මාස තුන හමාරක් වැනි කෙටි කාලයක් තුලදී එම රැකියාව තමාට අහිමිව ගිය බවයි.
මේ වනවිට, ඔස්ට්‍රේලියාව තුල සෑම දෙයක්ම ක්‍රමයෙන් යතා තත්වයට පත්වෙමින් පවතින හෙයින් මින් ඉදිරියට ඔස්ට්‍රේලියාවට පැමිණෙන තාවකාලික වීසා ලාභීන් හට ගැටලු රැසකට මුහුණ දීමට සිදු නොවනු ඇතැයි ඔහු පවසයි.

මේ හේතුවෙන් ෆරාසාත් පෙන්වා දෙන්නේ, කොරෝනා වසංගත සමය තුල විවිධ ගැටලු සහ පීඩන මධ්‍යයේ වුවද ඔස්ට්‍රේලියාවේ රැඳී සිටි පුහුණු තාවකාලික වීසා ලාභීන් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු රජයේ අවධානය මුලින්ම යොමු වීම අතිශයින් වැදගත් වන බවයි.
** ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න SBS සිංහල සේවයේ Facebook පිටුවට www.facebook.com/sbssinhala
..

