Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

මෑත කාලීන ඔස්ට්‍රේලියාවේ වැඩිම ඉල්ලුමක් ඇති රැකියා 20 මෙන්න (SBS සිංහල/ වාර්තා)

ලියාපදිංචි හෙදියන් සහ රැකබලා ගන්නන්, සූපවේදීන් සහ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ පද්ධති විශ්ලේෂකයින් මෙම ලයිස්තුවේ ප්‍රධාන තැනක් ගනී.

New paper jobs and careers page.

Credit: Peter Dazeley/Getty Images

ඔස්ට්‍රේලියාවේ මෑත කාලයේ වැඩිම ඉල්ලුමක් ඇති රැකියා/ වෘත්තීන් 20 පිළිබඳ අනාවරණය කර තිබේ.

Jobs and Skills Australia හි ඔස්ට්‍රේලියානු ශ්‍රම වෙළෙඳපොළ පිළිබඳ නවතම යාවත්කාලීන කිරීම හරහා මෙම තොරතුරු එළිදක්වා ඇත.

ඔස්ට්‍රේලියාවේ මෑත කාලයේ වැඩිම ඉල්ලුමක් ඇති රැකියා

ලියාපදිංචි හෙදියන් සහ රැකබලා ගන්නන්, සූපවේදීන් සහ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ පද්ධති විශ්ලේෂකයින් මෙම ලයිස්තුවේ ප්‍රධාන තැනක් ගනී.

ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ රැකියා වෙබ් අඩවියක් වන SEEK හි දත්ත වලට අනුව මෙම වැඩිම ඉල්ලුමක් ඇති වෘත්තීන් සඳහා සාමාන්‍ය වාර්ෂික වැටුප් $55,000 සිට $380,000 දක්වා පරාසයක පවතී.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ (ABS) නවතම දත්ත වලට අනුව, ඉහළ ඉල්ලුමක් සහිත පූර්ණ කාලීන රැකියා කරන වැඩිහිටි සේවකයෙකු සඳහා සාමාන්‍ය ඉපැයීම් සතියකට $1,838.60 හෝ වසරකට $95,581,20 වේ.

ඔස්ට්‍රේලියාවේ සියලුම ශ්‍රමිකයින් සඳහා, එය සතියකට ඩොලර් 1,400.20 ක් හෝ වසරකට ඩොලර් 72,810.40 කි.

මෑත කාලීන ඔස්ට්‍රේලියාවේ වැඩිම ඉල්ලුමක් ඇති රැකියා 20

A table showing 10 occupations that are in demand in Australia.
Australia's in-demand occupations. Source: SBS / Kenneth Macleod
A table showing the top 11-20 in-demand occupations in Australia.
Australia's most in-demand occupations. Source: SBS / Kenneth Macleod

තම කුසලතා ඉහළ නංවාගැනීමට නොමිලේ මාර්ග

ජුනි මාසයේදී නිකුත් කරන ලද ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්තවලට අනුව 2023 පෙබරවාරි දක්වා වූ වසර තුළ මිලියන 1.3 ක ජනතාවක් ඔස්ට්‍රේලියාවේ රැකියා වෙනස් කර ඇති බව පෙන්නුම් කරයි.

ඔවුන්ගෙන් තුනෙන් එකක් එසේ සිදුකර ඇත්තේ වඩා හොඳ රැකියාවක් ලබා ගැනීමට හෝ වෘත්තියෙහි වෙනසක් අවශ්‍ය වූ බැවිනි.

වෘත්තීය වෙනසක් හෝ කුසලතා ඉහළ නැංවීමක් ගැන සලකා බලන පුද්ගලයින්ට සාමාන්‍යයෙන් ඔවුන්ගේ වර්තමාන රැකියාව ගැන අතෘප්තිමත් බවක් හෝ ඔවුන්ගේ වෘත්තියෙහි ඉදිරියට යාමට නොහැකි බවක් හැඟෙන බව Chisholm TAFE හි ජ්‍යෙෂ්ඨ වෘත්තීය උපදේශක Viktoriya Fedorova පවසයි.

මේ අතර ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය, ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් සමඟ හවුල්කාරිත්වයෙන්, 180,000 ක පිරිසක් සඳහා මේ වසරේ TAFE සහ වෘත්තීය අධ්‍යාපන මධ්‍යස්ථානවල නොමිලේ ඉගෙන ගැනීම පිණිස අරමුදල් සපයා ඇත.

මේ පිලිබඳව මධ්‍යම රජය දැනට ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් සමඟ සාකච්ඡා කරමින් සිටින අතර, මෙම වැඩසටහන 2024 දී පවා දිගටම පවතිනු ඇතැයි පෙනී යයි.

නොමිලේ TAFE සහ වෘත්තීය අධ්‍යාපනය ලැබීම සඳහා 300,000ක පිරිසකට අවස්ථාව ලබා දීම පිණිස ඩොලර් මිලියන 414ක් වෙන් කරන බවටද රජය පොරොන්දු වී ඇත.

මෙම ගාස්තු රහිතව ඉගෙන ගැනීමට සලසන පාඨ මාලා ඔස්ට්‍රේලියානු රැකියා වෙළෙද පොළේ ජාතික මට්ටමින් තීරණාත්මක රැකියා ක්ෂේත්‍ර ආවරණය කරයි.

එමෙන්ම ඇතැම් අවස්ථාවල ප්‍රාන්ත විසින් තම ප්‍රාන්තයට අවශ්‍ය ක්ෂේත්‍ර අනුව එම පාඨ මාලා තීරණය කරයි.

එක් එක් ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ ගාස්තු රහිත TAFE වැඩසටහන් පිළිබඳ වැඩිදුර තොරතුරු පහතින්.


3 min read

Published

By Madhura Seneviratne

Source: SBS



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now