Rural landscape, Western Australia, Australia
Rural landscape, Western Australia, Australia

ඕස්ට්‍රේලියානු ජාතික ගීය සහ ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ගැනීමේදී සිදුකරන ප්‍රතිඥාව සිංහල භාෂාවෙන්

අපි ඕස්ට්‍රේලියානු ජාතික ගීය සහ පුරවැසිභාවය ලබාගැනීමේදී සිදුකරන ප්‍රතිඥාව ඕස්ට්‍රේලියාව පුරා භාවිතාවන බොහෝ භාෂාවලට පරිවර්තනය කර තිබෙනවා.

Published

Updated

Source: SBS

ඕස්ට්‍රේලියාවේ සිටින සියලුම අබෝරිජිනල් සහ ටොරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන්ගේ පාරම්පරික හිමිකරුවන් වෙත SBS ආයතනය ගෞරවය පුද කර සිටින අතර මේ භූමියට, ජලයට සහ ප්‍රජාවට ඔවුන්ගේ නොබැඳී පවතින සබඳතාවය අගයකොට සිටිනවා.

'Advance Australia Fair' ලෙස හඳුන්වන ඕස්ට්‍රේලියාවේ ජාතික ගීයේ මුල් ගී පද ලියා ඇත්තේ 1878 දී ඕස්ට්‍රේලියානු පාසල් ගුරුවරයෙකු සහ ගීත රචකයෙකු වන පීටර් ඩොඩ්ස් මැක්කොර්මික් විසිනි. මෙම ගීතය ඕස්ට්‍රේලියාවේ ජාතික ගීය ලෙස 1984 අප්‍රේල් 19 වන දින ප්‍රකාශයට පත්කරන ලදී

ඕස්ට්‍රේලියානු ප්‍රජාව තුල පවතින එකමුතු බව විදහා දැක්වීම සඳහා 2021 වසරේදී ඕස්ට්‍රේලියානු ජාතික ගීයේ ‘young and free’ කොටස ‘one and free’ ලෙස වෙනස් කරනු ලැබුවා.

නිල උත්සව, ක්‍රීඩා තරඟ සහ වෙනත් ප්‍රජා උත්සවවලදී ඕස්ට්‍රේලියානු ජාතික ගීය වාදනය කරනු ලබනවා.

ඕස්ට්‍රේලියානු ජාතික ගීයේ සිංහල අර්ථය

ඕස්ට්‍රේලියානුවන් ලෙස අපි සියලුදෙනා එකමුතුව සමරමු

අපි එකමුතු නිදහස් ජාතියක් බව

අපේ කැපවීමට සරිලන ප්‍රතිඵල ලැබෙන ඉතා සරුසාර භූමියක් අපට තිබෙනවා

අපේ රට සාගරයෙන් වටවී තිබෙනවා

අපේ භූමිය සුන්දර, පොහොසත් හා

දුර්ලභ ස්වභාවධර්මයේ දායාදයන්ගෙන් පිරී තිබෙනවා

අපි යන මේ ගමනේ සෑම පියවරකදීම

ඔස්ට්‍රේලියාවේ ඉදිරි දියුණුවට අපි කැපවෙමු

එබැවින් ප්‍රීතියෙන් සහ අභිමානයෙන් එකමුතුව අපි ගායනා කරමු

ඕස්ට්‍රේලියාවේ ඉදිරි දියුණුවට අපි කැපවෙමු

දීප්තිමත්ව දිදුලන 'සදර්න් ක්‍රොස්' තරු පෙළ සමග

අපි ආදරයෙන්, කැපවීමෙන් සහ එකමුතුකමින්

අපේ රට

ලොව කීර්තිමත්ම රාජ්‍යය කිරීමට කැපවෙමු

අප රටට එන සියලු දෙනා සමග

එකට ජීවත්වීමට අවශ්‍ය තරම් භූමිය අපිට තිබෙනවා

වීර්යයෙන් යුතුව සහ එකමුතුව

ඕස්ට්‍රේලියාවේ ඉදිරි දියුණුවට අපි කැපවෙමු

ඉතින් අපි ප්‍රීතියෙන් සහ අභිමානයෙන් ගායනා කරමු 

ඕස්ට්‍රේලියාවේ ඉදිරි දියුණුවට අපි කැපවන්නෙමු

Australians Celebrate Australia Day As Debate Continues Over Changing The Date
- Credit: Don Arnold/Getty Images

ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාදීමේදී සිදුකරන ප්‍රතිඥාව

ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලභාදීම 1949 වසරේදී ආරම්භ කර තිබෙනවා. එතැන් සිට මිලියන හයකට වඩා වැඩි ජනතාවක් නිල ක්‍රමවේදය යටතේ පුරවැසිභාවය ලබාගෙන තිබෙනවා

සැප්තැම්බර් 17 වනදාට යෙදෙන පුරවැසිභාවය සඳහා වෙන්කෙරුණු දිනයේ සංවිධානය කරන පුරවැසිභාවය පිරිනැමීමේ උත්සව ඇතුළු පුරවැසිභාවය පිරිනැමීමේ උත්සව අදාළ ප්‍රදේශයන්හි කවුන්සිල විසින් සංවිධානය කරනු ලබනවා.

මෙහිදී ඕස්ට්‍රේලියානු ජාතික ගීයද වාදනය කෙරෙන අතර ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාගන්නා පුද්ගලයින් ඒ සඳහා වන ප්‍රතිඥාව ලබා දෙනවා

මෙහි අනුවාදයන දෙකක් පවතින අතර එක් අනුවාදයක දෙවියන්ව සඳහන් කිරීමක් සිදු වනවා.

පුරවැසිභාවය ලබාගැනීමේදී සිදුකරන ප්‍රතිඥාව - පළමු අනුවාදය

මෙතැන් සිට, දෙවියන් වහන්සේ යටතේ,මම ඕස්ට්‍රේලියාවට සහ එහි ජනතාවට මගේ පක්ෂපාතිත්වය ඇති බවට ප්‍රතිඥා දෙමි.

ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී විශ්වාසයන් සමග මම එකඟ වෙමි.

ඔවුන්ගේ අයිතිවාසිකම් සහ නිදහසට ඇති අයිතියට මම ගරු කරමි.

ඔවුන්ගේ නීති වලට මම ගරු කරන අතර ඒවා පිළිපැදීමට මම කටයුතු කරන්නෙමි.

පුරවැසිභාවය ලබාගැනීමේදී සිදුකරන ප්‍රතිඥාව - දෙවන අනුවාදය

මෙතැන් සිට, මම ඕස්ට්‍රේලියාවට සහ එහි ජනතාවට මගේ පක්ෂපාතිත්වය ඇති බවට ප්‍රතිඥා දෙමි.

ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී විශ්වාසයන් සමග මම එකඟ වෙමි.

ඔවුන්ගේ අයිතිවාසිකම් සහ නිදහසට ඇති අයිතියට මම ගරු කරමි.

ඔවුන්ගේ නීති වලට මම ගරු කරන අතර මම ඒවා පිළිපැදීමට මම කටයුතු කරන්නෙමි

ඕස්ට්‍රේලියානු ජාතික ගීය සහ ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ගැනීමේදී සිදුකරන ප්‍රතිඥාව සිංහල භාෂාවෙන් කියවා ගැනීමට සහ සවන්දීමට ඔබට දැන් අවස්තාව තිබෙනවා


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now