ඕස්ට්‍රේලියානු රජය විසින් පනවා ඇති සහකරුවන් සදහා වන අධික වීසා ගාස්තු නිසා බොහෝ දෙනා ඔස්ට්‍රේලියාව හැර යාමට පවා පෙලබෙනවා. පසුගිය වසර 5 තුල මෙම වීසා ගාස්තු 400%න් ඉහල ගොස් තිබෙනවා. දැනට එය ඩොලර් 6865ක් වන අතර එය වෙනත් දියුණු රටවල අගයට වඩා වැඩියි. මීට අමතරව පොලිස් වාර්තා, වෙඉද්‍ය පරීක්ෂණ , සංක්‍රමණික ඒජන්ත වරුන්ට ගාස්තු ආදී වෙනත් වියදම්ද තිබෙනවා.
එසේම මෙම වීසා ලැබීමට වසරක් පමණ ගත වේ.
ඕස්ට්‍රේලියානු පලදායිත කොමිසම විසින් ඉදිරිපත් කරන ලද ඇත්තේ මෙම ඉහල ගාස්තු නිසා තම විදේශීය සහකාරිය හෝ සහකරු ගෙන්වා ගැනීමට නොහැකිව පුද්ගලයන් රටින් පිටවන බවයි. එසේ ජෙර්මනියේ පදිංචි වීමට තීරණය කල Callum Dahner-Mclean පවසන්නේ ඔහුට ජර්මන් වීසා සදහා යුරෝ 30ක් හා පුරවැසිභාවයට යුරෝ 175ක් ගත වන බවයි.
මෙම ගාස්තු නිසා රජයට මිලියන ගණනක ආදායමක් ලැබුනද , මෙම ගාස්තු තීරණය කිරීමට කිසිදු පිළිගත හැකි ක්‍රමවේදයක් නැති බව හෙළිවී තිබෙනවා.
ආගමන හා විගමන අමාත්‍යාංශයෙන් කල විමසීමකදී ඔවුන් පැවසුවේ මෙම සහකරුවන් HECS හා Medicare වැනි සහන ලබා ගන්න නිසා එවන් මුදලක් ය කල යුතු බවයි. නමුත් ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම සහකරුවන් ඔවුන් ලබන සේවා වලට වඩා බදු ගෙවන බවයි. වසර 2008 දෙපාර්තමේන්තව විසින් සිදු කල සමීක්ෂණ වාර්තාවකින් හෙළි වුනේ රජය මෙම වීසා නිසා දල ලාභයක් ලබන බවයි

Figures sourced from the Department of Immigration and Border Protection.
එවකට වීසා ගාස්තුව වුයේ ඩොලර් 1390ක් පමණයි. රජයේ වාර්තා අනුව හෙළිවී ඇත්තේ මෙම විදේශීය සහකරුවන් බොහෝ විට මුලදී ඕස්ට්‍රේලියානුවන්ට වඩා අඩු ආදායමක් ලැබුවත් ඔවුන් ඕස්ට්‍රේලියානුවන්ට වඩා වැඩියෙන් රැකියා කරන බැවින් ඔවුන්ගෙන් රජයට ලාබයක් ලැබෙන බවයි.
මෙම වීසා සදහා අයදුම් කරන පුද්ගලයින් ගෙන් 56%ක් ම වයස 35ට අඩු අයයි. මෙවර පලදායිතා කොමිසමේ වාර්තාවෙන් දෙමාපිය වීසා ගාස්තු වැඩි කිරීමට යෝජනා කලත් සහකාර හා දරුවන් සදහා වන වීසා වල වෙනසක් නොකළ යුතු බවට සඳහන්. මෙසේ සිසුන් වූ යුවලක ඔවුන්ගේ සියලු ඉතුරුම් මෙම වීසා වෙනුවෙන් යෙදු බව Lisa පවසනවා .ඇය පවසන්නේ කැනඩාව සදහා ඇයට වය වුනේ ඩොලර් 500ක ගාස්තුවක් හා මාස 4 කාලයක් බවත් මේ ඕස්ට්‍රේලියානු වීසා සදහා මාස 12-15ක් ගත වන බවයි. ඔවුන් තවමත් ඊට පිළිතුරක් එන තුරු බලා ඉන්නවා.

A report commissioned by the Department of Immigration and Border Protection in 2008 shows partnership visa holders have a net positive impact on the budget.
එසේම Jade ට සිදුවුනේ ඇගේ සහකරු ජර්මනියේ තබා පැමිණ රැකියාවක් කර වීසා ගාස්තු සෙවීමයි. ඇයට සේවා මුර වලට වැඩ කිරීමටත් , ඔහුට ජර්මනියේ බේකරියක සේවය කිරීමටත්, මාස 12ක් ජීවත් වීමට හා ගුවන් ටිකට් පත් ආදියටත් ඉතිරි කිරීමට ඔවුන්ට සිදුව තිබේ. එසේම වීසා නොලැබුණහොත් ඩොලර් 7000 අපතේ යාම පිළිබඳව ඔවුන් බියෙන් සිටිනවා.
එසේම කැනඩාවේ තම සහකාරිය සිටින Hamilton පවසන්නේ, ඕස්ට්‍රේලියාවේ මෙසේ මුදල් වියදම් කරනවාට වඩා වෙනත් රටක සිට එම මුදලින් ජීවත් වීමට ඔවුන් තීරණය කල බවයි. කැනඩාවේ ස්ථිර පදිංචිය සදහා ඕස්ට්‍රේලියානු ගාස්තුවෙන් 3න 1කට වඩා අඩු මුදලක් වැය වන බවත් ඔහු පවසනවා.
මේ පිළිබඳව SBS වෙත අදහස් දැක්වූ සංක්‍රමණික ඒජන්ත Zeke Bentley පවසන්නේ මානුෂීය සබඳතා වලින් මෙසේ මුල්‍යමය වාසි ගැනීම සිදු නොකළ යුතු බවයි

*පුද්ගල නාම වාසගම් දක්වා නැත.

