ඔස්ට්‍රේලියාවේ සම්මුඛ පරීක්ෂණයකදී ඇසිය නොහැකි නීති විරෝධී ප්‍රශ්න මොනවාද? (SBS සිංහල/ වාර්තා)

රැකියා සම්මුඛ පරීක්ෂණයක් සැලසුම් කරනුයේ පුරප්පාඩුවී ඇති තනතුර සඳහා වඩාත්ම සුදුසු පුද්ගලයා ඔබද යන්න තීරණය කිරීමටය.

The illegal interview questions employers can’t ask you in a job interview

أهم ما تحتاج معرفته عن العمل في أكثر من وظيفة في أستراليا Source: Getty Images

රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට යනවිට අදාළ සමාගමේ සම්මුඛ පරීක්ෂණ මඬුල්ල විසින් ඔබෙන් ඇසිය යුතු ප්‍රශ්න පිළිබඳ දැනුවත් වී යාම වැදගත්ය.

අදාළ සම්මුඛ පරීක්ෂණයේදී ඔබෙන් ප්‍රශ්න කරනුයේ බඳවා ගැනීමට නියමිත තනතුර සඳහා ඔබව කොපමණ සුදුසුද යන්න සොයාබැලීමටය.

නමුත් ඔස්ට්‍රේලියාවේ සම්මුඛ පරීක්ෂණයකදී ඔබෙන් නොඇසිය යුතු ප්‍රශ්න කිහිපයක්ද පවතින අතර ඒවා පිළිබඳව දැනුවත් වී යාම ඉතා වැදගත් බවත් සිහිපත් කළ යුතුය.


Highlights

  • සම්මුඛ පරීක්ෂණයට මුහුණ දෙන පුද්ගලයාගේ පුද්ගලිකත්වයට හානිදෙන ප්‍රශ්න හෝ අපහසුතාවට පත් කරන ප්‍රශ්න හෝ ඇසීම නොකළ යුතු බවට සම්මතයක් පවතී.
  • Discrimination හෙවත් වෙනස් කොට සැලකීමේ පදනම සැකසීමට භාවිතා කළ හැකි තොරතුරු සැපයීමට සම්මුඛ පරීක්ෂණයකදී වක්‍රව හෝ සෘජුව හෝ ඉල්ලීමක් නොකළ යුතුය.
  • සම්මුඛ පරීක්ෂණයට මුහුණ දෙන පුද්ගලයාගේ වයස, ස්ත්‍රී - පුරුෂ භාවය, ජනවාර්ගිකත්වය හෝ ලිංගිකත්වය පිළිබඳ ප්‍රධාන වශයෙන් ඇසීමට අයිතියක් නොමැත.

සම්මුඛ පරීක්ෂණයකදී ඇසීමට අයිතිය ඇති ප්‍රශ්න මොනවාද?

රැකියා සම්මුඛ පරීක්ෂණයක් සැලසුම් කරනුයේ පුරප්පාඩුවී ඇති තනතුර සඳහා වඩාත්ම සුදුසු පුද්ගලයා ඔබද යන්න තීරණය කිරීමටය.

අදාළ තනතුරේ රාජකාරී කිරීමට ඔබට හැකියාව සහ කුසලතාව තිබේද යන්න පිළිබඳව සෘජු හෝ වක්‍ර ප්‍රශ්න එහිදී අසන බව ඉහත අර්ථදැක්වීමෙන් නිරූපණය වන බව ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ රැකියා වෙබ් අඩවියක් වන Seek වෙබ් අඩවිය පවසයි.

එම ප්‍රශ්න වලදී කිසිදු අයුරකින් හෝ සම්මුඛ පරීක්ෂණයට මුහුණ දෙන පුද්ගලයාගේ පුද්ගලිකත්වයට හානිදෙන ඒවා හෝ අපහසුතාවට පත් කරන ඒවා හෝ ඇසීම නොකළ යුතු බවට සම්මතයක් පවතී.

The illegal interview questions employers can’t ask you in a job interview
Source: Pixabay

සම්මුඛ පරීක්ෂණයකදී ඇසිය නොහැකි නීති විරෝධී ප්‍රශ්න මොනවාද?

ඔස්ට්‍රේලියාවේ Equal Opportunity Actන හෙවත් සමාන අවස්ථා පනත යටතේ, discrimination හෙවත් වෙනස් කොට සැලකීමේ පදනම සැකසීමට භාවිතා කළ හැකි තොරතුරු සැපයීමට පුද්ගලයෙකු මාර්ගයෙන් හෝ සෘජුව හෝ ඉල්ලීමක් නොකළ යුතු බව Seek වෙබ් අඩවිය පවසයි.

ඒ අනුව සම්මුඛ පරීක්ෂණයට මුහුණ දෙන පුද්ගලයාගේ වයස, ස්ත්‍රී - පුරුෂ භාවය, ජනවාර්ගිකත්වය හෝ ලිංගිකත්වය පිළිබඳ ප්‍රධාන වශයෙන් ඇසීමට අයිතියක් නොමැත.

මන්ද ඒවා සෘජුව අදාළ තනතුරේ රාජකාරී කිරීමට සම්බන්ධයක් නොදක්වන හෙයිනි.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


පහත සඳහන් ප්‍රශ්න ඔස්ට්‍රේලියාවේ සම්මුඛ පරීක්ෂණයකදී නොඇසිය යුතු ප්‍රශ්න ලෙස නම් කර ඇති බව Seek වෙබ් අඩවිය පවසයි.

  • ඔබ සමලිංගික සම්බන්ධතාවයක් ඇති තැනැත්තෙක්ද?
  • ඔබේ වයස කීයද?
  • ඔබගේ ජනවාර්ගික පසුබිම කුමක්ද?
  • ඔබේ ආගම කුමක්ද?
  • ඔබ ගැබ්ගෙන සිටිනවාද නැත්නම් ගැබ් ගැනීමට සැලසුම් කරනවාද?
  • ඔබ ඡන්දය දෙන්නේ කාහටද?
  • ඔබට ශාරීරික හෝ මානසික ආබාධයක් තිබේද?

2009 Fair Work පනත යටතේ ද පුද්ගලයෙකුගේ පුද්ගලිකත්වයට හානිදෙන ඉහත ආකාරයේ ප්‍රශ්න ඔස්ට්‍රේලියාවේ සම්මුඛ පරීක්ෂණයකදී නොඇසිය යුතු ප්‍රශ්න ලෙසට දක්වා තිබේ.

නමුත් වෙනස් කොට සැලකීමේ අරමුණකින් තොරව අදාළ තොරතුරු එම තනතුර සඳහා සාධාරණ ලෙස අවශ්‍ය නම් ඒ සඳහා අදාළ පුද්ගලයාගෙන් එම තොරතුරු ලබාගැනීමට Fair Work පනත යටතේ අවසර ලැබේ.

The illegal interview questions employers can’t ask you in a job interview
Source: Pixabay/ Tumisu

නීති විරෝධී යැයි ඔබට සිතන ප්‍රශ්නයක් ඇසුවොත් ඔබට කළ හැක්කේ කුමක්ද?

සම්මුඛ පරීක්ෂණයකදී අදාළ තනතුර සඳහා ඔබගේ හැකියාවන් සහ දැනුම පරීක්ෂා කිරීමේදී ඊට නොගැලපෙන හෝ නීති විරෝධී යැයි ඔබට සිතන ප්‍රශ්නයක් ඇසුවොත් එම ප්‍රශ්නය එම තනතුර හෙබවීම සඳහා අදාළ නොවන්නේ යයි ඔබ විශ්වාස කරන බවට ආචාරශීලීව ප්‍රතිචාර දක්වන්න.

මේ අතර නීති විරෝධී ප්‍රශ්නයක් යැයි ඔබ සිතන දෙයට සංවේදීව ප්‍රතිචාර දැක්වීමෙන්, එම ප්‍රශ්නය අදාළ තනතුරට අදාළ යැයි ඔවුන් සිතන්නේ මන්දැයි පැහැදිලි කිරීමට සම්මුඛ පරීක්ෂකවරයා දිරිමත් කළ හැකිය.

වෙනස් කොට සැලකීමක් අදාළ නොවන හේතුවක් නිසා එම ප්‍රශ්නය ඔබෙන් ඇසීමට අවශ්‍ය විය හැකිය.

නමුත් යම් හෙයකින් වෙනස් කොට සැලකීම (discriminate) සඳහා භාවිතා කළ හැකි තොරතුරු සැපයීමට අවශ්‍ය ප්‍රශ්නයකට ඔබ පිළිතුරු දිය යුතු නැත.


Share

3 min read

Published

Updated

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now