ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේදී සම්මතවූ සරණාගතයින්ට දරුණු ලෙස බලපාන නවතම නීතිය මෙන්න (SBS සිංහල/ වාර්තා)

වීසා අවලංගු කර ඇති නමුත් හිංසා පීඩා හෝ බරපතල හානි කිරීම් හේතුවෙන් තම මව් රටට ආපසු යා නොහැකි, සංක්‍රමණික රැඳවුම් භාරයේ සිටින නීතිවිරෝධීව ඔස්ට්‍රේලියාවට පැමිණි පුද්ගලයින් කෙරෙහි මෙම නව නීති බලාත්මක වේ.

Immigration Minister Alex Hawke speaks at Parliament House in Canberra.

Immigration Minister Alex Hawke speaks at Parliament House in Canberra. Source: AAP

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ සංශෝධන පනත් කෙටුම්පත 2021 ඊයේ (13/05) දිනයේදී මධ්‍යම පාර්ලිමේන්තුවේදී සම්මත විය.

එම පනත හරහා සරණාගතයින්ව දින නියමයක් නොමැතිව රඳවා තබා ගැනීමේ බලය ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට ලැබෙනු ඇතැයි  නීති විශාරදයින්ගේ සන්ධානයක් අනතුරු අඟවයි.


Highlights

නීතිවිරෝධීව ඔස්ට්‍රේලියාවට පැමිණි පුද්ගලයින්ව තමන්ගේ මව් රටට යළි පිටත් කර හැරියවිට යම් හානියක් සිදුවන තත්ත්වයක් ඇතිනම් ඔවුන්ව සරණාගත රැඳවුම් මධ්‍යස්ථාන වලින් ඉවත් නොකිරීමට මෙම නීතිය අදාළ වේ.

මෙම නීතිය හරහා සරණාගතයින්ව දින නියමයක් නොමැතිව රඳවා තබා ගැනීමට මධ්‍යම රජයට බලය ලැබෙන බව නීති විශාරදයෝ චෝදනා කරති.

මෙම සංශෝධන පනත් කෙටුම්පත සම්මත කරගැනීම සඳහා කම්කරු පක්ෂයේ ද සහය හිමිවූ නමුත් ග්‍රීන්ස් පක්ෂය ඊට විරෝධය පෑවේය.


නව නීති ප්‍රතිසංස්කරණ

වීසා අවලංගු කර ඇති නමුත් හිංසා පීඩා හෝ බරපතල හානි කිරීම් හේතුවෙන් තම මව් රටට ආපසු යා නොහැකි, සංක්‍රමණික රැඳවුම් භාරයේ සිටින නීතිවිරෝධීව ඔස්ට්‍රේලියාවට පැමිණි පුද්ගලයින් කෙරෙහි මෙම නව නීති බලාත්මක වේ.

චරිතයේ ස්වභාවය, සාපරාධී වරදකරුවෙකු වීම මෙන්ම වැරදි යයි සැක කෙරෙන කණ්ඩායමක කොටස්කරුවෙකු ලෙස සිටීම යන හේතු මත ඔස්ට්‍රේලියානු පුරවැසියන් නොවන අයගේ වීසා අහෝසි කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය බලය පවතී.

නීතිවිරෝධීව ඔස්ට්‍රේලියාවට පැමිණි පුද්ගලයින්ව තමන්ගේ මව් රටට යළි පිටත් කර හැරියවිට යම් හානියක් සිදුවන තත්ත්වයක් ඇතිනම් ඔවුන්ව සරණාගත රැඳවුම් මධ්‍යස්ථාන වලින් ඉවත් නොකිරීමට සහතික කිරීම මෙම සංක්‍රමණ පනත සංශෝධනය කිරීමේ මූලික අරමුණ වී ඇත.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට එරෙහිව ෆෙඩරල් අධිකරණයේ නඩුවක් මගින් සිරියානු සරණාගතයෙකු නීතිවිරෝධී ලෙස රඳවාගෙන සිටින බවට තීන්දු කිරීමෙන් පසුව රජය මෙම තීරණය ගෙන තිබේ.

මෙම නව නීති අධිකරණ තීන්දුවට සෘජු ප්‍රතිචාරයක් වන අතර, ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික පද්ධතිය තුළ රැඳවියන්ට මුහුණ දිය හැකි දිගුකාලීන රැඳවුම් කාලයන් පිළිබඳව එහිදී අවධානය යොමු කර තිබේ.

නමුත් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Alex Hawke මෙම නව නීති ප්‍රතිසංස්කරණ සඳහා එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

A file photo of asylum seekers standing behind a fence in the Oscar compound at the Manus Island detention centre.
Uma foto de arquivo de requerentes de asilo atrás de uma cerca no centro de detenção australiano da Ilha Manus. Source: AAP

නීති විශාරදයින්ගේ විරෝධය

සරණාගතයින්ව දින නියමයක් නොමැතිව රඳවා තබා ගැනීම වැළැක්වීමට පුළුල් බලතලවල යාන්ත්‍රණයක් නොමැති බව මානව හිමිකම් නීති මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ David Burke පැවසීය.

"මෙම නීතියෙන් හෙළි වන්නේ මිනිසුන්ව දිගු කාලීනව රැඳවුම් භාරයේ තැබීමට ඇති කැමැත්තයි. කිසිදු ආරක්‍ෂාවකින් තොරව මිනිසුන්ගේ ජීවිත කාලය පුරාම සිර කර තැබීමේ බලය රජයට නොතිබිය යුතුයි." යනුවෙන් ඔහු SBS පුවත් සේවයට පැවසීය.

මෙම නව නීති ප්‍රතිසංස්කරණයට එරෙහිව නීති කණ්ඩායම් සහ නීතිඥයින් 27 දෙනෙකුගේ සන්ධානයක් නිවේදනයක් නිකුත් කරමින් විරෝධය පා තිබේ.

ප්‍රමාණවත් අධිකරණ සමාලෝචනයක් රහිතව සරණාගතයින් දින නියමයක් නොමැතිව රඳවා තබා ගැනීමේ අවදානම මෙම නව නීති මගින් වැඩි කරන බවට ඔවුහු තර්ක කරති.

මෙය ජාත්‍යන්තර නීතියට හා වෙනත් ප්‍රජාතන්ත්‍රවාදී රටවල නීති භාවිතයන්ට පටහැනි වන අතර එමඟින් සංක්‍රමණික රැඳවුම් සඳහා නීතිමය කාල සීමාවන් පැනවෙන බව එම නිවේදනයේ සඳහන් වේ.

පුද්ගලයෙකුගේ සරණාගත තත්ත්වය පිළිගැනීම ඉල්ලා අස්කර ගැනීමේ බලය නව නීති මගින් විෂයය බාර අමාත්‍යවරයාට මෙම නව නීති හරහා ලබා දේ.

රැකවරණය පතා ඔස්ට්‍රේලියාවට පැමිණි පුද්ගලයින්ගේ සම්පූර්ණ ජීවිතය අමාත්‍යවරයාගේ නව බලය මත පැවතීම පිළිබඳ තමා ඇතුළු කණ්ඩායමේ බරපතල සැලකිල්ල යොමුවී ඇති බව මානව හිමිකම් නීති මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ David Burke පැවසීය.

ඔස්ට්‍රේලියාවේ immigration detention framework හෙවත් සංක්‍රමණික රැඳවුම් රාමුව නැවත නිර්මාණය කිරීම සඳහා නීති සම්පාදනය කර නොමැති බව David Burke ගේ නියෝජිතයෙකු පැවසීය.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


ග්‍රීන්ස් පක්ෂය විරුද්ධ වෙයි

දැනටමත් සංක්‍රමණික රැඳවුම් භාරයේ සිටින සරණාගතයින් 21 දෙනෙකුට මෙම නව නීති ක්‍රියාත්මක කළ හැකිය.

බරපතල වැරදි සම්බන්ධයෙන් වැරදිකරුවන් ලෙස හෝ ආරක්ෂක අවදානමක් ඇති අය ලෙස හෝ ASIO ආයතනය විසින් නම් කර ඇත.

මෙම සංශෝධන පනත් කෙටුම්පත සම්මත කරගැනීම සඳහා කම්කරු පක්ෂයේ ද සහය හිමිවූ නමුත් ග්‍රීන්ස් පක්ෂය ඊට විරෝධය පෑවේය.

මෙම නීතිය මගින් සරණාගතයින් සඳහා ඔස්ට්‍රේලියාවේ ආරක්ෂණ බැඳීම් වළක්වන බව ග්‍රීන්ස් පක්ෂයේ සෙනට් සභික Nick McKim සෙනට් සභාවට පැවසුවේය.

මෙම නීතිය මගින් වීසා අවලංගු කිරීමේ ක්‍රියාවලියට බරපතල බලපෑම් ඇති කරන අතර විශේෂයෙන්ම ඉතා සුළු සිදුවීම් මත සරණාගතයින්ගේ වීසා මේ හරහා අහෝසි කළ හැකි බව ද ඔහු එහිදී ප්‍රකාශ කළේය.


Share

4 min read

Published

Updated

By Tom Stayner, Madhura Seneviratne




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now