උණ ගතිය, වියලි කැස්ස, තෙහෙට්ටුව, මාංශ පේශි වල ඇතිවන රිදීම් සහ කැක්කුම් , උගුර ආශ්‍රිතව ඉදිමුම සහ ගඳ සුවඳ දැනීම මෙන්ම රසය දැනීම අහිමි වීම COVID -19 වෛරසයේ පවතින සාමාන්‍ය රෝග ලක්ෂණ වේ.
මෙම වෛරසය වැළදීමෙන් සති කිහිපයකින් එම පුද්ගලයා යථා තත්වයට පත් වුවද මෙමගින් සිදුවන දිගු කාලීන බලපෑම්ද පවතී.
මෙය පෙනහලු වලට සිදුවන ආසාදනයක් පමණක් නොවේ.
මෙය මතුපිටින් ගත් කල පෙනහලු රෝග ලක්ෂණ පෙන්නුම් කරන අතර මෙම වෛරසය පුද්ගල ශ්වසන පත්‍රිකා හි සෛල වලට ආසාදනය වේ. මේ ඔස්සේ පුද්ගලයා නිව්මෝනියා තත්වයකට පත්වේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීව සහ පසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
කෙසේ වුවද මෙමගින් ඇති වන දිගු කාලීන බලපෑම පුද්ගල ශරීරයේ විවිධ කොටස් සඳහාද බලපෑම් සිදු කරයි. COVID -19 වෛරසය වැළදුණු රෝගීන් මිලියන 4ක් පිළිබඳව App එකක් ආධාරයෙන් දිනපතා පරීක්ෂණ සිදු කිරීම මගින් ලන්ඩන් King’s College හි පරීක්ෂණ කණ්ඩායමක් අනාවරණය කොටගෙන ඇත්තේ මෙම වෛරසය වැළදුණු පුද්ගලයින්ගෙන් 20%ක් දෙනා නිව්මෝනියා තත්වයට ප්‍රතිකාර කිරීමට රෝහල් ගත කෙරෙන බවයි. එමගින් බොහෝ දෙනෙකුට Oxygen ලබාදීමට පවා සිදු වන අතර ඔවුන් අතුරිනුත් 5%ක ප්‍රමාණයකට රෝග ලක්ෂණ දරුණු වන බවද පැහැදිලි වී තිබේ.

මෙය පුද්ගල ප්‍රතිශක්තීකරණ පද්ධතියට බලපෑම් සිදු කරයි
දරුණු COVID -19 රෝග ලක්ෂණ පවතින පුද්ගලයින්ට එම රෝගයේ මුල් අවදියේ පවා වෙනස් වූ ප්‍රතිශක්තිකරණ තත්වයක් පෙන්නුම් කරයි. වෛරසයෙන් පුද්ගලයා තුල පවතින ප්‍රතිශක්තිකරණ සෛල අඩු වන අතර එමගින් වෛරසය කාර්යක්ෂමව පාලනය කිරීමට අපොහොසත් වේ.
මෙවැනි පුද්ගලයින් මගින් සාමාන්‍ය COVID -19 රෝග ලක්ෂණ වලට වඩා තරමක් සංකීර්ණ රෝග ලක්ෂණ පෙන්වීමේ හැකියාවක් පවතී. ඔවුනට encephalitis තත්වයක් ඇතිවීමේ ප්‍රවනතාවක් පවතින අතර එමගින් රෝගියාට යම් ව්‍යාකූලතා ඇතිවන අතර සිහිය මද වීමේ හැකියාවක්ද පවතී. රෝගීන්ගෙන් 6%කට ආඝාතය ඇතිවීමට හැකි බවද සොයාගෙන තිබේ.

COVID -19 වෛරසය වැළදීමෙන් මියගිය පුද්ගලයින් පිළිබඳව සිදු කල පරීක්ෂණ ඔස්සේ මේ වන විට සොයාගෙන ඇත්තේ දැඩි නිව්මෝනියාව හෝ පෙනහලු වල දැවිල්ලෙහි ප්‍රතිපලයක් ලෙස ඇතිවන උග්‍ර ශ්වසන අපහසුතාවය මරණයට හේතු වන බවයි. එමෙන්ම මියගිය පුද්ගලයින්ගේ සම නිල් පැහැයක් ගන්නා බවටද අනාවරණය වී තිබේ.
කෙසේ වුවද මෙම වෛරසය මගින් පෙනහලු ආශ්‍රිතව වන කේශ නාලිකා හෝ රුධිර නාල වල දැවිල්ලක් ඇති කිරීම පමණක් සිදු නොකරන අතර වකුගඩු සහ හෘදය ආශ්‍රිතව රුධිර කැටි ගැසීම සිදුකිරීමේ අවධානමක් පවතී.
නිරන්තර රෝග ලක්ෂණ පෙන්වීම
දරුණු ලෙස COVID -19 වෛරසය වැළදුණු පුද්ගලයින් හට දිගු කාලීන ප්‍රතිවිපාක අත්වනු ඇති බවට අපේක්ෂා කෙරේ.ඇතැම් රෝගීන් දින 60 කටත් වැඩ කාලයක් තිස්සේ මෙම රෝගය හේතුවෙන් පීඩා විදින බවට අනාවරණය වී තිබේ. මෙලෙස වෛරසය හේතුවෙන් දිගු කලක් තිස්සේ පීඩා විඳින පුද්ගලයකු ලෙස එක්සත් රාජධානියේ Liverpool School of Tropical Medicine හි බෝවන රෝග විශේෂඥ Paul Garner හැදින්වේ.ඔහු පසුගිය මාර්තු මස අගදී වෛරසයට ගොදුරු වූ අතර තවමත් හිසේ කැක්කුම, බඩේ අමාරුව, කන් වල පවතින සියුම් ශබ්දය, කැරකිල්ල සහ හුස්ම ගැනීමේ අපහසුතාවය වැනි රෝග ලක්ෂණ වලින් පෙළේ.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
ඇතැම් පුද්ගලයින් දිගු කාලීන හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් පෙලෙන අතර පෙනහලු වලට හානි වීම මගින් දිගු කාලීනව නිව්මෝනියා තත්වයෙන් පෙළේ. වෛරසයෙන් සුවපත් වූවන්ගෙන් 26% - 33% ප්‍රමාණයක් විශාධයෙන් පෙලීමේ හැකියාව පවතින අතර 38% - 44% ක ප්‍රමාණයක් සංකා තත්වයෙන් පෙලීමේ හැකියාව පවතී. එමෙන්ම 38% - 24% ප්‍රමාණයක් පශ්චාත් කම්පන ආතති අබාධ වලින් පෙලීමේ හැකියාව පවතින බවටද හඳුනාගෙන තිබේ.

දිගු කාලීන රෝග ලක්ෂණ අනෙකුත් කොරෝනා වෛරස වලද දක්නට ලැබේ
SARS වෛරසය සහ Middle Eastern Respiratory virus හෙවත් MERS වෛරසය වැළදුණු පුද්ගලයින්ද දිගු කාලීනව රෝග ලක්ෂණ හේතුවෙන් පීඩා විඳ තිබේ. SARS වෛරසය වැළදුණු පුද්ගලයින් පිළිබඳව කැනේඩියානු පරීක්ෂණ කණ්ඩායමක් සිදු කල පරීක්ෂණ ඔස්සේ සොයාගෙන ඇත්තේ එම වෛරසය වැළදුණු පුද්ගලයින් අතරද නිදාගැනීමේ අපහසුතා, නිව්මෝනියා තත්වය, ආතතිය සහ මාංශ පේශි වල ඇති රිදීම් කාලයක් තිස්සේ පවතින බවයි. එමෙන්ම MERS වෛරසය වැළදුණු ඇතැම් පුද්ගලයින් මාස 12කට පසුවද නිව්මෝනියා තත්වයෙන් පීඩා විදින බවට අනාවරණය වී තිබේ.
Covid- 19 වෛරසය තවමත් මූලික අවධියේ පවතින අතර ඒ පිළිබඳව තවදුරටත් දැන ගත යුතු සහ සොයා බැලිය යුතු බොහෝ දේ තිබේ.

