Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ලංකාවට යන අය සඳහා මාර්තු 01 සිට ක්‍රියාත්මක කෙරෙන නව කොවිඩ් මාර්ගෝපදේශ මෙන්න (SBS සිංහල/ වාර්තා)

මෙම මාර්ගෝපදේශ 2022 මාර්තු 01 වන දින 00:00 සිට ශ්‍රී ලංකා ගුවන් තොටුපළ හෝ වරාය හරහා ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සඳහා ක්‍රියාත්මක වේ.

Sri Lankan Airline
Source: Facebook/ Sri Lankan Airline

කොවිඩ් හේතුකොටගෙන ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන් අවධානය යොමු කළ යුතු විශේෂ මාර්ගෝපදේශ මාලාවක් මාර්තු 01 සිට ක්‍රියාත්මක කෙරේ.

මේ පිළිබඳ ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා අධිකාරිය විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.


Highlights

  • පූර්ණ කොවිඩ් එන්නත්කරණයට ලක්වූ සංචාරකයින් ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර COVID-19 පරීක්ෂණ (PCR හෝ Rapid Antigen පරීක්ෂණ) කිරීමට අවශ්‍ය නොවේ.
  • සම්පූර්ණයෙන්ම එන්නත් නොකළ ශ්‍රී ලංකාවට පැමිණෙන අවුරුදු දොළහක් සහ ඊට වැඩි අනෙකුත් සියලුම සංචාරකයින් අනිවාර්යයෙන්ම ඍණාත්මක COVID-19 පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය.
  • මෙම මාර්ගෝපදේශ 2022 මාර්තු 01 වන දින 00:00 සිට ශ්‍රී ලංකා ගුවන් තොටුපළ හෝ වරාය හරහා ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සඳහා ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන් සඳහාවූ නව මාර්ගෝපදේශ

01. පූර්ණ කොවිඩ් එන්නත්කරණයට ලක්වූ සංචාරකයින් ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර COVID-19 පරීක්ෂණ (PCR හෝ Rapid Antigen පරීක්ෂණ) කිරීමට අවශ්‍ය නොවේ.

විවිධ රටවලට කොවිඩ් එන්නත ලබාදීමේ විවිධ අදියරයන් ඇති බැවින් යම් සංචාරකයෙකු COVID-19 එන්නතෙහි නිර්දේශිත මාත්‍රාවන් ලබාගෙන දෙවැනි මාත්‍රාව ලබා සති දෙකකට පසු විදේශගත වුවහොත් ඔහු හෝ ඇය “සම්පූර්ණයෙන් එන්නත් කළ” සංචාරකයෙකු ලෙස සලකනු ලැබේ.

කොවිඩ් එන්නත්කරණයට ලක්වූ සංචාරකයෙකු ලෙස සලකා බැලීමට අදාළ නිර්දේශිත මාත්‍රා:

අදාළ සංචාරකයා අවම වශයෙන් මාත්‍රා දෙකක් ලබාගත යුතු එන්නතක මාත්‍රා දෙකම ලබා තිබේනම් හෝ වෙනස්වූ කොවිඩ් එන්නත්වල නිර්දේශිත සංයෝජනයකින් එම මාත්‍රා දෙකම ලබා තිබේනම් හෝ එම සංචාරකයාට ශ්‍රී ලංකාවට සංචාරය කිරීම සඳහා පූර්ණ කොවිඩ් එන්නත්කරණයට ලක්වූ සංචාරකයෙකු ලෙස සැලකේ.

අදාළ සංචාරකයාට අනුමත තනි මාත්‍රාවක එන්නතක් තිබුනේ නම් (උදා: Janssen එන්නත) එම සංචාරකයා පූර්ණ කොවිඩ් එන්නත්කරණයට ලක්වූ සංචාරකයෙකු ලෙස සැලකේ.

02. අවම වශයෙන් පිළිගත් කොවිඩ් එන්නතක එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති අවුරුදු දහඅට සහ ඊට අඩු දරුවන්, එන්නත ලබාදී සති දෙකකට පසු විදේශගත වුවහොත් පූර්ණ කොවිඩ් එන්නත්කරණයට ලක්වූ සංචාරකයෙකු ලෙස සලකනු ලැබේ.

03. ශ්‍රී ලංකාවට පිටත් වන දිනට පෙර දින 7 සිට මාස 6 දක්වා කාලය තුළ කොවිඩ් ආසාදනය වී ඇති සංචාරකයින් අවම වශයෙන් මාත්‍රා දෙකක එන්නතක එක් මාත්‍රාවක් හෝ ලබා ඇත්නම් ශ්‍රී ලංකාවට පිටත් වීමට පෙර සිදු කරන COVID-19 පරීක්ෂණයෙන් නිදහස් කෙරේ.

ඔවුන් රෝග විනිශ්චය කිරීමේ කාඩ්පතක් හෝ සනාථ කළ හැකි සාක්ෂියක් හෝ මීට පෙර ධනාත්මකවූ COVID-19 පරීක්ෂණ වාර්තාවක් (PCR වාර්තාව හෝ වේගවත් Rapid Antigen පරීක්ෂණ වාර්තාව) කොවිඩ් අසනීපයේ ඉතිහාසය පිළිබඳ සාක්ෂියක් ලෙස (ඉංග්‍රීසියෙන්) රැගෙන යා යුතුය.

ඔවුන් එන්නත් කිරීමෙන් සති දෙකකට පසුව සහ ආසාදනයෙන් දින හතකට පසුව ශ්‍රී ලංකාවට ඒම සඳහා පිටත් විය යුතුය.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


 

04.  මාත්‍රා දෙකක එන්නතක තනි මාත්‍රාවක් සමඟ පිටත්වන දිනට මාස 6කට වඩා වැඩි කාලයකට පෙර COVID-19 ආසාදන ඉතිහාසයක් ඇති සංචාරකයින් ඍණාත්මක COVID-19 පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය. එන්නත්කරණය ලබා ඔවුන් සති දෙකකට පසු පිටත් විය යුතුය.

05. සම්පූර්ණයෙන්ම එන්නත් නොකළ ශ්‍රී ලංකාවට පැමිණෙන අවුරුදු දොළහක් සහ ඊට වැඩි අනෙකුත් සියලුම සංචාරකයින් අනිවාර්යයෙන්ම ඍණාත්මක COVID-19 පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය. එම වාර්තා ඉංග්‍රීසි භාෂාවෙන් තිබිය යුතු අතර PCR පරීක්ෂණයක් නම් පිටත්වීමට පැය 72 කට පෙර සහ Rapid Antigen පරීක්ෂණයක් නම් පිටත්වීමට පැය 48 කට පෙර සිදුකළ යුතුය.

COVID-19 එන්නත් ලබා ගත් සියලුම සංචාරකයින් ඔවුන්ගේ සංචාරය පුරාවට ඉංග්‍රීසි භාෂාවෙන් එන්නත් කළ බවට වූ සාක්ෂි රැගෙන යා යුතුය.

මීට පෙර කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති සියලුම සංචාරකයින් ආසාදනය ආරම්භ වී දින 7කට පසුව ශ්‍රී ලංකාවට පිටත්ව යා යුතුය.

මෙම මාර්ගෝපදේශ 2022 මාර්තු 01 වන දින 00:00 සිට ශ්‍රී ලංකා ගුවන් තොටුපළ හෝ වරාය හරහා ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සඳහා ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකාව තුළ පවතින COVID-19 තත්ත්වය සහ ගෝලීය තත්ත්වය අනුව මෙම මාර්ගෝපදේශය සංශෝධනය කෙරෙන බවද ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කරයි.


 


3 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now