ඕස්ට්‍රේලියාව ගොඩ ගන්න සංක්‍රමණිකයින් අත්‍යාවශ්‍ය බව ඕස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව අවධාරණය කරයි (SBS සිංහල/ වාර්තා)

Reserve Bank Governor Philip Lowe

Reserve Bank Governor Philip Lowe delivers a press conference after the board meeting. Tuesday 3rd November 2020 AFR photo LOUIE DOUVIS Source: AFR

කොරෝනා වසංගතය හේතුවෙන් ඇද වැටී ඇති ඕස්ට්‍රේලියානු ආර්ථිකය යලිත් ශක්තිමත් කිරීම සඳහා ඔස්ට්‍රේලියාවට දක්ෂ සංක්‍රමණික සේවකයින් අත්‍යාවශ්‍ය බව මධ්‍යම බැංකු ප්‍රධානී Philip Lowe අවධාරණය කොට තිබේ. පසුගිය සඳුදා පැවති සමුලුවකට සහභාගී වෙමින් ඕස්ට්‍රේලියානු මධ්‍යම බැංකු ප්‍රධානී මේ බව සඳහන් කල බව The Australian පුවත්පත වාර්තා කරයි.


 SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීව සහ පසුව online අහන්න -www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


ජාත්‍යන්තර දේශසීමා වසා දැමීම හේතුවෙන් දේශීය ජනගහන වර්ධනයේ විශාල පසුබෑමක් දක්නට ලැබෙන අතර ඕස්ට්‍රේලියානු රැකියා පුරප්පාඩු සඳහා සංක්‍රමණිකයින් පිළිබඳව අවධානය යොමු කලයුතු බව ඔහු සඳහන් කොට තිබේ. එමෙන්ම මෙහිදී මධ්‍යම බැංකු ප්‍රධානී පෙන්වා දී ඇත්තේ 2021 වසරේ අවසානය දක්වාවත් මෙම තත්වය පවතිනු ඇති බවයි.

පසුගිය වසර 20ක කාලය තුලදී ඕස්ට්‍රේලියානු ජනගන වර්ධනය 1.5 කින් වර්ධනය වී තිබේ. නමුත් සෞක්‍ය අර්බුධය හේතුවෙන් ඕස්ට්‍රේලියානු ජනගහන වර්ධනය ඉදිරි වසර තුලදී 0.2 දක්වා පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙය 1916 වසරින් පසු ඕස්ට්‍රේලියාවට බලපානු ලබන අඩුම ජනගහන වර්ධන අනුපාතය වේ.

ඕස්ට්‍රේලියානු ආර්ථික කමිටුව වෙත සිදු කල සිය කතාවේදී, මධ්‍යම බැංකු ප්‍රධානී Philip Lowe සඳහන් කොට ඇත්තේ මෑත දශක කිහිපය තුල සිදු වූ ජනගහන වර්ධන වේගය ඕස්ට්‍රේලියානු ආර්ථිකය හැඩගැස්වීම සඳහා ප්‍රධාන සාධකයක් වී ඇති අතර සෙසු දියුණු රටවලට සාපේක්ෂව ඕස්ට්‍රේලියානු දළ දේශීය නිෂ්පාදිතයේ වේගවත් වර්ධනයටද එය ඉවහල් වී ඇති බවයි.

Philip Lowe සඳහන් කොට ඇත්තේ මේ වනතෙක් පැවති විරැකියා අනුපාතයට වඩා ඉහල විරැකියා අනුපාතයක් මෙම කොරෝනා වසංගතයෙන් පසුව දිගු කලක් පුරා ඔස්ට්‍රේලියාවට මුහුණ දීමට සිදු වන අතර, එය ජාතික ප්‍රමුඛතාවක් වශයෙන් අවධානය යොමු කල යුතු බවයි.

Big pay cheques for IT skills as shortage continues in Australia
Australia needs an influx of skilled migrant workers for the Economic recovery RBA says. Source: Pixabay

මේ අතර ඉදිරි වසර දෙකක කාලය තුල වාර්ෂික වැටුප් වර්ධනය 2%කට වැඩ අඩු වනු ඇති බව ඕස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව (RBA) අපේක්ෂා කරයි.

මෙම මස මුලදී නිල පොලී අනුපාතය සියයට 0.1 දක්වා අඩු කිරීමට ඕස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව තීරණය කල අතර, එහි ඉලක්කගත උද්ධමන පරාසය 2% සිට 3% දක්වා ඉහල යනතුරු මධ්‍යම බැංකුව විසින් ගාස්තු අය නොකරන බවද Philip Lowe සඳහන් කොට තිබේ.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA

නැතිනම් රූපවාහිනියේ channel 38


නොවැම්බර් 3 දින ඕස්ට්‍රේලියානු මධ්‍යම බැංකු මණ්ඩල රැස්වීමේ අවධානය යොමු කල කරුණු තුල සඳහන් වුයේ මෙය සිදුවීමට නම්, වැටුප් වර්ධනය මෑත මට්ටමට වඩා ඉහළ යා යුතු බවයි. එමෙන්ම මේ සඳහා දැඩි ශ්‍රම වෙළඳපොළකට සහ ඉහල රැකියා ප්‍රමාණයකට නැවතත් ඔස්ට්‍රේලියාව පැමිණීමට අවශ්‍ය වන බවද සඳහන් වේ.

එමෙන්ම අවම වශයෙන් ඉදිරි වසර 3 තුලදීවත් උද්ධමනය 1%මට්ටමක පවත්වාගැනීම සඳහා කටයුතු කිරීමටද ඕස්ට්‍රේලියානු මධ්‍යම බැංකු මණ්ඩල රැස්වීමේදී අවධානය යොමුව තිබේ.

SBS radio
Source: SBS Radio

3 min read

Published

By Nipuna Dodangoda


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now