3 වන චාල්ස් රජුගේ කාර්යභාරය සහ ඔස්ට්‍රේලියාවට ඇති බලපෑම (SBS සිංහල/ වාර්තා)

බ්‍රිතාන්‍යයේ රජකමට පත් වූ 3 වන චාල්ස් රජුගේ කාර්යභාරය සහ ඔහුගෙන් ඔස්ට්‍රේලියාවට ඇති බලපෑම කුමක්ද? මේ පිළිබඳ මෙම ලිපියෙන් විමසා බලමු.

The then-Prince of Wales sitting on a throne next to the Imperial State Crown.

The then-Prince of Wales delivered the Queen's speech on behalf of his mother during the State Opening of Parliament in the House of Lords, London earlier in the year. Credit: Alastair Grant/PA

දෙවැනි එළිසබත් රැජිණගේ අභාවයෙන් පසු බ්‍රිතාන්‍යයේ රජකමට පත් වූ 3 වන චාල්ස් රජු දැන් එක්සත් රාජධානියේ සහ ඔස්ට්‍රේලියාව ඇතුළු තවත් පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් 14 ක රජු වේ.

රැජිණගේ රාජකීය අවමංගල්‍ය උත්සවයෙන් අනතුරුව පැවැත්වෙන විශේෂ උත්සවයකදී ඔහු කිරුළු පැළඳීමට නියමිතය.

බ්‍රිතාන්‍යයේ රජකමට පත් වූ 3 වන චාල්ස් රජුගේ කාර්යභාරය සහ ඔහුගෙන් ඔස්ට්‍රේලියාවට ඇති බලපෑම කුමක්ද? මේ පිළිබඳ මෙම ලිපියෙන් විමසා බලමු.
 
The Royal Family Attend Vigil At St Giles' Cathedral
Sophie, Countess of Wessex, Edward, Earl of Wessex, Prince Andrew, Duke of York, Vice Admiral Timothy Laurence, Camilla, Queen Consort, Princess Anne, Princess Royal and King Charles III attend a Service of Prayer and Reflection for the Life of Queen Elizabeth II at St Giles' Cathedral, on 12 September, 2022 in Edinburgh, Scotland. Source: Getty / WPA Pool/Getty Images

බ්‍රිතාන්‍ය රජුගේ වගකීම්

17 වැනි සියවසේ අගභාගය දක්වාම බ්‍රිතාන්‍ය රජවරු අදට වඩා විශාල බලයකින් සහ වගකීම් සමුහයක් සහිතව පාලනය කළහ.

නමුත් අද වන විට බ්‍රිතාන්‍යයේ රාජාණ්ඩුවට ඉතිරිව ඇත්තේ චාරිත්‍රානුකූල ක්‍රියාකාරකම් කිහිපයක් බව සිඩ්නි විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය Cindy McCreery පැවසුවාය.

බ්‍රිතාන්‍ය රාජකීය පවුල දැන් වසර 300 කට වැඩි කාලයක් ව්‍යවස්ථාපිත රාජාණ්ඩු ක්‍රමයක් තුළ ක්‍රියාත්මක වේ.
1688 වසරේදී ඇතිවූ Glorious Revolution හෙවත් තේජාන්විත විප්ලවය හේතුවෙන් එක්සත් රාජධානියේ රජතුමාට හෝ රැජිණට පාර්ලිමේන්තුවට අනුකූලව පාලනය කිරීමට සිදු විය.

රජුගේ ප්‍රධාන වගකීම වන්නේ එක්සත් රාජධානියේ අගමැති පත් කිරීම සහ නෙරපා හැරීමය.

නමුත් එය රජයේ උපදෙස් මත සිදුවිය යුතු බව ආචාර්ය McCreery පැවසුවාය.

බ්‍රිතාන්‍ය රජුගේ භූමිකාව බොහෝ දුරට චාරිත්‍රානුකූල භූමිකාවක් බැවින් ඔහුට කිරීමට බොහෝ දේ නැති බව ඇය පෙන්වා දුන්නාය.

බ්‍රිතාන්‍යයේ රජතුමා සාමාන්‍යයෙන් සෑම වසරකම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විවෘත කර සිංහාසනයේ සිට කතාවක් පවත්වයි.

නමුත් ඒ කතාව රජතුමා විසින් ලියන එකක් නොව අගමැති විසින් ලියන බව ආචාර්ය McCreery පැවසුවාය.

පාලක රජතුමා මෙම රාජකාරිය ඉටු නොකළ අවස්ථා ද ඉතිහාසයේ තිබූ බව ඇය සඳහන් කළාය.

රජතුමා පාර්ලිමේන්තුව විවෘත කර නැතිවට පාර්ලිමේන්තුවේ අසුන්ගෙන එය පැවැත්විය නොහැකි යයි නීතියක් නැතැයිද ආචාර්ය McCreery ප්‍රකාශ කළාය.

3 වන චාල්ස් රජු ලෙස තවත් චාරිත්‍රානුකූල භූමිකාවන් දෙකක් ඔහුට ඇත.

ඒ අනුව ඔහු Anglican පල්ලියේ ප්‍රධානියා සහ බ්‍රිතාන්‍ය සන්නද්ධ හමුදාවන්හි ප්‍රධානියා බවට පත්වේ.
The late Queen Elizabeth II and UK Prime Minister Liz Truss extending their arms as they are about to shake hands.
The late Queen Elizabeth II welcoming Liz Truss during an audience at Balmoral, Scotland, where she invited the newly elected leader of the Conservative party to become UK prime minister and form a new government. Source: AAP / Jane Barlow

ඔස්ට්‍රේලියාව හා සම්බන්ධව රජුගේ කාර්යභාරය කුමක්ද?

3 වන චාල්ස් රජු ඔස්ට්‍රේලියාවේ පිළිගත් රජු වන අතර ඔහු ඔස්ට්‍රේලියානු භුමියේ ඉහළම නියෝජිතයා වේ.

එක්සත් රාජධානිය ඇතුළු පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍යයන් 15ටම මෙය අදාළ වේ..


රාජාණ්ඩුව බ්‍රිතාන්‍ය සන්නද්ධ හමුදාවල නායකත්ව කාර්යභාරයක් ඉටු කරන අතර එහි නීති සම්පාදනයට රාජකීය අනුමැතිය ලබා දෙයි.

රජුගේ නියෝජිතයා ලෙස ආණ්ඩුකාර ජනරාල්වරයා ඔස්ට්‍රේලියාවේ මෙම භූමිකාවන් ඉටු කරයි.
Then-Prince Charles riding a bicycle while wearing a suit.
King Charles III has connections with a number of charities. Here he had been meeting with representatives of the British Asian Trust before they embarked on the charity's 'Palaces on Wheels' cycling event in England. Source: AAP / Arthur Edwards

රජු සහ බ්‍රිතාන්‍ය දේශපාලනය

එක්සත් රාජධානියේ අගමැතිවරු බොහෝ විට අභාවප්‍රාප්ත වූ දෙවැනි එළිසබත් රැජිනගේ දේශපාලන දැනුම ගැන සඳහන් කළහ.

ඔවුන් සතිපතා ඇය සමඟ රැස්වීම් පැවැත්වූ අතර එය චාල්ස් රජු දැනටමත් අනුගමනය කර ඇත.

එය සාමාන්‍ය චාරිත්‍රයකි.

"රජවරයාට උපදෙස් ලබා ගැනීමේ අයිතිය මෙන්ම උපදෙස් දීමට සහ අනතුරු ඇඟවීමේ අයිතිය ද ඇත, කෙසේ වෙතත්, රජතුමා පවසන ඕනෑම දෙයකට සවන් දීමට හෝ ඒ අනුව ක්‍රියා කිරීමට අගමැති වෙනුවෙන් කිසිදු බැඳීමක් නොමැත." යනුවෙන් සිඩ්නි විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය Cindy McCreery පැවසුවාය.

රජයේ කටයුතු පිළිබඳව රජුට හෝ රැජිනට දැනුම් දීම එම රැස්වීම්වල අරමුණ බව ඇය පැවසුවාය.

එම රැස්වීම් පිළිබඳ කිසිදු වාර්තාවක් නොමැති බවද ආචාර්ය McCreery පැවසුවාය.

Share

Published

By Aleisha Orr, Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
3 වන චාල්ස් රජුගේ කාර්යභාරය සහ ඔස්ට්‍රේලියාවට ඇති බලපෑම (SBS සිංහල/ වාර්තා) | SBS Sinhala