Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔස්ට්‍රේලියාවේ මේ උත්සව සමයේදී අවධානයෙන් සිටිය යුතු ප්‍රධාන වංචා 5 මෙන්න (SBS සිංහල/ වාර්තා)

මේ ගෙවී යන උත්සව සමයේදී අන්තර්ජාල වංචා ඇතුළු විවිධ වංචාවලට හසුවීමෙන් වැළකී සිටින ලෙස ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ජනතාවට අනතුරු අඟවා තිබේ.

Christmas shopping

Source: AAP

මේ උත්සව සමයේ සාප්පු සවාරි යන්නන් සහ භාණ්ඩ මිලදී ගන්නන් හට මේ ගෙවී යන දෙසතිය තුළ වැඩිපුර ප්‍රවේශම් වන ලෙස ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අනතුරු අඟවා තිබේ.

පාසල් නිවාඩු සමය සහ උත්සව සමය නිසාම අන්තර්ජාල වංචාවල සහ වෙනත් වංචාවල විශාල වැඩිවීමක් පෙන්නුම් කරන බව බලධාරීහු පෙන්වා දෙති.

මධ්‍යම රජයෙන් අනතුරු ඇඟවීම්

2022 වසර තුළ මේ වන විට ඔස්ට්‍රේලියානුවන්ට අවම වශයෙන් ඩොලර් මිලියන 526ක් වංචා හේතුවෙන් අහිමි වී ඇත.

නමුත් දෙසැම්බර් මාසයේදී ක්‍රියාත්මක වන සාප්පු සවාරි උන්මාදය නිසා මේ අගය තවත් කැපී පෙනෙන ලෙස ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම (ACCC) විසින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවියක් වන Scamwatch හි දත්ත වලට අනුව විවිධ වංචා හේතුවෙන් දෙසැම්බර් මාසයේ වාර්තා වූ වැඩිම පාඩුවක් දක්නට ලැබේ.

2021 දෙසැම්බරයේදී, ඔස්ට්‍රේලියානුවන්ට වංචා නිසා ඩොලර් මිලියන 43කට වැඩි පාඩුවක් වාර්තා වී ඇති අතර, එය එම වසරේ නොවැම්බර් මාසයට සාපේක්ෂව දළ වශයෙන් 29% ක වැඩිවීමකි.

මේ ගෙවී යන උත්සව සමයේදී අන්තර්ජාල වංචා ඇතුළු විවිධ වංචාවලට හසුවීමෙන් වැළකී සිටින ලෙස ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ජනතාවට අනතුරු අඟවා තිබේ.

විශේෂයෙන් හුදකලාව දිවි ගෙවන වැඩිහිටියන් සහ අනෙකුත් අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වලට මෙම අනතුරු ඇඟවීම මධ්‍යම රජය දැඩි ලෙස ආධාරණය කර ඇත.

උත්සව සමයේ සාප්පු සවාරි තදබදය නොසැලකිලිමත් පාරිභෝගිකයින් හසු කරගැනීමට සොයන වංචාකරුවන්ට ප්‍රධාන අවස්ථාවක් යැයි සහකාර භාණ්ඩාගාරික සහ මූල්‍ය සේවා අමාත්‍ය Stephen Jones පැවසීය.

"දුරකථනය හරහා කිසිවිටෙක පුද්ගලික තොරතුරු ලබා නොදීම, කෙටි පණිවුඩ හෝ ඊමේල්වල ඇති සැක කටයුතු links ක්ලික් කිරීමෙන් වැළකීම වැනි සරල ආරක්ෂණ ක්‍රම මගින් වංචාකරුවන්ට හසු නොවී ආරක්ෂිතව සිටීමට උපකාරී වන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

අවධානය යොමු කළ යුතු ප්‍රධාන වංචා 5 ක්

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ භාණ්ඩාගාරයට අනුව, මෙම උත්සව සමයේදී ඔබ වඩාත් ආධානයෙන් සිටිය යුතු ප්‍රධාන වංචා 5 පහත පරිදි වේ.

01. Online shopping scams හෙවත් අන්තර්ජාල සාප්පු සවාරි වංචා:

සාමාන්‍යයෙන් නව online සිල්ලර වෙළෙන්දෙකු ලෙස පෙනී සිටින ව්‍යාජ සෙල්ලම් බඩු සාප්පුවක් හෝ තෑගි වෙබ් අඩවි වලින් ප්‍රවේශම් වන්න.

මෙම වෙබ් අඩවි බොහෝ විට සමාජ මාධ්‍ය ජාලවල ප්‍රචාරණය කරනු ලබන අතර, ක්‍රෙඩිට් කාඩ් විස්තර, පුද්ගලික තොරතුරු සහ ව්‍යාජ නිෂ්පාදන සඳහා ගෙවීම් ලබා ගැනීම පිණිස පාරිභෝගිකයන් රැවටීමට ලක් කරයි.

02. Delivery / Parcel scams හෙවත් පාර්සල් බෙදා හැරීමේ වංචා:

මේවා කෙටි පණිවුඩ මත පදනම් වූ වංචාවන් වන අතර පාර්සලයක් බෙදා හැරීමේ ව්‍යාජ මුවාවෙන් පාරිභෝගිකයින්ට වංචනික link එකක් යවයි.

එම වංචාසහගත link එක ක්ලික් කිරීම හරහා සාමාන්‍යයෙන් මුදල් ගෙවීමකට ආරාධනා කිරීම් , පුද්ගලික තොරතුරු හෝ වංචනික ලෙස ඔබේ විස්තර download කරගැනීම් සඳහා ඔබේ දුරකථනය යොමු කළ හැකිය.

03. Unwanted present scams හෙවත් අනවශ්‍ය වර්තමාන වංචා:

සාමාන්‍යයෙන් වංචනික වෙන්දේසියක් ලෙස මෙය සිදුවේ.

එහිදී වංචාකරුවෙකු විසින් "අනවශ්‍ය තෑග්ගක් විකිණීමට ඇත" යනුවෙන් වෙළඳ දැන්වීමක් ලුහුඬු වෙබ් අඩවිවල තබමින් පාරිභෝගිකයන් ව්‍යාජ මිලදී ගැනීම් කරා යොමු කර ගනියි.

04. "Hi Mum" scams හෙවත් Hi Mum වංචාව:

මෙම වංචාවන් හරහා තම දුරකථනය නැති වී නව අංකයක් ලබා ගත් බව පවසමින් පවුලේ සාමාජිකයෙකු ලෙස පෙනී සිටිමින්, ගෙවීමක් කරන ලෙසට හෝ පුද්ගලික තොරතුරු ලබාදෙන ලෙසට හෝ ඉල්ලීම් කිරීම වැනි ක්‍රියාමාර්ග සඳහා වින්දිතයා පොළඹවයි.

05. Puppy scams:

සාමාන්‍යයෙන් නිල නොවන ක්‍රම හරහා online මාදිලියෙන් බලු පැටියෙකු මිල දී ගැනීමේදී මෙම වංචාව ගැන විමසිලිමත් වන්න.

ඔස්ට්‍රේලියානුවන්ට 2020 දී පමණක් බලු පැටවුන් මිලදී ගැනීමේදී සිදුවූ වංචා කිරීම් නිසා ඩොලර් මිලියන 1.3 කට වඩා අහිමි වී තිබුණි.


3 min read

Published

By Madhura Seneviratne

Source: SBS



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now