Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

අයහපත් කාලගුණයෙන් විපතට පත්වූ වික්ටෝරියානුවන්ට ප්‍රාන්ත රජයෙන් මුල්‍යාධාර : ජූනි 18 දා SBS සිංහල සේවයේ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්

ජුනි 18 වන සිකුරාදා SBS සිංහල වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ අන්තර්ගතය කෙටියෙන් ලිපියක් ලෙසින් ඉදිරිපත් කෙරේ

Victoria weather
A storm flattened holiday homes in south-west Victoria, with heavy rain in other parts of the state. (AAP) Source: AAP

Highlights

  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අවදානම් ස්ථාන ලැයිස්තුවට අලුතින් ස්ථාන එකතු වේ
  • වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා සීමා තවදුරටත් ලිහිල් වේ
  • විදුලිය නොමැති වික්ටෝරියානුවන්ට රජයෙන් ආධාර
  • ඕස්ට්‍රේලියානු එන්නත්කරන වැඩසටහනේ වෙනසක්, AstraZeneca එන්නත ලබාදීමේ අවම වයස 60 කෙරේ
  • ඕස්ට්‍රේලියානු ජනගහන වර්ධන වේගය පළමු ලෝක යුද්ධයෙන් පසු අවම මට්ටමකට 
  • ශ්‍රී ලංකාවේ ප්‍රජාව අතුරිනුත් ශීග්‍රයෙන් පැතිරෙන Delta කොරෝනා ප්‍රබේදය හමුවේ

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අවදානම් ස්ථාන ලැයිස්තුවට අලුතින් ස්ථාන එකතු වේ

කොරෝනා වෛරසය අසාදිත වයස අවුරුදු 40 ක පුද්ගලයකු හඳුනාගැනීමත් සමග නිව් සවුත් වේල්ස් Health මගින් ප්‍රාන්තයේ කොරෝනා අවදානම් ස්ථාන ඇතුලත් ලැයිස්තුවට නව ස්ථාන ඇතුලත් කොට තිබේ.

මේ අනුව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Northmead සහ Zetland ප්‍රදේශයන්හි ස්ථාන අවදානම් සහිත බවට දැක්වේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් හටගත් හදිසි කොරෝනා තත්වය මත එම ප්‍රාන්තයේ අවදානම් සහිත ස්ථාන වෙත ගිය පිරිස සඳහා බටහිර ඕස්ට්‍රේලියාව, දකුණු ඕස්ට්‍රේලියාව සහ ටස්මේනියාව සිය දේශසීමා වසා දමා තිබේ. එමෙන්ම වික්ටෝරියා ප්‍රාන්තයද මෙම අවදානම සහිත ප්‍රදේශ වල පදිංචිකරුවන් සදහා සිය දේශසීමා වසා දැමීමට කටයුතු කොට තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරිය වන Gladys Berejiklian පවසන්නේ ප්‍රාන්ත වැසියන් මේ සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසුවිය යුතු අතර හැකිතාක් බොහෝ පිරිසක් සහභාගී වන රැස්වීම් සඳහා සහභාගී වීම අවම කරන ලෙසයි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මෙම කොරෝනා වෛරස ව්‍යාප්තිය ජාතන්තර ගුවන් කාර්යමණ්ඩල සාමාජිකයින් රැගෙන යන limousine රියදුරකු මගින් සිදු වූ අතර මෙම පුද්ගලයා අදාල සෞඛ්‍ය පිළිපැදීම් නිසි ලෙස සිදු කොට ඇතිද යන්න පිළිබඳව පරීක්ෂණ සිදු කරන බව ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය Brad Hazzard පවසයි.

එමෙන්ම, පවතින අවදානම අඩු බවට විශ්වාස කරන අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය සමග නිරෝධායන රහිත සංචාර අඛණ්ඩව සිදු කෙරෙන බව නවසීලන්තය පවසයි.

 

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොරෝනා අවදානමක් සහිත ස්ථාන ලැයිස්තුවට පිවිසෙන්න 

වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා සීමා තවදුරටත් ලිහිල් වේ

අද(18/06) උදෑසන සිට වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා සීමා තවදුරටත් ලිහිල් කොට තිබේ.

මේ අනුව මෙල්බර්න් හි කායවර්ධන මධ්‍යස්ථාන විවුර්ත කෙරේ

එමන්ම එක් නිවසක් සඳහා අමුත්තන් දෙදෙනකු හට යාමට අවසර හිමි වේ

සමාජ දුරස්ථ බව ආරක්ෂා කල හැකි ස්ථාන වලදී හැර එලිමහන් ස්ථාන වලදී මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය නොවේ.

ඊයේ (17/06) දිනයේදී වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු කල කොරෝනා පරීක්ෂණ 35,252 ක ප්‍රතිපල මත ප්‍රජාවෙන් එක් කොරෝනා ආසාදිතයකු වාර්තා වී තිබේ. මේ අනුව ප්‍රාන්තය තුල මේ වනවිට සිටින සක්‍රීය කොරෝනා ආසාදිතයින්ගේ සංක්‍යාව 54ක් ලෙස වාර්තා වේ.

කෙසේ නමුත්, (පසුව සිදු කල පරීක්ෂණ ඔස්සේ කොරෝනා වෛරසයට ධනාත්මක වූ) හෙදියකට රෝහල් දෙකක සහ එන්නත්කරන මධ්‍යස්ථානයක සේවය කිරීමට ඉඩ ලබාදීම ඔස්සේ සෙසු සෞඛ්‍ය සේවකයින් හට සෞඛ්‍ය තර්ජන එල්ල වීමට ඉඩහැරීම සම්බන්ධයෙන් වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අංශ වෙත දැඩි චෝදනා එල්ල වෙමින් පවතී.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රාන්ත කොරෝනා එන්නත්කරන වැඩසටහන් මෙහෙයුම් නිලධාරී Jeroen Weimar සඳහන් කොට සිටින්නේ මෙම තත්වය සම්බන්ධයෙන් කණගාටුව පලකරන අතර මෙවැන්නක් සිදු නොවීමට වගබලගනීමට තිබු බවයි.

විදුලිය නොමැති වික්ටෝරියානුවන්ට රජයෙන් ආධාර

මීට සතියකට පමණ පෙර වික්ටෝරියා ප්‍රාන්තයට ඇති වූ අයහපත් කාලගුණය හේතුවෙන් විදුලිය පහසුකම් නොමැතිව දැඩි පීඩනයකට පත්ව සිටින නිවැසියන් සඳහා අධාර වැඩසටහනක් එම ප්‍රාන්ත රජය ප්‍රකාශයට පත්කොට තිබේ.

මෙම අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට ප්‍රාන්තය තුල නිවාස 7,000ක් පමණ විදුලිය පහසුකම් නොමැතිව පවතී. එමන්ම Dandenong ප්‍රදේශයේ නිවාස 3,000ක පමණ නිවැසියන් හට නැවත විදුලිය ලැබෙන තුරු අවම වශයෙන් ලබන ජුලි මස 10 වැනිදා දක්වාවත් සිටීමට සිදුවන බව දන්වා තිබේ.

 


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


 

මෙම තත්වය සඳහා වික්ටෝරියානු ප්‍රාන්ත රජය ආරක්ෂක බලකා සහායද පතා ඇති අතර මේ පිළිබඳව විදුලිබල සැපයුම්කරු වන Ausnet සමාගම පීඩාවට පත්වූවන්ගෙන් සමාව ඉල්ලා තිබේ.

වික්ටෝරියා ප්‍රාන්ත වැඩබලන අග්‍රාමාත්‍ය James Merlino සඳහන් කොට සිටින්නේ මෙලෙස පීඩාවට පත්ව සිටින පවුල් සඳහා සතියකට ඩොලර් 1,680ක් දක්වා ඉල්ලුම් කිරීමේ හැකියාව හිමි වන බවයි.

මෙම මුදල් ලබාදීම පීඩාවට පත් වූ ජනතාවට වෙනත් ස්ථානයක් සඳහා යොමුවනතෙක් හෝ නැවතත් ඔවුන්ගේ ජීවිතය යත තත්වයට පත්වන තෙක් සිදු කරන බවද ප්‍රාන්ත වැඩබලන අග්‍රාමාත්‍යවරයා සඳහන් කොට සිටී.

ඕස්ට්‍රේලියානු එන්නත්කරන වැඩසටහනේ වෙනසක්, AstraZeneca එන්නත ලබාදීමේ අවම වයස 60 කෙරේ

ඔස්ට්‍රේලියාව තුල වයස අවුරුදු 60ට වඩා අඩු පුද්ගලයින් හට Pfizer එන්නත ලබාදීමට ඕස්ට්‍රේලියානු රජය තීරණය කොට තිබේ.

මේ අනුව AstraZeneca එන්නත අවම වශයෙන් වයස අවුරුදු 60ට වඩා වැඩි පිරිස සඳහා ලබාදෙන බව ඕස්ට්‍රේලියානු රජය පවසයි.

AstraZeneca එන්නත හා සම්බන්ධ දුර්ලභ තත්වයක් වන රුධිරය කැටිගැසීමේ තත්වය හේතුවෙන් තවත් පුද්ගලයින් දෙදෙනකු මිය යාමත් සමග රජය මෙම තීරණයට එළඹ තිබේ.

කෙසේ නමුත් ඕස්ට්‍රේලියානු රජය සඳහන් කොට සිටින්නේ මින් පෙර AstraZeneca එන්නත එක් වරක් ලබාගත් වයස අවුරුදු 60 ට වඩා අඩු වයසේ සිටින පුද්ගලයින් ඔවුන්ගේ මීළඟ මාත්‍රාව වශයෙන්ද AstraZeneca එන්නතම ලබාගන්නා ලෙසයි.

මේ අනුව වයස අවුරුදු 40 සිට 59 දක්වා වන කාණ්ඩය තුල සිටින පුද්ගලයින් හට Pfizer එන්නත ලබාදෙන බව ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt සඳහන් කොට සිටී.

මේ අතර මෙම වෙනස් කිරීම ඔස්සේ ඔස්ට්‍රේලියාව තුල කොරෝනා එන්නත් ලබාදීමේ යම් ප්‍රමාදයක් ඇතිවිය හැකි බවට සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ඉදිරියේදී ඇතිවිය හැකි දැඩි ඉල්ලුම මත වික්ටෝරියා ප්‍රාන්තය සිය Pfizer එන්නත් මාත්‍රා ගබඩා කිරීම ආරම්භ කොට ඇති නමුත් මධ්‍යම රජය සඳහන් කොට සිටින්නේ එවැන්නක් සිදු කිරීම අනවශ්‍ය බවයි.

ඕස්ට්‍රේලියානු ජනගහන වර්ධන වේගය පළමු ලෝක යුද්ධයෙන් පසු අවම මට්ටමකට

කොරෝනා වසංගතයත් සමග සංක්‍රමණිකයින් විශාල පිරිසක් ඔස්ට්‍රේලියාව හැර ගොස් ඇති අතර මෙම සංක්‍රමණ හිඟය හේතුවෙන් ඕස්ටේලියාව තුල ජනගහන වර්ධනය දැඩි ලෙස පහත වැටී ඇතැයි වාර්තා වේ.

ඕස්ට්‍රේලියානු සංක්‍යාලේඛන කාර්යාංශය සඳහන් කොට සිටින්නේ පසුගිය වසරේදී ඔස්ට්‍රේලියාව තුල ජනගහන වර්ධනයේ 0.5%ක වේගයක් දක්නට ලැබුණු බවයි.

කෙසේ නමුත් කොරෝනා වසංගත තත්වයත් සමග ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයින් 74,000ක් පමණ අහිමි වී ඇති අතර මෙමගින් වික්ටෝරියා ප්‍රන්තයේ ජනගහන වර්ධනයට දැඩි බලපෑමක් එල්ලව ඇතැයි හෙළිව තිබේ.

වාර්තාවන්ට අනුව 2020 දෙසැම්බර් 31න් අවසන් වූ වසර තුලදී ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයින් 243,500ක් පැමිණ ඇති අතර එම වසර තුලදී ඕස්ට්‍රේලියාවෙන් පිටත්ව ගොස් ඇති සංක්‍රමණික සංක්‍යාව 240,200ක් ලෙස වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ ප්‍රජාව අතුරිනුත් ශීග්‍රයෙන් පැතිරෙන Delta කොරෝනා ප්‍රබේදය හමුවේ

ශීග්‍ර ව්‍යාප්තියක් දක්වන ඉන්දීය Delta කොරෝනා ප්‍රබේදය ශ්‍රී ලංකාවේ ප්‍රජාව අතුරින් පළමු වරට හඳුනාගෙන තිබේ.මෙම වෛරස ප්‍රබේදය මීට පෙර ශ්‍රී ලංකාවේ නිරෝධායන මධ්‍යස්ථාන මගින් හඳුනාගෙන ඇති අතර මෙම ප්‍රබේදය ශ්‍රී ලංකාවේ ප්‍රජාව අතුරින් හඳුනාගත් ප්‍රථම අවස්තාව මෙය බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කොට සිටින්නේ මෙම වෛරස ප්‍රබේදය මගින් වෙනත් කොරෝනා ප්‍රබේද වලට වඩා වැඩි වශයෙන් රෝග ලක්ෂණ පෙන්නුම් කරන අතර මේ සඳහා එක් කොරෝනා එන්නතක් ලබාගැනීම මගින් පමණක් කිසිසේත්ම ආරක්ෂාවක් නොලැබෙන බවයි.

ඊයේ (17/06) දිනයේදී ශ්‍රී ලංකාවෙන් නව කොරෝනා ආසාදිතයින් 2361 දෙනෙකු වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා අසාදිත සංක්‍යාව 233,053ක් ලෙස වාර්තා වේ.


6 min read

Published

By Nipuna Dodangoda


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now