ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා මත සිටින පුහුණු ශ්‍රමිකයින්ගේ වාර්ෂික වැටුප $91,000 දක්වා ඉහළ දමන ලෙසට ඉල්ලීම්

Temporary Skilled වීසා ලාභීන්ගේ වාර්ෂික ආදායම් සීමාව (TSMIT) වසර 2013 සිට ඩොලර් 53,900 ක් ලෙස සීමා කර ඇත.

Young male software engineer working on laptop at desk in office

From software engineers to nurses, Australia needs more skilled migrants. The ACTU wants a big increase in the minimum salary for temporary sponsored migrants. Credit: Maskot/Getty Images

ඔස්ට්‍රේලියාවේ Temporary Skilled migrants හෙවත් තාවකාලික අනුග්‍රහය ලබන සංක්‍රමණිකයන් ලබන අවම වැටුප සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ දමනන් ලෙස ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට ඉල්ලීම් ලැබෙමින් තිබේ.

ඔස්ට්‍රේලියාවේ මේ වන විට පවතින පුහුණු ශ්‍රම හිඟයේ අර්බුදයත් සමග මෙම ඉල්ලීම සිදු කිරීමට ඔස්ට්‍රේලියානු වෘත්තීය සමිති කවුන්සිලය පියවර ගෙන ඇත.


Temporary Skilled වීසා ලාභීන්ගේ වාර්ෂික ආදායම් සීමාව (TSMIT) වසර 2013 සිට ඩොලර් 53,900 ක් ලෙස සීමා කර ඇත.

මීට පෙර පැවති ලිබරල් සන්ධාන රජය ඉන් අනතුරුව එය ඉහළ දැමීමට තීරණය කර නොතිබිණි.

නමුත් Temporary Skilled වීසා ලාභීන්ගේ වාර්ෂික ආදායම් සීමාව ඩොලර් 91,000 දක්වා ඩොලර් 37,000 කින් පමණ ඉහළ දැමිය යුතු බවට ඔස්ට්‍රේලියානු වෘත්තීය සමිති කවුන්සිලය යෝජනා කරයි.

මෙම යෝජනාව ඔවුන් පසුගිය සතියේ නිමාව දුටු රැකියා සහ නිපුණතා සමුළුවේදී සිදු කළේය.

Temporary Skilled වීසා ලාභීන්ගේ වාර්ෂික ආදායම් සීමාව ඉහළ දැමීම

Temporary Skilled වීසා ලාභීන්ගේ වාර්ෂික ආදායම් සීමාව ඉහළ දැමීම දීර්ග කාලයක පටන් ප්‍රමාද වන බව ඇඩිලේඩ් විශ්ව විද්‍යාලයේ නීතිය පිළිබඳ සහකාර මහාචාර්ය Joanna Howe පැවසුවාය.

නමුත් මෙම ශ්‍රමිකයින් ඔස්ට්‍රේලියානු ශ්‍රම වෙළඳපොලේ සුරක්ෂිත බවට සහතික කිරීම සඳහා ඉහළ ආදායම් සීමාවක් පමණක් ප්‍රමාණවත් නොවන බව ඇය SBS පුවත් වෙත පැවසුවාය.

Temporary Skilled වීසා ලාභීන්ගේ වාර්ෂික ආදායම් සීමාව වැඩි කළ යුතු බවට Grattan ආයතනයද පවසා ඇත.

නමුත් එය තාවකාලික නිපුණතා සංක්‍රමණිකයන් සඳහා වඩාත් සාම්ප්‍රදායික ලෙස අවම වශයෙන් ඩොලර් 70,000 ක් දක්වා වැටුප් වැඩි කිරීමට යෝජනා කර ඇත.


ඔස්ට්‍රේලියානු වෘත්තීය සමිති කවුන්සිලය විසින් ඉදිරිපත් කරන ලද අනුපාතය දැනටමත් තාවකාලික අනුග්‍රහය සහිත වීසා බලපත්‍ර මත සිටින පුද්ගලයින්ගෙන් තුනෙන් දෙකක් පමණ එම වැඩසටහන සඳහා නුසුදුසු තත්ත්වයට පත් කරන බව Grattan ආයතනයේ ආර්ථික ප්‍රතිපත්ති වැඩසටහනේ අධ්‍යක්ෂ Brendan Coates පැවසුවේය.

"පුද්ගලයින් ඔස්ට්‍රේලියාවට පැමිණෙන්නේ ඔවුන් තරුණ වියේදී තාවකාලික අනුග්‍රහය ලබන සංක්‍රමණිකයන් ලෙසයි. පසුව ඔවුන් බොහෝ විට කාලයත් සමඟ ඉහළ වැටුප් ලබන ස්ථිර පුහුණු සංක්‍රමණිකයන් බවට පත්වෙනවා" ඔහු SBS පුවත් වෙත වැඩි දුරටත් පැවසීය.

එම ආදායම් සීමාව විශාල ප්‍රමාණයකින් ඉහළ දැමුවහොත් ඔවුන්ට අනුග්‍රහය දක්වන ව්‍යාපාර ආර්ථික වශයෙන් දැඩි අපහසුතාවකට පත්වන අතර ඔවුන්ට පුහුණු ශ්‍රමිකයින් ආකර්ෂණය කර ගැනීම ඉතා අපහසු වනු ඇති බවද Grattan ආයතනයේ ආර්ථික ප්‍රතිපත්ති වැඩසටහනේ අධ්‍යක්ෂ Brendan Coates පැවසුවේය.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

ස්ථිර නිපුණතා සංක්‍රමණ වැඩසටහනට ඩොලර් 85,000 ක අවම ආදායම් සීමාවක්

ඔස්ට්‍රේලියාවේ permanent skilled migration program හෙවත් ස්ථිර නිපුණතා සංක්‍රමණ වැඩසටහන සඳහා ඩොලර් 85,000 ක අවම ආදායම් සීමාවක් තිබිය යුතු බවට Grattan ආයතනය යෝජනා කරයි.

මේ අතර Temporary Skilled වීසා ලාභීන්ගේ වාර්ෂික ආදායම් සීමාව පිහිටුවීමට ඵලදායී සංවාදයක්ස කිරීම සඳහා කාලය එළඹ ඇති බව මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Jim Chalmers පැවසුවේය.


ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද සංඛ්‍යාලේඛනවලට අනුව, ජුනි 30 වන විට ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා මත සිටින පුහුණු ශ්‍රමිකයින් 51,770 ක් වාසය කළහ.

මේ අතර ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණ පද්ධතිය රැකියා ලැයිස්තුවක් මත අවධානය යොමු කිරීමෙන් ඉවත් වී ඕනෑම ඉහළ වැටුප් සහිත ශ්‍රමිකයින් සඳහා විවෘත කිරීමට ද Grattan ආයතනය යෝජනා කර ඇත.


Share

Published

By Amy Hall, Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service