තමා බදාදා (13) ඉල්ලා අස්වන බව බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් නිවේදනය කොට සිටි. Brexit ජනමත විචාරණයේදී යුරෝපා සමඟ බ්‍රිතාන්‍ය තවදුරටත් රැඳී සිටිය යුතු බවට වුනු තම මතය පරාජයට පත්වීමෙන් අනතුරුව ලබන ඔක්තෝම්බර් මසදී ඉල්ලා අස්වන බවට කැමරන් මිට පෙර නිවේදනය කොට සිටියේය. කෙසේ වෙතත් ඊයේ දිනයේදී (11) පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ අගමැති කැමරන් පවසා සිටියේ හෙට දිනය (13) තමා ගේ අවසන් කැබිනට් රැස්වීම වනු ඇති බවයි. තම ඉල්ලා අස්වීමෙන් අනතුරුව බ්‍රිතාන්‍ය යේ නව අගමැතිවරිය ලෙසට වත්මන් ස්වදේශ කටයුතු භාර ඇමතිනිය තෙරේසා මේ වැඩභාර ගනු ඇති බවද ඔහු සඳහන් කළේය.

බ්‍රිතාන්‍යෙය් පාලක කොන්සවර්ටිව් පක්ෂයට නව නායකයකු මෙන්ම රටට නව අගමැතිවරයකු ද තෝරා ගැනීමේ අරමුණින් ඉකුත් 6 දා පක්ෂය තුල ඡන්ද විමසුමක් පැවැත්වුණු අතර එයින් ඉදිරියට පැමිණියේ ස්වදේශ කටයුතු ලේකම්වරිය වූ තෙරේසා මේ ය. අගමැතිධුරය හා පක්ෂ නායකත්වය සඳහා තෙරේසා මේ සමඟ බලශක්ති කටයුතු ලේකම්වරිය වන ඇන්ඩ්‍රියා ලීඞ්සම් අතර තරගයක් පැවැතියද කොන්සවර්ටිව් පක්ෂ චන්ද 199 ක වැඩි චන්ද සංක්‍යාවක් ලබාගැනීමට සමත්වුණු අතර ඇන්ඩ්‍රියා ලීඞ්සම් ට ලබාගැනීමට හැකිවුයේ චන්ද 84ක් පමණි.
වත්මන් අගමැති ඬේවිඞ් කැමරන් හෙට ( බදාදා ) එළිසබෙත් රැජින මුණගැසීමට නියමිත අතර එහිදී ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය රැජිනට බාරදීමට නියමිතය.
‘බදාදා දිනයේදී අගමැතිවරයා වෙත යොමු කර ප්‍රශ්නවලට පිළිතුරු දීම සඳහා මා පාර්ලිමේන්තුවට පැමිණෙනවා. ඉන් අනතුරුව මාළිගාවට ගොස් රැජිනට මගේ ඉල්ලා අස්වීමේ ලිපිය බාර දෙනවා.” යැයි කැමරන් මාධ්‍යයට ප්‍රකාශ කොට තිබුණි.

