ස්ත්‍රී පුරුෂ භාවය අනුව තවමත් වෙන් කෙරෙන ඔස්ට්‍රේලියාවේ රැකියා ගැන නවතම වාර්තාවක් හෙළි කරයි: SBS සිංහල වාර්තා

සාම්ප්‍රදායිකව කාන්තා ආධිපත්‍යයන් ලෙස සැලකෙන රැකියාවල කාන්තාවන් දිගටම රැඳී සිටියි. නව වාර්තාවකින් පෙන්වා දෙන්නේ මෙම ලිංග භේදය විසඳිය යුතු බවයි.

A three-split image of a child carer, construction manager and nurse.

From childcare and nursing to construction management, a new report has found Australia's critical occupations continue to be segregated by gender. Source: Getty

Key Points
  • ඔස්ට්‍රේලියාවේ ශ්‍රම බලකාය තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාවය අඛණ්ඩව වෙන් කිරීම ඉස්මතු කරමින් රජය වෙත උපදේශන වාර්තාවක් ලැබී තිබේ.
  • ළමා ආරක්ෂණ සේවාව , හෙද සේවාව වැනි ක්ෂේත්‍රවල මෙන්ම පිළිගැනීමේ නිලධාරිනි සහ සාමාන්‍ය ලිපිකරු රාජකාරිවලද කාන්තාවන් දිගටම ආධිපත්‍යය දරයි.
  • පසු ගිය අඟහරුවාදා නිකුත් කරන ලද මෙම වාර්තාව මගින් ශ්‍රම බලකායේ වඩාත් හොඳ ඵලදායිතාවයක් ඇති කිරීම සඳහා මෙම ගැටළුව විසඳන ලෙස රජයෙන් ඉල්ලා සිටී.
ඔස්ට්‍රේලියාවේ තීරණාත්මක වෘත්තීන්හි ස්ත්‍රී පුරුෂ සමාජභාවය වෙන් කිරීම අඛණ්ඩව පවතී.

නව වාර්තාවක් මඟින් රැකියා ස්ථානවල "මුල් බැස ගත් සංස්කෘතික බාධක" ඇති බව සොයා ගෙන තිබේ.

රැකියා පිළිබඳ ෆෙඩරල් රජයේ වාර්තාව ඉදිරිපත් කිරීමේදී , ඔස්ට්‍රේලියාවේ ආර්ථික සංවර්ධනය සඳහා වූ කමිටුව (CEDA) විසින් මෑත දශක කිහිපය තුළ වැඩිපුර කාන්තාවන් ශ්‍රම බලකායට සම්බන්ධ වී ඇති බව සොයා ගත් නමුත් ඔවුන් පුරුෂ මූලික කර්මාන්ත වල සේවය නොකරන බව කියයි.

මෙම වාර්තාව මගින් ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ 2022 දත්ත උපුටා දක්වමින්, කාන්තාවන් රැකියා වල නියැලීම 1980 සිට සියයට 41 කින් වැඩි වී ඇති බව පෙන්වා දේ.

එනමුත් ඉදිකිරීම් සහ පතල් කැණීම් ක්ෂේත්‍ර මෙන්ම විද්‍යාව, තාක්‍ෂණය, ඉංජිනේරු සහ ගණිතය (STEM) වැනි ක්ෂේත්‍ර වලද තවමත් කාන්තා නියෝජනය තිබෙන්නේ අඩු ප්‍රතිශතයකිනි.
සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපනය වැනි පුරුෂ මූලික කර්මාන්තවල ද පිරිමින් අඩු ප්‍රතිශතයක් වේ.

CEDA ප්‍රධාන විධායක නිලධාරීනී Melinda Cilento පැවසුවේ මෙසේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය වෙන් කිරීම රැකියා සංචලනය, ශ්‍රම වෙළඳපොළ නම්‍යශීලීභාවය සහ ඵලදායිතාව සීමා කරන බවයි.

බොහෝ සමාජීය, ඓතිහාසික හා ආර්ථික සාධක මෙම වෙන්වීම මෙහෙයවා ඇති අතර, රාජ්‍ය මට්ටමින් රැකියා ස්ථානයේ හෝ පුද්ගල මට්ටමින් හෝ වේවා වෙනස් කිරීමට ඉතිරිව ඇති බොහෝ බාධක, සංස්කෘතික සාධක වන බව Cilento මහත්මිය පැවසුවාය.

මෙම මුල්බැසගත් සංස්කෘතික බාධක කොතැනක තිබුණත් ඒවාට මුහුණ දීමට සිදුවේ.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී අවසන් වූ ධවල පත්‍රිකා උපදේශන වාර්තාව භාණ්ඩාගාරය විසින් නිකුත් කර තිබේ. පසුගිය සැප්තැම්බර් මාසයේ පැවති රැකියා සහ නිපුණතා සමුළුවේ ප්‍රතිඵල මත එය ගොඩ නැගීම මෙම ධවල පත්‍රිකාවේ අරමුණ බව ෆෙඩරල් රජය පවසයි.

ධවල පත්‍රිකාව මගින් පූර්ණ රැකියා, ඵලදායිතා වර්ධනය සහ කාන්තා ආර්ථික සහභාගීත්වය සහ සමානාත්මතාවය කෙරෙහි අවධානය යොමු කර ඇත.

කාන්තාවන් සඳහා වැඩිපුර වෙන් කර ඇති වෘත්තීන් මොනවාද?

ළමා සුරැකිම් ක්ෂේත්‍රය, පිළිගැනීමේ නිලධාරීන් සහ ලියාපදිංචි හෙදියන් 1986-87 වර්ෂ හා සසඳන විට 2021-22 වර්ෂ වල දී ඊටත් වඩා කාන්තා ආධිපත්‍යය ඇති ප්‍රධාන වෘත්තීන් අතර වේ.

මේ අතර, පසුගිය දශක තුන තුළ මෘදුකාංග ක්‍රමලේඛකයින්, ඉදිකිරීම් කළමනාකරුවන්, විදුලි කාර්මිකයන් සහ වඩු කාර්මිකයන් ලෙස පුරුෂ ආධිපත්‍යය දරන ක්ෂේත්‍රවල සේවය කර ඇත්තේ අඩු කාන්තාවන් ගණනකි.

නමුත් ට්‍රක් රථ පැදවීමේ රැකියා වල කාන්තාවන් නිරත වීම සුළු වශයෙන් ඉහළ ගොස් ඇති අතර, එය 1986-87 වසර වලදී සියයට 2.9 සිට 2021-22 වසර වලදී සියයට 4 දක්වා ඉහළ ගොස් තිබේ.
A graphic displaying a series of figures
Source: SBS
ඕනෑම ස්ත්‍රී පුරුෂ භාවයක පුද්ගලයින්ට ඔවුන්ට වඩාත් සුදුසු සහ වඩාත්ම උනන්දුවක් දක්වන රැකියාවක් කිරීමට හැකි විය යුතු බව Cilento මහත්මිය පවසයි.

මෙහිදී අවධානය යොමු වූ තවත් කාරණයක් වූයේ ‘මාතෘත්වයේ දඬුවම’ යි. පළමු දරුවා ලැබුණු මාපියන්ගේ පළමු වසර පහ තුළ කාන්තාවන්ගේ ඉපැයීම් සාමාන්‍යයෙන් සියයට 55 කින් අඩු වී ඇති අතර පිරිමින්ගේ ඉපැයීම් වලට ඉන් බලපෑමක් සිදු වී නැත.

වැටුප් සහිත මාපිය නිවාඩු ගැනීම අසමාන වන අතර මාපිය නිවාඩු වලින් සියයට 99.5ක් මව්වරුන් විසින් ගෙන තිබේ.

වීසා අයදුම්කරුවන් වැඩි සංඛ්‍යාවක් පිරිමින් වීම හේතුවෙන් නිපුණතා සංක්‍රමණය ද ස්ත්‍රී පුරුෂ සමාජභාවය වෙන් කිරීමට දායක වී ඇති බව මෙම වාර්තාව සොයා ගෙන ඇත.

නමුත් 2021-22 වසර වලදී තම සහකරුගේ වීසා සඳහා ද්විතියික අයදුම්පත් වලින් සියයට 57 ක් කාන්තාවන් වේ.

ද්විතීයික අයදුම්කරුවන්ගේ කුසලතා හෝ වෘත්තීන් තක්සේරු නොකෙරේ.මෙයින් පිරිමි ආධිපත්‍යය දරන ක්ෂේත්‍රවල සේවක සහභාගීත්වය වැඩි කිරීමක් සිදුවී තිබේ.
වර්තමාන ශ්‍රම වෙළඳපොලේ, ඉදිකිරීම්, වයස්ගත සත්කාරක සේවා සහ සෞඛ්‍ය සේවා වැනි තීරණාත්මක වෘත්තීන්හි ශ්‍රම හිඟයට ස්ත්‍රී පුරුෂ සමාජභාව දෙකෙන්ම යුත් ශ්‍රම බලකායන් දායක වන බව ද Cilento මහත්මිය පවසයි.

වැටුප් සහිත මාපිය නිවාඩු වඩාත් ස්ත්‍රී පුරුෂ දෙපිරිසට සමානව ලබා දීම, ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ වැටුප් විෂමතා ආමන්ත්‍රණය කිරීම සහ විද්‍යාව, තාක්‍ෂණය, ඉංජිනේරු සහ ගණිතය (STEM) වැනි ක්ෂේත්‍රයන්ට පිවිසීමට කාන්තාවන් සඳහා වැඩි උපදේශනයක් ලබා දීම ඇතුළු පවුල් හිතකාමී ප්‍රතිපත්ති ශක්තිමත් කිරීම
සුදුසු වන බව මෙම වාර්තාව නිර්දේශ කර තිබේ.

Share

Published

Updated

By Rayane Tamer, Athini Amarasiri
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service