ඔස්ට්‍රේලියාවේ හිංසනයෙන් දිවි ගලවාගත් සංක්‍රමණික සහ සරණාගත කාන්තාවන්ට විශේෂ වීසා බලපත්‍රයක් දියයුතු බවට යෝජනා

Medicare, සමාජ සේවා සහ දරුවන්ට පාසල් අධ්‍යාපනය සඳහා ප්‍රවේශය සපයන තුන් අවුරුදු වීසා බලපත්‍රයක් මෙම වින්දිතයන්ට ලබාදෙන ලෙස ඉල්ලා තිබේ.

Visa stamp

Visa stamp Source: Getty / Getty Images/LuapVision

ලිංගභේදය පදනම් කරගත් හිංසනයෙන් දිවි ගලවාගත් සංක්‍රමණික සහ සරණාගත කාන්තාවන්ට විශේෂ නව වීසා බලපත්‍රයක් ලබා දිය යුතු බව බහු සංස්කෘතික පවුල් හිංසන පිටුදැකීමේ මධ්‍යස්ථානයක් වන inTouch මධ්‍යම රජයට බල කරයි.

ඔස්ට්‍රේලියාව ආරක්ෂිත රටක් බවට දැන්වීම උදෙසා තාවකාලික වීසා මත සිටින එවැනි හිංසනයෙන් දිවි ගලවාගත් වින්දිතයින් සඳහා මෙම නව වීසා බලපත්‍රයක් ස්ථාපිත කරන ලෙස ඔවුහු අවධාරණය කරයි.

ඔවුන් සංක්‍රමණික සහ සරණාගත වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින අතර, ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් හිංසනයෙන් පීඩාවට පත් වූ කාන්තාවන් සඳහා තෙවසරක විශේෂිත වීසා බලපත්‍රයක් ස්ථාපිත කරන ලෙස ඉල්ලා ඇත.

කාන්තාවන්ට සහ ළමයින්ට එරෙහි හිංසනය නැවැත්වීම සඳහා අලුතින් නිකුත් කරන ලද ජාතික සැලැස්මට පෙර පසුගිය මාර්තු මාසයේදී මධ්‍යම රජය වෙත ඉදිරිපත් කරන ලද inTouch හි නිර්දේශ 11 න් මෙය එකකි.

මධ්‍යම, ප්‍රාන්ත සහ ටෙරිටරි නායකයින් විසින් ඒකාබද්ධ මුලපිරීමකින් පිටු 144කින් යුත් එම ජාතික සැලැස්ම ඔක්තෝබර් 17 නිකුත් කරන ලද අතර පවුල්, ගෘහස්ථ සහ ලිංගික ප්‍රචණ්ඩත්වය තුරන් කිරීම සඳහා මූලික ආකෘතිය ලෙස ක්‍රියා කරයි.

අපරාධකරුවන්, මෙම වින්දිතයින්ගේ තාවකාලික වීසා බලපත්‍ර මෙන්ම ඔවුන්ට ලබා ගත හැකි සීමිත ආධාරක සේවාවන් සිය පාලන සහ අපයෝජන ක්‍රමයක් ලෙස භාවිතා කරන බව ජාතික සැලැස්ම පිළිගත්තේය.

"තාවකාලික වීසා බලපත්‍ර මත සිටින අය ඇතුළු සංක්‍රමණික කාන්තාවන්, වෙනත් කාන්තාවන් මුහුණ නොදෙන සම්බන්ධතාවයක් අවසන් කිරීම ඔවුන්ගේ වීසා තත්ත්වය සහ සමාජ ආරක්‍ෂාව සඳහා ඇති සුදුසුකම් මත ඇති කරන බලපෑම වැනි ව්‍යුහාත්මක බාධකවලට ද මුහුණ දෙනවා." යනුවෙන් ජාතික සැලැස්ම සඳහන් කරයි.

සංක්‍රමණික හෝ සරණාගත පසුබිම්වලින් පැමිණෙන එවැනි ආකාරයේ වින්දිතයින් සහ දිවි ගලවා ගත් අයට ඔස්ට්‍රේලියාවේ වඩා හොඳ සහායක් දැනීමට ඉඩ සැලසීම සඳහා අදාළ උපකාරක සේවා වෙත ප්‍රවේශ වීමට පවතින තාවකාලික වීසා බලපත්‍ර සඳහා ඇති සීමාවන් ලිහිල් කළ හැකි බව එය යෝජනා කළේය.

නව වීසා බලපත්‍රය පිළිබඳ පැහැදිලි කිරීමක්

හිංසනයට ලක්වන තාවකාලික වීසා බලපත්‍රලාභීන්ගේ දුක්ඛිත තත්ත්වය පිළිගෙන ඇති බව දැකීම සතුටට කරුණක් වන නමුත් වින්දිතයින් හා දිවි ගලවා ගත් අය සඳහා නව වීසා බලපත්‍රයක් ස්ථාපිත කිරීමට රජයට වඩාත් ඒත්තු ගැන්වීමක් අවශ්‍ය යැයි තමන් විශ්වාස කරන බව inTouch හි ප්‍රධාන විධායක Michal Morris පැවසුවාය.

Medicare, සමාජ සේවා සහ දරුවන්ට පාසල් අධ්‍යාපනය සඳහා ප්‍රවේශය සපයන තුන් අවුරුදු වීසා බලපත්‍රයක් ඔවුන්ට අවශ්‍ය ආර්ථික ස්වාධීනත්වය ලබා දෙන බව ඇය පැවසුවාය.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

inTouch හි යෝජනාව යටතේ, අදාළ කාන්තාවන්ට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා මාර්ගයක් ලෙස ක්‍රියා කළ හැකි නව වීසා බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කළ හැකිය.

ඔස්ට්‍රේලියාවේ, වයස අවුරුදු 15 සිට සෑම කාන්තාවන් තිදෙනෙකුගෙන් එක් අයෙකු ශාරීරික හිංසනයට මුහුණ දී ඇති අතර, පස් දෙනෙකුගෙන් එක් අයෙකු ලිංගික හිංසනයට මුහුණ දී ඇත.

සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවේ කාන්තාවක් දින 10කට වරක් ඔවුන්ගේ සමීප සහකරුවෙකු විසින් මරා දමනු ලැබේ.

හිංසනයට ගොදුරු වී ස්වදේශික ඔස්ට්‍රේලියානු කාන්තාවන් රෝහල් ගත කිරීමේ සම්භාවිතාව ස්වදේශික ඔස්ට්‍රේලියානු නොවන කාන්තාවන්ට වඩා 34 ගුණයකින් වැඩි බවද වාර්තා වේ.


3 min read

Published

Updated

By Rayane Tamer, Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now