Cleaners ලාට අඩු වැටුප් ගෙවපු මෙල්බර්න් නුවර ලාංකික කොන්ත්‍රාත්කරුවකු ඇතුළු කිහිප දෙනෙකුට ඩොලර් ලක්ෂ ගණනක දඩ

2017 පෙබරවාරි සහ ජුනි අතර කාලය තුළ Etihad ක්‍රීඩාංගනයේ පිරිසිදු කරන්නන් 25 දෙනෙකුට නීති විරෝධී ලෙස අඩුවෙන් වැටුප් ගෙවීම නිසා Fair Work Ombudsman මෙම ක්‍රියා මාර්ගය ගෙන තිබේ.

Wet floor caution sign on floor

Wet floor caution sign on floor Source: Moment RF / Prapass Pulsub/Getty Images

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර Docklands හි Etihad ක්‍රීඩාංගනයේ හෙවත් මේ වන විට හඳුන්වන Marvel ක්‍රීඩාංගනයේ පිරිසිදු කරන්නන්ට (cleaners) අඩුවෙන් වැටුප් ගෙවීම නිසා අදාළ කොන්ත්‍රාත්කරුවන්ට අධික දඩයක් පනවා තිබේ.

මෙලෙස සම්පූර්ණයෙන් පැනවූ දඩ මුදල ඔස්ට්‍රේලියානු ඩොලර් 332,964 කි.

පිරිසිදු කරන්නන්ට අඩුවෙන් වැටුප් ගෙවූ කොන්ත්‍රාත්කරුවන්ට දඩ

2017 පෙබරවාරි සහ ජුනි අතර කාලය තුළ Etihad ක්‍රීඩාංගනයේ පිරිසිදු කරන්නන් 25 දෙනෙකුට නීති විරෝධී ලෙස අඩුවෙන් වැටුප් ගෙවීම නිසා Fair Work Ombudsman මෙම ක්‍රියා මාර්ගය ගෙන තිබේ.

එලෙස අඩුවෙන් වැටුප් ගෙවීමේ ප්‍රතිඵලයක් ලෙස අදාළ සේවකයින්ට ඩොලර් 99,637 ක් අහිමිවී තිබේ.

ඊට ප්‍රතිචාර වශයෙන් Fair Work Ombudsman විසින් කරන ලද විමර්ශනයක සහ නීතිමය ක්‍රියාමාර්ගයක ප්‍රතිඵලයක් ලෙස මෙම දඬුවම පනවා ඇත.

මෙම අසාධාරණයට ලක්වූ සේවකයින්ට සම්පූර්ණ හිඟ මුදල දැන් ආපසු ගෙවා ඇත.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————

පිරිසිදු කිරීම වැනි ඉහළ අවදානම් කර්මාන්තවල අවදානමට ලක්විය හැකි සේවකයින් සූරාකෑම සඳහා පියවර ගැනීමට Fair Work Ombudsman වරයා කැපවී සිටින බව වැඩබලන Fair Work Ombudsman, Kristen Hannah විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළාය.

“පිරිසිදු කිරීමේ අංශයේ සේවය කරන ශ්‍රමිකයින් අඩු වැටුප් ලබන, බොහෝ විට අවදානමට ලක්විය හැකි සංක්‍රමණික සේවකයින් වන අතර ඔවුන්ට ඔවුන්ගේ සේවා ස්ථාන අයිතීන් පිළිබඳ ඇත්තේ සීමිත අවබෝධයක්. එවැනි සේවකයින්ට හිතාමතාම අඩු වැටුප් ගෙවීම අපි විශේෂයෙන් බැරෑරුම් ලෙස සලකනවා.@ යනුවෙන් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

තමන්ගේ වැටුප් හෝ සේවක හිමිකම් පිළිබඳ ගැටළු ඇති ඕනෑම සේවකයෙකුට නොමිලේ උපකාර ලබා ගැනීම සඳහා Fair Work Ombudsman ඇමතිය හැකි බවද වැඩබලන Fair Work Ombudsman, Kristen Hannah පැවසුවාය.

දඩ කෑ කොන්ත්‍රාත්කරුවන් අතර ශ්‍රී ලාංකිකයෙකුත්

ෆෙඩරල් Circuit සහ පවුල් අධිකරණය විසින් Etihad ක්‍රීඩාංගනයේ පහත සඳහන් ප්‍රධාන පිරිසිදු කිරීමේ කොන්ත්‍රාත්කරුට, උප කොන්ත්‍රාත්කරුවෙකුට සහ ඒක පුද්ගල සමාගම් අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකුට එරෙහිව දඩ පනවා ඇත.

ක්‍රීඩාංගනයේ පිරිසිදු කිරීමේ සේවා සැපයීමේ ප්‍රධාන කොන්ත්‍රාත්තුව හිමි ඔස්ට්‍රේලියාවේ ජාතික මට්ටමේ පිරිසිදු කිරීමේ සමාගමක් වන Quayclean Australia පුද්ගලික සමාගමට ඩොලර් 174,420 ක දඩයක් නියම කර ඇත.
ක්‍රීඩාංගනයේ ඇතැම් පිරිසිදු කිරීමේ සේවා සැපයීම සඳහා Quayclean සමාගමෙන් කලින් උප කොන්ත්‍රාත්තුවක් ලබාගෙන ඇති මෙල්බර්න් නුවර සමාගමක් වන Ranvel පුද්ගලික සමාගමට ඩොලර් 114,480 ක දඩයක් නියම කර ඇත.

Ranvel පුද්ගලික සමාගමේ හිමිකරු හා අධ්‍යක්ෂක ඉන්දික උදාර ලොකුබාලසූරියට ඩොලර් 15,552 ක දඩයක් නියම කර තිබේ.

ක්‍රීඩාංගනයේ ඇතැම් පිරිසිදු කිරීමේ සේවා සැපයීම සඳහා Quayclean සමාගමෙන් කලින් උප කොන්ත්‍රාත්තුවක් ලබාගෙන ඇති මෙල්බර්න් නුවර සමාගමක් වන Lionheart Workforce පුද්ගලික සමාගමේ (මෙය 2019 සැප්තැම්බර් මාසයේදී බංකොලොත් වූ අතර 2020 ඔක්තෝබර් මාසයේදී ලියා පදිංචිය අහෝසි කෙරිණි) අධ්‍යක්ෂ Harjot Singh හට ඩොලර් 28,512 ක දඩයක් නියම කර ඇත.

පැයට ඩොලර් 7 ක් ගෙවලත් වැඩ අරන්

Etihad ක්‍රීඩාංගනය පිරිසිදු කරන්නන් 25 දෙනාට 2010 වසරේ පිරිසිදු කිරීමේ සේවාවට නියමිත අවම සාමාන්‍ය පැයක ගාස්තු, casual loadings, penalty rates සහ අතිකාල දීමනා අඩුවෙන් ගෙවා ඇති බව මෙම විමර්ශනයෙන් අනාවරණය විය.

Lionheart සහ Harjot Singh එහි පිරිසිදු කරන්නන් 11 දෙනෙකුට පැයකට ඩොලර් 7 සිට ඩොලර් 23 දක්වා ගාස්තු ගෙවූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස පැහැර හැර ඇති මුළු වැටුප් ගෙවීම ඩොලර් 75,138.26 කි.

රන්වෙල් සහ ඉන්දික ලොකුබාලසූරිය පිරිසිදු කරන්නන් 14 දෙනෙකුට පැයකට ඩොලර් 16 ක ගාස්තුවක් ගෙවා ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස පැහැර හැර ඇති මුළු වැටුප් ගෙවීම ඩොලර් 24,498.80 කි.

සේවකයන්ගේ අවම වැටුප ගෙවීමට පවා Ranvel සහ Lionheart උප කොන්ත්‍රාත්තු සමාගම් වෙත ගෙවූ මුදල් ප්‍රමාණවත් නොවූ බැවින් Quayclean සමාගම මෙහිදී සේවා ස්ථාන හා වැටුප් නීති උල්ලංඝනය කර ඇති බවද Fair Work Ombudsman වෙබ් අඩවිය පවසයි.



Share

Published

By Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service