SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් අඩු කරන්න හිටපු අගමැති ඇබට් ගෙන් ඉල්ලීමක්.

Tony Abbott is calling for migration levels to be reduced.
Former prime minister Tony Abbott during Question Time in the House of Representatives at Parliament House in Canberra, Thursday, Aug. 10, 2017. Source: AAP

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියාවට  වාර්ෂිකව භාර ගන්නා  සංක්‍රමණිකයින්ගේ සංඛ්‍යාව අඩු කළ යුතු බව ඔස්ට්‍රේලියාවේ හිටපු අගමැති ටෝනි ඇබට් පවසයි.

වාර්ෂිකව 250,000කට ආසන්න  සංක්‍රමණිකයින් පිරිසක් ස්ථිර පදිංචිය සදහා ඔස්ට්‍රේලියාවට පැමිණෙන බවත්, ඔස්ට්‍රේලියානු ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් එය අඩු කළ යුතු බවත් හිටපු අගමැති ටෝනි ඇබට් Sky නාලිකාව සමග සාකච්චාවකට එක් වෙමින් සදහන් කළේය.

කෙසේ වෙතත් 2015-16 වර්ෂය තුල ස්ථිර සංක්‍රමණිකයින් මෙරටට පැමිණ ඇත්තේ 190,000ක් පමණක් බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යංශයේ දත්ත පෙන්වා දෙයි.

සංක්‍රමණිකයින් ඔස්ට්‍රේලියානු ජන සමාජයේ වැදගත් අංගයක් වන නමුත්, ඔස්ට්‍රේලියාවේ යහපත සදහා මේ වන විට භාර ගන්නා  සංක්‍රමණිකයින්ගේ සංඛ්‍යාව අඩු කළ යුතු බව හිටපු අගමැති ටෝනි ඇබට් වැඩි දුරටත් සදහන් කළේය.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now