ඔස්ට්‍රේලියානුවන්ගේ දෙමාපියන්ට ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර ලැබෙන අයදුම්පත් දැන් විවෘතයි (SBS සිංහල/ වාර්තා)

ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර ලබා දී ඇති ඔස්ට්‍රේලියානු පුරවැසියන්ගේ සහ ස්ථිර පදිංචිකරුවන්ගේ සමීපතම පවුලේ සාමාජිකයින් අතරට ඔවුන්ගේ දෙමාපියන්ද ඇතුළත් කර තිබේ.

All COVID-19 border restrictions to be lifted by Home Affairs

All COVID-19 border restrictions to be lifted by Home Affairs Source: Getty Images

ඔස්ට්‍රේලියානු පුරවැසියන්ගේ සහ ස්ථිර පදිංචිකරුවන්ගේ දෙමාපියන්ට ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා travel exemption හෙවත් විශේෂ අවසරයක් ලබාගැනීම පිණිස අද සිට අයදුම් කළ හැකි බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි.

ඒ අනුව ඔවුන්ට 2021 නොවැම්බර් 01 සිට ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර ලැබෙනු ඇත.


  • Highlights
  • ඔස්ට්‍රේලියානු පුරවැසියන්ගේ සහ ස්ථිර පදිංචිකරුවන්ගේ දෙමාපියන්ට ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර ඉල්ලීම සඳහා අද (22/10) සිට අයදුම් කළ හැකිය.
  • ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ Travel Exemption Portal එක හරහා එම අයදුම් කිරීම කළ හැකිය.
  • එහිදී දෙමාපිය - දූ දරු සම්බන්ධය සනාථ කළ හැකි බවට වන සාක්ෂි ඉදිරිපත් කළ යුතුවේ.

දෙමාපියන්ට ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර දීම

කොවිඩ් වසංගතය නිසා ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර ලබා දී තිබුණේ ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට, ස්ථිර පදිංචිකරුවන්ට සහ ඔවුන්ගේ සමීපතම පවුලේ සාමාජිකයින්ට පමණි.

නමුත් එම සමීපතම පවුලේ සාමාජිකයින්ට දෙමාපියන් අයත් වී නොතිබුණි.

කෙසේනමුත්, ඔස්ට්‍රේලියාවට පැමිණීමේදී ඔස්ට්‍රේලියානු පුරවැසියන්ගේ සහ ස්ථිර පදිංචිකරුවන්ගේ දෙමාපියන් සමීපතම පවුලේ සාමාජිකයින් (immediate family) ලෙස සලකන බව ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison පසුගිය සතියේදී නිවේදනය කළේය.

ඒ අනුව අද සිට ඒ සඳහා අවසර ගැනීම පිණිස අයදුම් කළ හැකි බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු පිළිබඳ ඇමතිනී Karen Andrews නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළාය.

කොවිඩ් වසංගතයෙන් වෙන් කළ බොහෝ පවුල් නැවත එකතු කිරීමට මෙම පියවර හේතුවන බව ද ඇය සඳහන් කළාය.

"මාස 18 කටත් වැඩි කාලයක් විදේශයන්හි දෙමාපියන් සිටින බොහෝ පවුල්වලට මංගල උත්සව, අවමංගල්‍ය කටයුතු, මුණුබුරු මිණිබිරියන්ගේ උපත් සහ වෙනත් වැදගත් අවස්ථා රාශියක් මග හැරී ගියා. මෙම කාලය තුළ මෙම පවුල් ඉවසීම සහ ඔවුන් කළ කැපකිරීම පිළිබඳ මම ස්තූතිවන්ත වෙනවා." යනුවෙන් ද ස්වදේශ කටයුතු පිළිබඳ ඇමතිනී Karen Andrews සිය නිවේදනයේ පවසා තිබේ.

බහුතරයක් ඔස්ට්‍රේලියානුවාසීන් කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබාගැනීමට යුහුසුලුවීම මෙම ප්‍රතිඵලය අත් විඳීමට ප්‍රධාන හේතුව වූ බව ද ඇය ප්‍රකාශ කළාය.

ඔස්ට්‍රේලියාවේ පූර්ණ කොවිඩ් එන්නත්කරණ අනුපාතය තවත් ඉහළ නැංවුණු විට ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර දේශ සීමා වෙත පනවා තිබෙන තවත් සීමා කිරීම් හා නීති බොහොමයක් ඉවත් කිරීමට හා ලිහිල් කිරීමට ද තමන් අපේක්ෂා කරන බව ඇයගේ එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

Minister for Home Affairs Karen Andrews
Minister for Home Affairs Karen Andrews Source: AAP

ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර ගත හැකි දෙමාපිය ඛාණ්ඩ

ඔස්ට්‍රේලියානු පුරවැසියන්ගේ සහ ස්ථිර පදිංචිකරුවන්ගේ පහත සඳහන් දෙමාපිය ඛාණ්ඩ සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර ලබා ගැනීම පිණිස අයදුම් කළ හැකි බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තු වෙබ් අඩවිය පවසයි.

  • ජෛව විද්‍යාත්මක දෙමාපියන් (biological parents)
  • හදා වඩා ගත් දෙමාපියන් ඇතුළුව නීත්‍යනුකුල දෙමාපියන් legal (including adoptive) parents
  • සුළු දෙමාපියන් (step-parents)
  • සහකරු හෝ සහකාරියගේ දෙමාපියන් (parents in-law)

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


අයදුම් කිරීම

ඔස්ට්‍රේලියානු පුරවැසියන්ගේ සහ ස්ථිර පදිංචිකරුවන්ගේ දෙමාපියන්ට නොවැම්බර් 01 සිට ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර ලබා ගැනීම සඳහා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ Travel Exemption Portal එක හරහා හැකිය.

එහිදී දෙමාපිය - දූ දරු සම්බන්ධය සනාථ කළ හැකි බවට වන සාක්ෂි ඉදිරිපත් කළ යුතුවේ.

එමෙන්ම අදාළ දෙමාපියන්ට වලංගු ගුවන් ගමන් බලපත්‍රයක්, වලංගු ඔස්ට්‍රේලියානු වීසා බලපත්‍රයක් සහ පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලබාගත් බවට වූ සාක්ෂි ද තිබිය යුතුවේ.

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සියලුම ජාත්‍යන්තර සංචාරකයින් ඒ ඒ ප්‍රාන්ත හා ටෙරිටරිවල ක්‍රියාත්මක නිරෝධායන නීතිවලට යටත් වේ.


3 min read

Published

Updated

By Emma Brancatisano, Madhura Seneviratne

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now