ශ්‍රී ලාංකික අවන්හල් දෙකක් සහ Shopping Centres තුනක් වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා ආසාදිතයින් ආ ගිය ස්ථාන ලැයිස්තුවට ඇතුලත් වේ

COVID disaster payments for individuals and businesses affected by lockdown.

Victoria'da belli kurallar dahilinde tam kapanma sona erdi. Source: Getty Images

වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා ආසාදිතයින් ආ ගිය ස්ථාන ලැයිස්තුවට මේ වන විට ශ්‍රී ලාංකේය අවන්හල් දෙකක් සහ මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ සුප්‍රසිද්ධ සාප්පු සංකීර්ණ තුනක් ඇතුළත් වේ.

Cranbourne හි පිහිටි "ගැමි රස" ශ්‍රී ලාංකේය අවන්හල සහ Noble Park හි පිහිටි "New Lanka" අවන්හල මෙලෙස වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා ආසාදිතයින් ආ ගිය ස්ථාන ලැයිස්තුවට ඊයේ රාත්‍රියේදී (30 May) ඇතුළත් කර ඇත.

ඒ අනුව Cranbourne හි පිහිටි "ගැමි රස" ශ්‍රී ලාංකේය අවන්හලට 2021 මැයි 21 පස්වරු 6 ත් රාත්‍රී 7.50 ත් අතර ගොස් ඇති පිරිස් සිටීනම් ඔවුන් වහාම කොරෝනා පරීක්ෂාවන් සිදුකර ඍණාත්මක ප්‍රතිඵලයක් පැමිණෙන තෙක් ස්වයං නිරෝධායනය විය යුතු බව වික්ටෝරියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව දන්වයි.

එමෙන්ම Noble Park හි පිහිටි "New Lanka" අවන්හලට 2021 මැයි 22 පෙරවරු 10.05 ත් 10.45 ත් අතර ගොස් ඇති පිරිස් සිටීනම් ඔවුන් වහාම කොරෝනා පරීක්ෂාවන් සිදුකර ඍණාත්මක ප්‍රතිඵලයක් පැමිණෙන තෙක් ස්වයං නිරෝධායනය විය යුතුය.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


 

මීට අමතරව මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ සුප්‍රසිද්ධ සාප්පු සංකීර්ණ තුනක් වන Chadstone Shopping Centre, Northland Shopping Centre සහ Highpoint Shopping Centre යන සාප්පු සංකීර්ණ තුනද වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා ආසාදිතයින් ආ ගිය ස්ථාන ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.

වික්ටෝරියානු ප්‍රාන්තයේ මෙතෙක් වාර්තා වූ සියලුම කොරෝනා ආසාදිතයින් ආ ගිය ස්ථාන ලැයිස්තුව මෙතැනින් ලබාගත හැකිය.


Share

1 min read

Published

Updated

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now