ඕස්ට්‍රේලියානු නව උපාධිධාරීන්ට වසර 30කට පසු දරුණුතම රැකියා වෙළඳපොලකට මුහුණදීමට වන ළකුණු (SBS සිංහල/ වාර්තා)

Graduates

Source: Pixabay

1990 වසරින් පසු ඔස්ට්‍රේලියාවට මේ වන විට බලපෑ ඇති ආර්ථික අවපාතයත් සමග ඔස්ට්‍රේලියාව තුල නව උපාධිධාරීන් 130,00 කට පමණ දරුණුතම රැකියා වෙලන්දපොලකට මුහුණදීමට සිදු විය හැකි බවට අනාවරණය වී තිබේ.

  


 SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීව සහ පසුව online අහන්න -www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


මේ වන විට විශ්ව විද්‍යාල සිසුන් දහස් ගණනක් සිය අවසන් විභාග සඳහා සුදානම් වෙමින් සිටින නමුත් පසුගිය වසරට සාපේක්ෂව ඔස්ට්‍රේලියාව තුල රැකියා දැන්වීම් සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බව SEEK ආයතන දත්ත පෙන්වා දේ.

 

මේ අනුව 

 

ගිණුම්කරණ රැකියා දැන්වීම් (Accounting job ads)   %44 න් 

නෛතික රැකියා දැන්වීම් (legal jobs ads)                   %43 න්

තොරතුරු තාක්ෂණ රැකියා දැන්වීම් (IT job ads )     %38 න්

විකුණුම් රැකියා දැන්වීම් (sales job ads)                    %30 න්

 

න්  පහත වැටී තිබේ 

People at the office waiting for a job interview
Group of people sitting at the office waiting for a job interview - business concepts Source: E+

Deloitte Access Economics සමාගම සිදු කල නවතම සමීක්ෂණයකට අනුව හෙළිව ඇත්තේ 2024 වසර දක්වා ඕස්ට්‍රේලියාවේ රැකියා වියුක්තිය ඉහල මට්ටමක පවතින බවයි.

මේ අනුව 

 

2021- 22 වසර වලදී ඕස්ට්‍රේලියාවේ රැකියා වියුක්තිය %8.3 දක්වා ඉහල ගොස් ක්‍රමයෙන් 

2022- 23 වසර වලදී %7.6 දක්වා 

2023- 24 වසර වලදී %6.8 දක්වා 

2024- 25 වසර වලදී %6.2 දක්වා 

 

පහත වැටෙන බව අපේක්ෂා කෙරේ. 

 

ප්‍රධාන ආර්ථික විද්‍යාඥයකු වන Chris Richardson සඳහන් කරන්නේ මෙම කාලසීමාව ඕස්ට්‍රේලියාවේ නව උපාධිධාරීන් සහ පාසල් හැර යන්නන්  සඳහා දැඩි අභියෝගාත්මක කාලසීමාවක් වන බවයි.

 

ඕස්ට්‍රේලියානු අධ්‍යාපන දෙපර්තමෙන්තු දත්ත පෙන්වා දෙන ආකාරයට, ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල මගින් උපාධි ලබාගන්න සිසුන්ගේ සංක්‍යාව 2015 වසරේ 133,600 සිට 2019 වසරේ 139,000 දක්වා ඉහල ගොස් තිබේ. 2020  වසරේදීත් ඕස්ට්‍රේලියාව තුල නව උපාධිධාරීන් 130,000ක් පමණ බලාපොරොත්තු වන බවද ඕස්ට්‍රේලියානු අධ්‍යාපන දෙපර්තමෙන්තුව පවසයි.

 

ආර්ථික පසුබෑමක් සහිත කාලසීමාවකදී ශ්‍රම බලකායට එක් වීමේ සෘණාත්මක බලපෑම පිළිබඳව, ඇමරිකාව සහ යුරෝපය පුලුල් ලෙස අධ්‍යයනය කර ඇති නමුත් ඕස්ට්‍රේලියාව තුළ පර්යේෂණාත්මක අවධානයක් යොමු කර නොමැත.

Uni Library
Source: Pixabay

උද්ගතව ඇති තත්වය මත, මෙම කාලසීමාව තුල ඕස්ට්‍රේලියානු රැකියා වෙළඳපොළට ඇතුලුවන නව උපාධිධාරීන් සිය පළමු වසර 5 ක කාලය තුල ලබන අදායම සාමාන්‍ය කාලයකදී පුද්ගලයකු ලබන අදායමට වඩා %30 න් පමණ අඩු වන බව University of Melbourne හි ආර්ථික විශේෂඥ මහාචාර්ය Jeff Borland පෙන්වා දේ.

 

කෙසේ නමුත් COVID-19 වෛරසය තවමත් ලොව තුල පැවතීම හේතුවෙන් මේ සම්බන්ධයෙන් නිසි විනිශ්චයක් ලබාගැනීම සඳහා තවමත් කල් වැඩි බවද මහාචාර්ය Jeff Borland පවසයි.

 

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ආර්ථික විශේෂඥයකු සහ Australia Institute's Centre for Future Workහි අධ්‍යක්ෂක  Jim Stanford සඳහන් කරන්නේ ඕස්ට්‍රේලියාව තුල උද්ගතව ඇති ආර්ථික අවපාතය හේතුවෙන් ඇතැම් නව උපාධිධාරීන් තම රැකියා ගමන් මගෙහි ස්ථිර පසුබෑමකට පවා පත් විය හැකි බවයි.

 

University of Sydney හි Students' Representative Council ප්‍රධානී Liam Donohoe අවධාරණය කරන්නේ, මෙම වසරේ උපාධි ලබාගැනීමට සැරසෙන සිසුන් තුල දැඩි අවිනිශ්චිත බවක් සහ බියක් පවතින බවයි. ඔවුන් බලාපොරොත්තු වූ රැකියා ක්ෂේස්ත්‍ර තුල පුරප්පාඩු ඉතා අඩු හෝ නොමැති අතර රැකියා තරඟය යථාර්තවාදී නොමැති තරමටම දරුණු වී ඇති බවද ඔහු පවසයි.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA

නැතිනම් රූපවාහිනියේ channel 38


පසුගිය වසරේ 5.5ක් වූ entry-level රැකියා සඳහා පැවති ඉල්ලුම මේ වන විට 7.8 දක්වා ඉහල ගොස් ඇති බව Anglicare Australia's Jobs Availability Snapshot වාර්තා පෙන්වා දෙයි.

 

කොරෝනා වෛරසය මගින් ඔස්ට්‍රේලියාව තුල ඇති කරන ලද ආර්ථික අවපාතයේ බලපෑම තරුණ පිරිසගේ වෘත්තීන් කෙරෙහි මෙවර අයවැයෙන් ප්‍රධාන අවධානයක් යොමු කල අතර නව රැකියා පුරප්පාඩු සඳහා ඉගෙනුම ලබන හෝ රැකියා විරහිත තරුණ පිරිස බඳවාගන්නා සේවා යෝජකයින් සඳහා රජයෙන් $10,400 ක දීමනාවක් ලබා දීමටද කටයුතු යොදා තිබේ.

SBS News
Source: SBS News


4 min read

Published

By Nipuna Dodangoda



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now