University of Queensland මගින් අත්හදා බැලෙන කොරෝනා එන්නත එහි මූලික අදියරේ පරීක්ෂණ වලින් සාර්ථක ප්‍රතිපල පෙන්වා ඇති අතර එම එන්නත 2021 වසරේ අග භාගය වන විට ලබා දීමට හැකි වෙතැයි විශ්වාස කරන බව ඕස්ට්‍රේලියානු සෞක්‍ය අමාත්‍ය Greg Hunt පවසයි.
බ්‍රිස්බේන් හි University of Queensland හි විද්‍යාගාර වෙත ගිය සෞක්‍ය අමාත්‍ය Greg Hunt සඳහන් කොට සිටියේ එන්නත සංවර්ධනය කිරීම, නියමිත කාලයට වඩා ඉදිරියෙන් පවතින අතර මූලික අදියරේ පරීක්ෂණ මගින් එය ආරක්ෂිත බවට තහවුරු වී ඇති බවයි.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීව සහ පසුව online අහන්න -www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
මෙම එන්නතෙහි පවතින ධනාත්මක anti-body response තත්වය, වැඩිහිටි පිරිස කොරෝනා වෛරසයෙන් ආරක්ෂා කිරීමට හේතු වන අතර මෙය ලොව පුරා සිටින කොරෝනා වෛරසයෙන් පීඩා විදින වැඩිහිටියන් හට වැදගත් ප්‍රතිපලයක් වන බවද සෞක්‍ය අමාත්‍යවරයා සඳහන් කොට තිබේ. එමෙන්ම ඔහු පර්යේෂකයින් හට ස්තුතිය පළකරමින් කියා සිටින්නේ ඕස්ට්‍රේලියානු වෛද්‍ය පර්යේෂකයින් සැබෑ ලෙසම වීරයන් වන බවයි.
මෙම එන්නත වික්ටෝරියා ප්‍රාන්තයේ CSL ජීව විද්‍යා මධ්‍යස්ථානයේ නිෂ්පාදනය කිරීමට නියමිතයි. මෙම වසර අවසන් වීමට පෙර එන්නෙතෙහි තුන්වන අදියරේ සායනික අත්හදා බැලීම් ආරම්භ කිරීම සඳහා නියාමන අනුමැතිය ලබාගැනීමට CSL ජීව විද්‍යා මධ්‍යස්ථානය කටයුතු කරන බවද සෞක්‍ය අමාත්‍ය Greg Hunt සඳහන් කොට තිබේ.

මෙම එන්නත V451 ලෙස හැඳින්වෙන අතර මේ වනවිටත් එන්නතෙහි මාත්‍රා මිලියන 51ක් ලබාගැනීම සඳහා රජය ගිවිසුම් අත්සන් කොට තිබේ. කොරෝනා වෛරසයට එරෙහිව වන එන්නත් අත්හදාබලන සමාගම් 4ක් සමග මේ වනවිට ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය කටයුතු කරමින් සිටී.
"ABC Radio Brisbane" වෙත අදහස් දක්වමින් සෞක්‍ය අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කොට ඇත්තේ තෝරාගත් ඕස්ට්‍රේලියානුවන් හට ලබන වසරේ මාර්තු මාසය වන විට Pfizer එන්නත ලබාගත හැකි බවයි.
සිය එන්නත සඳහා මෑතකදී සිදුකල අවසන් සායනික අත්හදා බැලීම් වලදී සියයට 90 ක ඵලදායිතා අනුපාතයක් පෙන්වූ බව Pfizer සමාගම පැවසූ අතර ඕස්ට්‍රේලියානු සෞක්‍ය අමාත්‍ය Greg Hunt සඳහන් කොට සිටියේ මෙම එන්නත ලබන වසරේ මාර්තු මසදී සෞඛ්‍ය සේවකයින්ට සහ වැඩිහිටියන් හට ප්‍රථමයෙන්ම ලබාදීමට නියමිත බවයි.

මෙය ඕස්ට්‍රේලියානුවන්ගේ බලාපොරොත්තුව සහ ප්‍රගතිය සඳහා හොඳ ලකුණක් වන අතර කොරෝනා වෛරසය පැවතියද ඒ හා සමග සාමාන්‍ය ලෙස ජීවත් වීම සඳහා ඕස්ට්‍රේලියානුවන්ට මාර්ගයක් සලසා දීම රජයේ අපේක්ෂාව වන බව සෞක්‍ය අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
මේ වනවිට Pfizer එන්නත් මාත්‍රා මිලියන 10ක්, Oxford/AstraZenca එන්නත් මාත්‍රා මිලියන 33ක් සහ Novavax එන්නත් මාත්‍රා මිලියන 40ක් සඳහා ඕස්ට්‍රේලියානු රජය ගිවිසුම් අත්සන් කොට ඇති අතර මෙම එන්නත් 2021 වසරේදී ලබාදීමට නියමිතයි.
ඕස්ට්‍රේලියානු සෞක්‍ය අමාත්‍යවරයා අවසන් වශයෙන් අවධාරණය කොට ඇත්තේ කොරෝනා එන්නත ලබා ගැනීමට අපේක්ෂා කරන සියලුම ඕස්ට්‍රේලියානුවන් හට 2021 වසර අවසන් වන විට එන්නත ලබා දීම සහතික කිරීම ඕස්ට්‍රේලියානු රජයේ ඉලක්කය වන බවයි.
** ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න SBS සිංහල සේවයේ Facebook පිටුවට www.facebook.com/sbssinhala


