ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර ශිෂ්‍යයින්ට අසීමිතව රැකියා කිරීමට ලබාදී ඇති අවසරය ලබන වසරේ ජුනි 30 න් අවසන්

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර ශිෂ්‍යයින්ට දෙසතියකට පැය 40 කට වඩා රැකියා කිරීම සඳහා මේ වන විට ලබා දී ඇති අවසරය 2023 ජුනි 30 වනදායින් අවසන් වන බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Students walking at a university

Unrestricted work rights for Australian student visa holders to end on 30 June 2023 Source: Getty / Getty Images/Peter Cade

Key Points
  • ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර ශිෂ්‍යයින්ට දෙසතියකට පැය 40 කට වඩා රැකියා කිරීම සඳහා මේ වන විට ලබා දී ඇති අවසරය 2023 ජුනි 30 වනදායින් අවසන් වේ.
  • වර්තමානයේ ඔස්ට්‍රේලියාවේ පවතින ශ්‍රම හිඟය පියවාගැනීම වෙනුවෙන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ජාත්‍යන්තර සිසුන්ගේ රැකියා කරන පැය ගණනේ සීමාව ඉවත් කළේය.
  • 2023 ජුනි 30 වනදායින් පසු ශිෂ්‍ය වීසා බලපත්‍රලාභියෙකුට රැකියා කිරීමට අවසර දෙනු ලබන පැය ගණන නැවත දෙසතියකට පැය 40 ක් දක්වා සීමා කෙරේ.
ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර ශිෂ්‍යයින්ට දෙසතියකට පැය 40 කට වඩා රැකියා කිරීම සඳහා මේ වන විට ලබා දී ඇති අවසරය 2023 ජුනි 30 වනදායින් අවසන් වන බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

වර්තමානයේ ඔස්ට්‍රේලියාවේ පවතින ශ්‍රම හිඟය පියවාගැනීම වෙනුවෙන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ජාත්‍යන්තර සිසුන්ගේ රැකියා කරන පැය ගණනේ සීමාව ඉවත් කළේය.

මේ අනුව 2023 ජූනි 30 වන දින දක්වා, දැනට ඔස්ට්‍රේලියාවේ සිටින සියලුම ජාත්‍යන්තර සිසුන්ට මෙන්ම පැමිණෙන නව සිසුන්ට සහ ඔවුන්ගේ ද්විතියික අයදුම්කරුවන්ට ඔස්ට්‍රේලියාවේ ඕනෑම අංශයක දෙසතියකට පැය 40කට වඩා රැකියා කිරීමට සහ ඔවුන්ගේ අධ්‍යයන පාඨමාලාව ආරම්භ කිරීමට පෙර රැකියා කිරීමට අවසර ලබාදී තිබේ.

2023 ජුනි 30 වනදායින් පසු ශිෂ්‍ය වීසා බලපත්‍රලාභියෙකුට රැකියා කිරීමට අවසර දෙනු ලබන පැය ගණන නැවත දෙසතියකට පැය 40 ක් දක්වා සීමා කෙරේ.

රැකියා අයිතීන් ඇතුළුව වීසා කොන්දේසිවල යම් වෙනසක් සිදුවී දැයි පිළිබඳව සිසුන් දැනුවත් විය යුතු බවද ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

International students call for end to 'transport discrimination'
Source: AAP

ජාත්‍යන්තර සිසුන්ගේ අවධානයට

තමන්ට රැකියා කළ හැකි පැය ගණනෙහි නම්‍යශීලී බවක් තිබුණද තමන්ගේ අධ්‍යාපන කටයුතු සහ රැකියා කටයුතු සමබරව කරගෙන යා යුතු බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

ඒ අනුව ජාත්‍යන්තර සිසුන් තවමත් පහත විධිවිධානවලට අනුකුල විය යුතු බව ඔවුහු පවසති.

  • ලියාපදිංචි වූ පාඨමාලාවේ අධ්‍යන කටයුතු නොකඩවා කරගෙන යාම
  • අධ්‍යන කටයුතු සඳහා පැමිණීම සතුටුදායක මට්ටමක පවත්වාගෙන යාම
  • සතුටුදායක මට්ටමක පාඨමාලා අධ්‍යනයේ ප්‍රගතියක් සහතික කිරීම

ශිෂ්‍ය වීසා බලපත්‍රලාභීන් තම ලියාපදිංචිය අවලංගු කර අධ්‍යන කටයුතුවලට පැමිණීම නවත්වන හෝ සතුටුදායක මට්ටමක පාඨමාලා ප්‍රගතිය සපුරාලීමට අපොහොසත් වන විට, ඔවුන් වීසා කොන්දේසි කඩ කළා යයි සලකන බවද ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————

සේවා යෝජකයින්ගේ අවධානයට

සේවා යෝජකයන් ඔස්ට්‍රේලියානු සේවා ස්ථාන නීතිය නොකඩවා අනුගමනය කළ යුතු බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

ජාත්‍යන්තර සිසුන් ඇතුළු විදේශගත ශ්‍රමිකයින්ට ඔස්ට්‍රේලියානු සේවා ස්ථාන නීතිය යටතේ අනෙකුත් සියලුම සේවකයින්ට හිමි සමාන අයිතිවාසිකම් ඇත.


ඒ අනුව 2023 ජුනි 30 වනදා දක්වා ඕනෑම සේවා ස්ථානයක ජාත්‍යන්තර සිසුන් දෙසතියකට පැය 40 ට වඩා රැකියා කිරීමට මධ්‍යම රජය අවසර ලබා දී ඇති බවත් ඒ හරහා ඔවුන්ගේ වීසා කොන්දේසි කඩ නොවන බවත් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව සේවා යෝජකයින්ට දන්වයි.



Share

Published

By Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service