බටහිර ඔස්ට්‍රේලියාවේ පූර්ණ කාලීනව අධ්‍යාපනය ලබන ජාත්‍යන්තර සිසුන්ට $1,500 ක දීමනාවක්, වැඩි විස්තර මෙන්න

ජාත්‍යන්තර ශිෂ්‍ය නවාතැන් සහනාධාරය යටතේ ඔවුන්ගේ නවාතැන් වියදම් පියවා ගැනීම සඳහා මෙම දීමනාව පිරිනමන බව බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජය නිවේදනය කර ඇත.

International students

Source: Getty / Getty Images

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ පූර්ණ කාලීනව අධ්‍යාපනය ලබන ජාත්‍යන්තර සිසුන් සඳහා $1,500 ක එකවරක් පමණක් ගෙවනු ලබන දීමනාවක් ලබා දීමට බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජය පියවර ගෙන තිබේ.

ජාත්‍යන්තර ශිෂ්‍ය නවාතැන් සහනාධාරය යටතේ ඔවුන්ගේ නවාතැන් වියදම් පියවා ගැනීම සඳහා මෙම දීමනාව පිරිනමන බව බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජය නිවේදනය කර ඇත.

මෙම අරදීමනාව වසර 2022 දෙවැනි අධ්‍යයන වාරයේ (Semester 2) සුදුසුකම් ලත් පළමු ජාත්‍යන්තර සිසුන් 2,500 සඳහා ලබා දෙනු ඇත.

මේ සඳහා අයදුම්පත් යොමු කිරීම 2022 සැප්තැම්බර් 14 දින විවෘත කෙරුණු අතර 2022 ඔක්තෝබර් 26 වන දින බටහිර ඔස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 ට අවසන් කෙරේ.

කෙසේනමුත් මෙම වැඩසටහනට අදාළ අරමුදල් ඊට පෙර අවසන් වුවහොත් එදින මෙය අවසන් වන බවද බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජය නිවේදනය කළේය.

මේ සඳහා සුදුසුකම් ලත් අයදුම්කරුවන්ට පමණක් මෙම දීමනාව ගෙවනු ලබන අතර අතිරේක නිර්ණායක ද සලකා බලන බව සඳහන්.

International Students
Source: Getty / Getty Images

මේ සඳහා සුදුසුකම් ලැබූවන්

මෙම නවාතැන් දීමනාව ලබා ගැනීම සඳහා සුදුසුකම් ලැබීමට ජාත්‍යන්තර ශිෂ්‍යයෙකු පහත අවශ්‍යතා සපුරා ලිය යුතුය:

  • බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ලියා පදිංචි වූ ජාත්‍යන්තර ශිෂ්‍යයෙකු විය යුතුය.
  • 2022 ජූලි 01 සිට බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය තුළ(onshore) විශ්ව විද්‍යාලයක හෝ වෙනත් පිළිගත් අධ්‍යාපන ආයතනයක පාඨ මාලා හැදෑරීම ආරම්භ කර තිබිය යුතුය.
  • 2022 දෙවැනි අධ්‍යයන වාරයේ පූර්ණ කාලීනව අධ්‍යාපනය ලබන අතර, බඳවා ගත් පාඨමාලාව අවම වශයෙන් වසරක් (අධ්‍යයන වාර දෙකක්) සඳහා ක්‍රියාත්මක විය යුතුය.
  • අයදුම් කරන දින වනවිට අධ්‍යයන කටයුතු ආරම්භ කර තිබිය යුතුය.
  • 2021 වසරේ කිසිම අවස්ථාවක බටහිර ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබා නොමැති නමුත් 2022 දෙවැනි අධ්‍යයන වාරයේ පෞද්ගලිකව තම අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට හෝ නැවත ආරම්භ කිරීමට බටහිර ඔස්ට්‍රේලියාවට ඇතුළු වී තිබීම.
  • 2022 පළමු අධ්‍යයන වාරය තුළ කිසිම අවස්ථාවක බටහිර ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබා නොමැති වීම.

ප්‍රාථමික හෝ ද්විතීයික පාසලකට ඇතුළත් වූ සහ වයස අවුරුදු 16 ට අඩු ජාත්‍යන්තර සිසුන් වෙනුවෙන් භාරකරුවෙකුට අයදුම් කළ හැකිය. එම දීමනාව අනුමත වුවහොත් අදාළ භාරකරුවාගේ ඔස්ට්‍රේලියානු බැංකු ගිණුමකට මුදල් බැර කරනු ලැබේ.

සුදුසුකම් නොලබන්නේ කවුද?

පහත සඳහන් ජාත්‍යන්තර සිසුන් මේ සඳහා සුදුසුකම් නොලබන බව බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජය දන්වා සිටී.

  • 2022 පළමු අධ්‍යයන වාරයේ ජාත්‍යන්තර ශිෂ්‍ය නවාතැන් සහනාධාරය සාර්ථකව ලබාගත් සිසුන්.
  • අර්ධ කාලීනව අධ්‍යාපනය ලබන සිසුන්.
  • වසරක් හෝ අධ්‍යයන වාර දෙකකට වඩා කෙටි පාඨමාලා හදාරන සිසුන්.
  • 2021 හෝ 2022 පළමු අධ්‍යයන වාරය තුළ ඕනෑම වේලාවක බටහිර ඕස්ට්‍රේලියාවේ ඉගෙනුම ලැබූ සිසුන්.
  • තවමත් විදේශගතව සිටින සහ අයදුම් කරන අවස්ථාවේ බටහිර ඔස්ට්‍රේලියාවට නොපැමිණි සිසුන්.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

අයදුම් කරන්නේ කෙසේද?

මේ සඳහා online මාර්ගයෙන් අයදුම් කළ යතු බව බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජය දන්වයි.

ඒ සඳහා මෙම වෙබ් යොමුව භාවිත කළ හැකිය.


3 min read

Published

By Madhura Seneviratne

Source: SBS



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now